Home Games EA සමාගම Black Panther ක්‍රීඩාව නවතා දමයි.
GamesTech News

EA සමාගම Black Panther ක්‍රීඩාව නවතා දමයි.

Share
black-panther
Share

Electronic Arts (EA) සමාගම 2025 මැයි මාසයේදී එහි Black Panther වීඩියෝ ක්‍රීඩා ව්‍යාපෘතිය නිල වශයෙන් නවතා දැමීය. ඒත් එක්කම, මෙම ව්‍යාපෘතිය සඳහාම ආරම්භ කළ Cliffhanger Games නම් ක්‍රීඩා සංවර්ධන ආයතනයද වසා දැමිනි. මේ නිසා Marvel රසිකයන්ට හා ක්‍රීඩා ප්‍රජාවට අවාසනාත්මක අවස්තාවකට මුහුණ දීමට සිදුවී ඇත.

කතාවක් ඇරඹෙන්නට පෙරම අවසන් විය

2023 ජූලි මාසයේදී නිවේදනය කළ Black Panther ක්‍රීඩාව, Wakanda රාජධානියේ සිදුවන විවෘත ලෝකයක්(Open world) තුළ, තනි-ක්‍රීඩක (Single-player) පදනමකින් ක්‍රියාත්මක වන ගමනක් ලෙස සැලසුම් කර තිබුණි. Middle-earth: Shadow of Mordor සඳහා ජනප්‍රියත්වයට පත් කළ Kevin Stephens විසින් මෙහෙයවූ Cliffhanger Games ආයතනය විසින් මෙම ව්‍යාපෘතිය සිදු කිරීමට සැලසුම් කර තිබුනි.

මෙම ව්‍යාපෘතිය ගැන මුල සිටම Marvel රසිකයින් හා ක්‍රීඩා විශ්ලේෂකයින්ගෙන් විශාල උනන්දුවක් ලැබී තිබුණි. Wakanda යන අනාගත තාක්ෂණික ජාතියේ සංස්කෘතිය, දේශපාලන ගැටලු සහ වීරත්වය තුළින් සැලසුම් කළ කතාවක් වූවා මෙය.

EA නවතා දැමූ හේතුව කුමක්ද?

2025 මැයි මාසයේදී EA සමාගම දැක්වූයේ ඔවුන්ගේ “මූලික ක්‍රීඩා මාලාවන්” (core franchises) කෙරෙහි අවධානය යොමු කරමින් සංවිධානමය යළි සැලසුමක් ක්‍රියාත්මක කරන බවයි. ඒ අනුව, FIFA, Madden, Apex Legends, Battlefield වැනි සාර්ථක ක්‍රීඩා මාලාවන් සඳහා වඩාත් සම්පත් යොදන බවත් සඳහන් විය.

මේ වෙනස්කම් අතරතුර Cliffhanger Games ආයතනයද වසා දැමිය. EA සමාගම විසින් නිවේදනය කළේ ඉදිරියට ගමන් කිරීමට වඩාත් සුදුසු ක්‍රියාමාර්ග ලෙස මෙම තීරණය ගත් බවයි.

Marvel ක්‍රීඩා සඳහා විශිෂ්ට අවස්ථාවක් නතර විය

බ්ලැක් පැන්තර් ගේම් එක අවලංගු වීම යනු තවත් ක්‍රීඩාවක් අහිමි වීමක් පමණක් නොවෙයි. එය අහිමි වූ වටිනා අවස්ථාවක්ද වෙයි. අප්‍රිකානු වීරයන් සහ සංස්කෘතික පසුබිම් නියෝජනය කරන ප්‍රධාන වශයෙන් පිළිගත් ගේම් ඉතාමත් අඩු වීම නිසා, මෙම ගේම් එකට තිබුණු හැකියාව, පැරණි මතවාද අභියෝග කිරීමකට සහ ක්‍රීඩකයන්ට නව අත්දැකීමක් ලබාදීමට වූ ඉතාමත් විශේෂිත අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

Marvel සමාගමට වීඩියෝ ගේම් ක්ෂේත්‍රයේ සාර්ථක සහ අසාර්ථක යන අවස්තා දෙකම හමු වී ඇත. Insomniac Games සමාගමේ Spider-Man වැනි ගේම් සම්මාන සහ ප්‍රශංසා ලබද්දී, Marvel’s Avengers වැනි වෙනත් ගේම්, live-service ක්‍රමය නිසා සාර්ථක නොවුණි.

නමුත් Black Panther ගේම් එක develop වුණේ සම්පූර්ණයෙන්ම single-player අත්දැකීමක් ලෙසය. එය බොහෝමයක් පිරිසකට, නිරතුරු කතා ආශ්‍රිතව ඇති වූ, ගැඹුරු, තීව්‍ර වූ මූලික ගේම් අත්දැකීම් නැවත ලබා දීමට හැකියාවක් ලෙස පෙනුණි.

ඊළඟට සිදුවන දේ කුමක්ද?

EA හි Motive Studios දැන් Iron Man ක්‍රීඩාවක් සංවර්ධනය කරමින් සිටී. එසේම Uncharted හි නිර්මාතෘ Amy Hennig විසින් මෙහෙයවනු ලබන Skydance New Media ආයතනය, Marvel 1943: Rise of Hydra නම් ක්‍රීඩාවක් සංවර්ධනය කරමින් සිටී. මෙය Captain America සහ Black Panther යන චරිත දෙකම අඩංගු කර 2026දී නිකුත් වීමට නියමිතය.

Share
Written by
Malaka Madhubhashana

Software development student

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...