Home Tech News අවුරුදු 1000 ක් Data රකින M-Disc තාක්ෂණය
Tech News

අවුරුදු 1000 ක් Data රකින M-Disc තාක්ෂණය

Share
Share

තාක්ෂණය එන්න එන්නම අපේ ජීවිතයෙ සාමාන්‍ය අංගයක් බවට පත්වෙලා කියන එක හැම කෙනෙකුටම පිළිගන්න වෙන දෙයක්. අපේ අතේ රැදෙන Smart phones, computers වලින් පටන් ගත්තම මේ නොයෙක් විදිහට අපි එකතු කරන අපේ පුද්ගලික මතකයන් අන්තිමට අපි තියා ගන්නෙ Hard drives, Cloud storage වගේ තැන්වල.

මේ මතකයන් අතරෙ අපිට ගොඩක් වැදගත් වෙන මතක සටහන් තියෙනව. Wedding photo / video පොඩ්ඩන්ගෙ වැදගත් අවස්තා වගේම official documents වගේ දේවලුත් අපට හැමදාමත් තියාගන්න ඕන වෙන්න පුලුවන්. හැබැයි මේ වගේ වැදගත් මතකයන් ගබඩා කරල තියාගන්න එක ගැන බැරෑරුම් විදිහට හිතන්නෙ ටික දෙනයි.

මෙන්න මේ Digital මතකයන් ජීවිත කාලයටම සහ ඉන් පස්සෙත් තියාගන්න තමයි M-Disc තාක්ෂණය හදුන්වල දීල තියෙන්නෙ. මේ තාක්ෂණයෙදි Disc එකක් ලියන එහෙමත් නැත්නම් Write වෙන විදිහ වෙනස් වෙනව. සාමාන්‍ය DVD එකක් write කරද්දි වෙන්නෙ Laser beam වලට සංවේදී විශේෂ ස්ථරයකට Writer එකේ laser beam එක මගින් දත්ත ගබඩා කිරීමයි. මේ ස්ථරය අධික උෂ්ණත්වය, අධිත තෙතමනය වගේ අවස්ථා වලට ලක්උනාම ඉක්මනින්ම හානිවීම් වලට ලක්වෙනව.

හැබැයි M-Disc එකේදී වෙන්නෙ කාබනික layer එකකට ටිකක් වැඩි ශක්තියකින් යුතු Laser beam එකක් මගින් හානි කිරීම හරහා  Data store කරන එකයි. මේ නිසා සාමාන්‍ය DVD එකකට වඩා M-Disc තක්ෂණයෙන් යුතු DVD එකක ගබඩා කරන දත්ත වල කල්පැවැත්ම වැඩියි.

ඒ නිසා තමයි M-Disc technology එක support කරන Writer එකක් ඕන වෙන්නෙ. හැබැයි මේ විදිහට Write කරපු Disc එකක් දැනට තියෙන ඕනම DVD ROM එකකින් Read කරන්න පුලුවන්.

 

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

3 Comments

Leave a Reply to Sandeepa MataleCancel reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...