Contact Information

WhatsApp Us

Ryzen 3 1300X unboxing එක

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

ලංකාවෙ පළවෙනි Ryzen unboxing එකයි මේ. RYZEN CPU Line up එකේ එන සාමාන්‍ය Processor අතරෙ X කියල සදහන් කරන්නෙ ඒ කාණඩයෙ අනික් CPU වලට වඩා Base සහ Turbo clock එක ටිකක් වැඩි CPU වලට. මේ තියෙන්නෙ RYZEN 3 කාණ්ඩයෙ 1300X CPU එක.

Unboxing Package එක

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting

මේකෙ තියෙන දේවල් වෙන්නෙ

  • AMD RYZEN 1300X CPU එක
  • Wraith Stealth Cooler එක
  • RYZEN Sticker එකක්
  • CPU Leaflet එකක්

Ryzen 1300X CPU එකේ Specification වෙන්නෙ

Cores4
Threads4
Base Clock3.5GHz
Turbo Core Speed3.7GHz
L3 Cache8MB
UnlockedYes
SocketAM4
TDP65W

RYZEN CPU line up එක කොටස් (segment) 3කට වෙන් කරල තියෙනව.

ModelCores / Threads
RYZEN 34/4
RYZEN 54/8 - 6/12
RYZEN 78/16

මෙතනට RYZEN Threadripper දාල නැත්තෙ ඒක වෙනම Socket එකක් සහ මිලෙන් මේ CPU වලට වඩා සෑහෙන වැඩි නිසා.

Cooling Solution

ඉතින් දැනට රු 20,000 කට වගේ ගන්න පුලුවන් මේ Quad core CPU එක Multi core performance අතින් 7th Gen core i5 එකකට සමානයි. ඒ වගේම තමයි AMD RYZEN හැම Chip එකක්ම Overclock කරල එන්නෙ. මේ නිසා ඉතාම අඩු මුදලකට ඔයාලට Gaming වගේම 3D / Video editing වගේ professional වැඩ වලටත් මේ CPU එක කිසිම ගැටලුවක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්.

ගොඩක් දෙනෙක් AMD කිව්වම කියන දෙයක් තමයි “අපෝ ඒ CPU රත් වෙනවනෙ” කියන එක. intel උනත් AMD උනත් CPU එකක් නම් වැඩ කරද්දි රත් වෙනව. හැබැයි 2002 – 2004 කාලයෙ ආපු AMD CPU වල Cooling එච්චර හොදට තිබුනෙ නැහැ. මේ නිසා තමයි මේ රත් වෙන කතාව ගැන තාමත් කට්ටිය කතා කරන්නෙ.

මේ ගැන ඔයාලගෙ අදහස් පහතින් කියන්න.

Share:

2 Comments

  • Chanaka, February 11, 2021 @ 11:47 pm Reply

    ගැලපෙන මදර්බෝඩ් එක මොකක්ද

  • Mohomad Irfan, January 20, 2022 @ 10:21 am Reply

    Aiyya gaming valata mata balala kiyanna Me cpu ekada Hoda natham i5 10400f/10400 mokakkada hoda

Leave a Reply

Your email address will not be published. Required fields are marked *