Home Tech News Starlink ග්‍රාහකයින් මිලියන 4කට ලගා වේ !
Tech News

Starlink ග්‍රාහකයින් මිලියන 4කට ලගා වේ !

Share
blank
Share

SpaceX හි Starlink චන්ද්‍රිකාජාලය මේ සතියේ නව පාරිභෝගික සංධිස්ථානයකට ළගාවනු ඇතැයි අපේක්ෂා කරන බව එම සමාගමේ සභාපති Gwynne Shotwell අගහරුවාදා ටෙක්සාස්හි නීතී සම්පාදකවරුන්ට පැවසීය.”මේ සතියේ Starlink සමාගමේ ගනුදෙනුකරුවන් මිලියන 4 පසුකර යන්නෙමු එය ඉතා ඉතා සිත්ගන්නා සුළුය”යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබේ.තවද මෙහි විශේෂත්වය වන්නේ මැයි මස අග සිට මේ දක්වා පමණක් Starlink හි නව පාරිභෝගිකයින් සංඛ්‍යාව මිලියනක් පමණ වීමයි.

මෙයත් සමග Starlink ආකර්ෂණීය වර්ධන වේගයක් කරා පැමිණ තිබේ.Starlink සිය නිශ්පාදනයේ Beta සේවාව සැපයීම 2020 ඔක්තෝම්බර් මාසයේදී ආරම්භ කළේය.එය 2022 දෙසැම්බර් මාසය වනවිට ග්‍රාහකයින් මිලියනක්ද, 2023 සැප්තැම්බර් වන විට මිලියන 2ක්ද, 2024 මැයි මාසයට වන විට එය මිලියන 3ක් ලෙසද වාර්තා විය.දැනට මෙම සමාගම සතුව චන්ද්‍රික 5000කට ආසන්න ප්‍රමාණයක් තිබෙන අතර රටවල් 100කට අධික ප්‍රමාණයකට සිය සේවාව සපයයි.

කර්මාන්ත පර්යේෂණ සහ උපදේශනක සමාගමක් වන Quilty Space ට අනුව මෙම සේවාව හරහා Starlink සමාගම ඩොලර් බිලියන 6.6ක ආදායමක් උපයාගැනීමට නියමිතය.එමෙන්ම Starlink සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Elon Musk පවසන්නේ මෙම සේවාව ලබාදීමෙන් ලැබෙන ආදායම, නැවත භාවිතයට ගතහැකි දැවැන්ත රොකට්ටුවක් වන Starship සංවර්ධනයට යොදවන බවයි.

Starship Rocket

Share
Written by
Minidu Shashimal Aluthge

Tech Enthusiast Author

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...