Home Tech News Display upgrades එක්ක එන අලුත්ම Huawei Mate 70 RS Ultimate දුරකතනය
Tech News

Display upgrades එක්ක එන අලුත්ම Huawei Mate 70 RS Ultimate දුරකතනය

Share
blank
Share

Huawei සමාගමෙන් නිකුත් කරපු අලුත්ම tri-fold දුරකතනය වන Huawei Mate XT දුරකතනය ගැන විස්තර අපි ඔබට ගෙන ආවා. ඔවුන්ගේ එක් flagship දුරකතන මාදිලි වර්ගයක් තමයි Huawei Mate series කියල කියන්නෙ. පසුගිය වසරෙ ඔවුන් නිකුත් කලා Mate 60 දුරකතන මාදිලිය. මේ වසරෙ ඔවුන් නිකුත් කරන්න සූදානම් වෙනවා Mate 70 දුරකතනය.

ඉතින් මේ නිකුත් වෙන්න නියමිත Mate 70 දුරකතනයෙ තවත් සුවිශේෂී ලෙස නිර්මානය කල දුරකතනයකුත් ඔවුන් මෙවර නිකුත් කරන්න සූදානම් වෙනවා. ඒ තමයි Huawei Mate 70 RS Ultimate Design ලෙස නම් කර තිබෙන දුරකතනය. මෙහි විශේෂත්වය වෙන්නෙ වෙනස්ම පෙනුමක් තිබීම සහ ප්‍රධාන display upgrade එකක් සිදුකර තිබීමයි.

මේ දුරකතනයට යොදල තිබෙන display එක සදහා dual-layer OLED technology එක බාවිතා කර තිබෙනවා. මේ තාක්ශනය සහිත ඔවුන්ගේ පලමු උපාංගය පසුගිය මාසයේදී එලිදැක්වූවා. ඒ MatePad Pro 12.2 ටැබ්ලට් උපාංගය. මෙම dual-layer OLED තාක්ශනයෙ තිබෙන විශේෂත්වය තමයි visual effects ඉතාමත් උසස් තත්වයෙන් පෙන්විය හැකිවීම. ඒවගේම එහි anti-reflection පහසුකම තිබෙන නිසා කෙලින්ම ඉර එලිය වැටෙන තැනක ඉදන් උනත් තිරයෙ දැක්වෙන දේවල් පහසුවෙන් බලාගන්න පුලුවන් වෙනවා.

දීප්තිමත් සහ සුපැහැදිලි picture quality එකක් මෙම display එකෙන් ලබාදෙනවා. තවත් මෙම තාක්ශනයෙ තියෙන විශේෂත්වයක් වෙන්නෙ එමගින් දුරකතනයෙ power consumption එක 30% කින් අඩු කරනවා. ඒවගේම මේ තිරය scratch-resistant තිරයක්.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...