Home Tech News Xiaomi ඔවුන්ගේ නවතම Devices එළිදක්වයි
Tech News

Xiaomi ඔවුන්ගේ නවතම Devices එළිදක්වයි

Share
blank
Share

Xiaomi ඔවුන්ගේ නවතම නිෂ්පාදන කිහිපයක් සැප්තැම්බර් 26 දින එලි දැක්විය. Xiaomi 14T සහ Xiaomi 14T Pro දුරකථන , Xiaomi Buds 5 , Xiaomi Robot Vacuum X20 Max , Xiaomi TV Max 100 යන නිෂ්පාදන කීපයක් Xiaomi සමාගම විසින් එලිදක්වන ලදී.

Xiaomi ලාගේ මෙම අලුත්ම Xiaomi 14T දුරකථනය පැමිණෙන්නේ MediaTek Dimensity 8300 Ultra (4nm) Processor එකක් සමගිනි. අගල් 6.67 ක AMOLED, 144Hz තිරයකින් සමන්විත වන මෙම දුරකථනය බලගැන්වෙන්නේ 5500 mAh ක බැටරියකිනි. මෙම දුරකථනයේ ඇති HyperOS මෘදුකාංගය Android 14 සමගින් බලගැන්වේ. තවද 5G පහසුකම, Wi-Fi 6E, Bluetooth 5.4 , 50W wireless charging පහසුකම හා  IP68 dust/water resistant වැනි බොහෝ පහසුකම් මෙම දුරකථනයට Xiaomi සමාගම අන්තර්ගත කර ඇත.

Xiaomi ලාගේ Pro Users ලා සදහා නිකුත් කරන ලද අලුත්ම Xiaomi 14T Pro දුරකථනය පැමිණෙන්නේ MediaTek Dimensity 9300+ (4nm) Processor එකක් සමගිනි. මෙහි ද අගල් 6.67 ක AMOLED, 144Hz තිරයකින් සමන්විත වන අතර, නමුත් මෙම දුරකථනයේ අපිට දකින්න ලැබෙන්නේ 5000 mAh ක බැටරියකි. මෙයට හේතුව වන්නේ සාපේක්ෂව අඩු බලයකින් වැඩි කාර්යක් සිදු කල හැකි සැකසුමක් මෙහි අන්තර්ගත වීම සහ Xiaomi 14T දුරකථනයට සාපේක්ෂව මෙම දුරකථනය වැඩි වේගයෙන් ආරෝපණය කල හැකි වීමයි . මෙම දුරකථනයේ ද HyperOS මෘදුකාංගය , Android 14 සමගින් දක්නට ලැබෙන අතර 5G පහසුකම, අළුත්ම Wi-Fi 7, Bluetooth 5.4 , 50W wireless charging පහසුකම හා  IP68 dust/water resistant වැනි බොහෝ පහසුකම් මෙම දුරකථනයට Xiaomi ලා අන්තර්ගත කරන්න අමතක කරලා නෑ.

ඉන්පසූව Xiaomi හි නවතම Xiaomi Buds 5 ඇතුළුව නිෂ්පාදන පෙළක් එලි දැක්වූ අතර, Xiaomi Buds 5 හි superior sound quality ය සමගින් active noise cancellation පහසුකම ද දක්නට ලැබේ.එහිදී එලි දැක්වූ Xiaomi Robot Vacuum X20 Max යනු කාර්යක්ෂම නිවාස පිරිසිදු කිරීම සඳහා වූ සුහුරු උපකරණයක්(Smart Device) වන අතර මීට අමතරව, ඔවුන්ගේ Xiaomi TV Max අඟල් 100 ක 4K Smart රූපවාහිනියක් Quantum Dot තාක්ෂණය සහ Dolby Vision තාක්ෂණය සමඟ එදින එලිදක්වන ලදී. තමන්ගේ පාරිභෝගික අවශ්‍යතා සඳහා , තම පාරිභෝගිකයට උසස් තත්ත්වයේ, අති නවීන තාක්‍ෂණික අත්දැකීමක් සැපයීමට Xiaomi සමාගම සෑම විටම කැපවී උත්සහ කරයි. Xiaomi නිෂ්පාදන ජනතාව අතර ප්‍රසිද්ද වන්නේ ද ගෙවන ගානට උපරිම සාධාරණයක් කරන නිසාවෙනි.

Share
Written by
Nadun nethmalaka herath

I am an ICT student (after A/L) and a small YouTuber. I enjoy video editing and graphic designing. I have some knowledge about modern technology, and I know tips and tricks for laptops, desktops, and mobile phones. I hope to help you with my knowledge.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...