Home Tech News Explained ලොව පළමු augmented reality පරිගණකය Spacetop එළිදක්වයි
ExplainedgadgetsTech News

ලොව පළමු augmented reality පරිගණකය Spacetop එළිදක්වයි

Share
blank
Share

ඊශ්‍රායෙලයේ තාක්ශන සමාගමක් වන සයිෆුල් විසින් ලොව පළමු AR හෙවත් Augmented Reality පරිගණකයක් නිපදවා තිබෙන අතර මෙය Spacetop ලෙසයි නම් කර තිබෙන්නෙ. එළැඹෙන ජූලි මාසයේ පටන් විකුණන මෙම පරිගණකයේ ඩිස්ප්ලේ තිරයක් නැහැ. තිබෙන්නේ සාමාන්‍ය ලැප්ටොප් පරිගණකයක තිබෙන්නාක් වැනි යතුරුපුවරුව, සාමාන්‍ය ටච්පෑඩ් එක සහ AR පළඳනාවක් පමණයි. එම පළඳනාව පැළැඳි විට, අඟල් සියයක වර්චුවල් ස්ක්‍රීනයක් තමා ඉදිරියෙන් මැවෙනව.

මෙම වර්චුවල් ස්ක්‍රීනය ප්‍රක්ෂේපණය කරන කැමරා ඇසක් වැනි ‘ප්‍රොජෙක්ටරය’ යතුරු පුවරුවට ඉදිරියෙන් තිබෙනව. තමා ඉදිරියෙන් මැවෙන මෙම high density හෙවත් ඉතා පැහැදිලිව රූප දැකිය හැකි virtual screen, තවත් කොටස්වලට බෙදා ගෙන වැඩ ගණනාවක් එකවර කරන්න පුලුවන්. සාමාන්‍ය ලැප්ටොප් පරිගණකයක් තරම් වේගවත් මෙම පරිගණකය, ස්පේස්ටොප් (Spacetop) ලෙස නම් කර ඇත්තේ, පරිගණකය තබා ගෙන වැඩ කරන තැනින් ඉහළ අවකාශයට මෙහි තිරය ප්‍රක්ෂේපණය වෙන නිසයි.

මෙය හඳුන්වාදී ඇත්තේ ලොව පළමු Augmented Reality ලැප්ටොප් පරිගණකය ලෙසයි. සැබැවින් නොපවතින වටපිටාවක් පරිගණකගත උපාංග හෝ වෙනත් උපාංග හෝ යොදාගෙන නිර්මාණය කර (simulate) පෙන්වූ විට එම පරිසරය virtual (එනම් නොපවතින) පරිසරයක්. මෙම පරිසරය Augmented Reality ලෙස හඳුන්වනව. සැබෑ පරිසරය පෙනෙන අතරම ඒ මතට ඩිජිටල් වශයෙන් දියුණු කළ යම් යම් යෙඳුම් එක් කර පෙන්වීම AR යෙඳුමක් ලෙස හදුන්වනව. එනම්, ස්වභාවික පරිසරය විනිවිද පෙනෙන සේ විවිධ මෙනු, ඩිස්ප්ලේ යනාදිය පිහිටු වීමයි.

සාමාන්‍ය ලැප්ටොප් පරිගණකයක් භාවිතා කරන විට එහි තිරයේ විශාලත්වය සීමා සහිතවීම නිසා කාර්යක්ෂමව වැඩ කිරීමේ හැකියාව අඩු වෙනව. ඒ වෙනුවෙන් විශාල ඩිස්ප්ලේ තිර හෝ ප්‍රක්ශේපන තිර යොදා ගැනීම කාටත් ප්‍රායෝගිකව කළ හැක්කක් නෙවෙයි. මොකද, ඒවා එකලස් කර තැන තැන ගෙනයාම පහසු නැති නිසා. ඒ අපහසුතා සියල්ල මඟ හරවන්නට ස්පේස්ටොප් පරිගණකය සමත් වෙනව.

වෙනත් Augmented Reality උපාංගවලදී මෙන් මෙහිදී විශාල උපැස් යුවලක් පැළැඳීමට අවශ්‍ය නොවීම විශේෂත්වයක්. පැළැදිය යුත්ත සාමාන්‍ය උපැස් යුවලක් ප්‍රමානයේ තිබෙන්නෙ. ප්‍රමාණයෙන්ද බරින්ද එය විශාල නැත.

ස්පේස්ටොප් පරිගණකයේ ක්‍රියාත්මක වෙන්නේ ඒ වෙනුවෙන්ම සැකසූ මෙහෙයුම් පද්ධතියක් මගින්. Microsoft teams, Google workspace වැනි වැඩසටහන් සියල්ල එහි ක්‍රියාත්මක කරන්න පුලුවන්.

පළමු වටයේදී මෙම පරිගණක 1000ක්, කලින් ඇනවුම් කළ අයට ජුලි මස මුල් සතියේ පටන් ලබාදෙන බව එම සමාගම පවසා තිබෙනව. එකක මිල ඩොලර් 2000ක් වෙනව. මෙම පරිගණකය නිෂ්පාදනය කර ඇත්තේ, ලැප්ටොප් පරිගණක නිෂ්පාදනයට ප්‍රකට තායිවානයේ wistron සමාගමයි. උපැස් යුවල නිෂ්පාදනය කර ඇත්තේ AR උපැස් නිෂ්පාදනයට ලොව ප්‍රකට චීනයේ xreal සමාගමයි. එනිසා ස්පේස්ටොප් පරිගණකය, ජාත්‍යන්තර මට්ටමේ නිෂ්පාදනයක්.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...