Press ESC to close

BATTLEFIELD 6 ළගදීම එන ලකුණු

2021 වසරේ අවසානයේ Battlefield 6 pc සහ console සඳහා නිකුත්කරන බව EA සමාගම නිවේදනය කළේය.එමෙන්ම එය EA DICE,Criterion,DICE Los Angeles සහ EA Gothenburg යන developing studios හතරක එකතුවෙන් නිපදවෙන අතර එය Battlefield game series එකෙහි විශාලතම project එක බව සඳහන් වෙනවා.

                  2002 වසරේ ආරම්භ වුනු Battlefield game series එක first-person shooter game එකක් ලෙස ලොව පුරා අතිශය ජනප්‍රිය වී ඇති අතර මේ වනවිට Battlefield games 11ක් නිකුත්වී තිබෙනවා. Call of Duty මෙන් වසරෙන් වසර games නිකුත් නොකරන බැවින් Battlefield games වල graphic quality සහ gameplay එක පිළිබඳව EA විශේෂ අවධානයක් යොමුකරනවා.මින් පෙර නිකුත්වූ Battlefield I සහ Battlefield V සඳහා පිළිවෙලින් පළමු ලෝක යුද්ධය සහ දෙවන ලෝක යුද්ධය පාදක වී නිර්මාණය වුණ අතර Battlefield VI සඳහා බොහෝ විට අනාගත කාල කතා මාලාවක් පාදක වේ යැයි අපේක්ෂා කරනවා.එමෙන්ම Battlefield V වල ඇතිවු bugs විශාල ප්‍රමාණයක් නිහා එය ක්‍රිඩකයන්ගේ බොහෝ අප්‍රසාදයට පත් වූ අතර Battlefield VI එම අතපසු වීම් වලක්වා ගෙන නිකුත් කරනු ඇතැයි බොහෝ දෙනෙකුගේ මතයයි.

Get Your Site Up with A2 Hosting

                    එමෙන්ම පසුගිය වසර වලදී mobile gaming industry එකද විශාල ජනප්‍රිය වූ බැවින් 2022 වසරේදී Battlefield mobile game එකක්ද නිකුත් කරන බව EA සමාගම මඟින් තහවුරු කරනු ලැබුවා.ඉදිරියේදී නිකුත් වීමට නියමිත APEX LEGEND mobile game එකද EA විසින් නිකුත්කරන අතර Battlefield mobile game එක ඔවුන්ගේ දෙවන ප්‍රධාන mobile game එක වනවා.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Comments (1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *