Home Tech News eBay හරහා හොර බඩු විකිණූ ආච්චි
Tech News

eBay හරහා හොර බඩු විකිණූ ආච්චි

Share
blank
Share

අවුරුදු 19ක් තිස්සේ හොරකම් කල භාණ්ඩ විකිණීම හරහා විශාල මුදලක් ඉපැයූ කාන්තාවක් ගැන ඇමරිකාවෙන් වාර්ථා වෙනව.

ඇමරිකාවේ Texas හි වෙසෙන 63 හැවිරිදි කිම් රිචඩ්සන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනාව වෙනස්ම එකක්. ලොව ප්‍රකට eBay හරහා අවුරුදු 19ක් තිස්සේ හොරකම් කල වෙළද භාන්ඩ විකිණීම හරහා ඇය ඇමරිකානු ඩොලර් මිලියන 3.8ක් උපයා තිබෙන බව දැනගන්නට ලැබෙනව. මෙය ලංකාවේ මුදලින් රුපියල් හැත්තෑ කෝටි දාහතරලක්ශ පහලොස් දහස් හාරසීයක් පමන වෙනව.

2000 අගෝස්තු මාසයේදී ආරම්භ වෙලා තියෙන මේ ක්‍රියාවලිය 2019 දි මෙය නීතියේ රැහැනට අසුවෙනතුරුම වසර 19ක් තිස්සේ කිසිම ගැටළුවක් නැතිව සිදුවෙලා තියෙනව. විවිධ කඩ සාප්පු වලින් නොයෙකුත් උපකරණ භාවිතා කරමින් Security Tokens අක්‍රිය කරමින් ලබාගත් නොයෙකුත් භාණ්ඩ ලොව සුප්‍රකට eBay හරහා විකිණීම හරහා ඇයගේ paypal ගිණුම් 4කට ඇමරිකානු ඩොලර් මිලියන 3.8කට ආසන්න මුදලක් ඇය ලබාගෙන තිබෙනව.

ඇමරිකානු FBI මගින් සිදුකල පරීක්ෂණ තොරතුරු මත 2019 දෙසැම්බරයේදී මෙම කාන්තාව හදුනා ගැනුන අතර ඇයට මාස 54ක් සිර අඩස්සියේ සිටීමට සිදුවන අතර සම්පූර්ණ මුදල ගෙවීමටද සිදුවෙලා.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...