Home Games Sonic Superstars පරිගණක ක්‍රීඩාව
Games

Sonic Superstars පරිගණක ක්‍රීඩාව

Share
blank
Share

ලොව ප්‍රකට කාටූන් චරිතයක් වන සොනික් සහ එම කතා මාලාවේ සිටින අනෙකුත් චරිත පාදක කර ගෙන මෙම සොනික් සුපස්ටාර්ස් පරිගණක ක්‍රීඩාව නිර්මාණය කර තිබෙනවා. සොනික් කාටූන් කතාමාලාවේ මෙන්ම මෙහිදීද සොනික්ගේ ප්‍රතිවාදියා වෙන්නේ, ඩොක්ටර් එග්මන්ය. ඔහු සෑම විටම උත්සාහ කරන්නේ සොනික්ව විනාශ කිරීමටයි. සොනික්ගේ අරමුණ ඩොක්ටර් එග්මන්ගේ විනාශකාරී කටයුතුවලින් ලෝකයා ආරක්ෂා කර ගැනීමයි.

සොනික් සුපස්ටාර්ස් පරිගණක ක්‍රීඩාවේදී ඩොක්ටර් එග්මන් විසින් නෝන්ස්ටාර් නම් දූපතක සිටින සමහර සතුන්ගේ ශක්තිය රැස් කොට රුදුරු හමුදාවක් නිර්මාණය කිරීමට උත්සාහ කරනු ලබනවා. එම හමුදාව යොදා ගෙන දූපත පාලනය කිරීම එග්මන්ගේ අරමුණයි. මේ වැඩ ගැන සොනික්ට ආරංචි වෙනවා. සොනික් සහ ඔහුගේ කණ්ඩායම ඉන්පසුව සැරසෙන්නේ, ඩොක්ටර් එග්මන්ගේ වැඩ සියල්ල කඩාකප්පල් කිරීමටයි. එනිසා දෙපාර්ශවය අතර සටන් ඇවිලෙනවා.

සොනික් සුපස්ටාර්ස් පරිගණක ක්‍රීඩාවේ ප්‍රධාන චරිතය වෙන සොනික් පාලනය කළ යුත්තේ පරිගණක ක්‍රීඩකයා විසින්. සොනික්ගේ කණ්ඩායමේ තවත් තිදෙනෙක් සිටිනව. එනම්, ටේල්ස්, නකල්ස් සහ ඇමීය.ටේල්, සිය වලිගය පංකාවක් සේ ක්‍රියාත්මක කරවා හෙලිකොප්ටරයක් සේ ගුවනින් යන්නට සමත් වෙනවා. නකල්ස්, බිත්ති, තාප්ප වැනි කෙළින් ඇති ගොඩනැගිලි මතුපිටවල ගමන් කිරීමට රුසියෙක්. ඇමී, ඇගේ අතේ තිබෙන මිටියෙන් හරඹ දක්වා සතුරන් මෙල්ල කරනවා. මෙම සියලු දෙනා විටන් විට පාලනය කිරීමට පරිගණක ක්‍රීඩකයාට පුළුවන්.


සොනික් සුපර්ස්ටර්ස් පරිගණක ක්‍රීඩාව අදියර තුනකින් යුක්තයි. ක්‍රීඩාවට පසුබිම් වෙන දූපත කලාප දොළහකින් යුක්තයි. එම සෑම කලාපයකදීම ක්‍රීඩා කළ යුතුයි. මෙම සියලු කලාපවලදී ක්‍රීඩාවේ සෑම අදියරක් යටතේම ක්‍රීඩා කළ හැක.

ක්‍රීඩාව ආරම්භයේ පටන්ම සතුරන්ගෙන් සොනික්ගේ කණ්ඩායමට ප්‍රහාර එල්ලවීම සාමාන්‍ය දෙයක්. එවිට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් ඔවුන් පරාජයට පත් කළ යුතුයි. එසේම සතුරන්ගේ සටන් සැලසුම් සොයා ගෙන ඒවාට ප්‍රති උත්තරදිය යුතුයි. ඊට අමතරව විවිධ ප්‍රහේලිකා විසඳීමට තිබෙනවා. එසේම රන් පැහැති වළලු වර්ගයක් එකතු කළ යුතුයි. සෑම කලාපයකම මෙම වළලු තිබෙනවා. ඒවා 100ක් එකතු කරගත් සොනික්ගේ කණ්ඩායම් සාමාජිකයාට පදක්කමක් ලැබෙනවා. එහෙත් සතුරු ප්‍රහාරයකින් ඒ අයෙක් මිය ගියහොත්, පදක්කම්ද එතෙක් එක් කරගත් වළලුද අහිමි වෙනවා. ඉන්පසුව නැවතත් කලින් විදියටම ඒවා රැස් කළ යුතු වෙනවා.

සොනික් සුපස්ටාර්ස් පරිගණක ක්‍රීඩාව, ද්විමාන ග්‍රැෆික් නිර්මාණ සහිත සජීවීකරණ ඇසුරෙන් නිමවා තිබෙනවා. එය කාටූන් චිත්‍රපටවල තිබෙන්නාක් සේමය. චරිත වේගයෙන් ක්‍රියාත්මක වෙනවා. කතා නාද නැතත් පසුබිම් සංගීතය ඇත. සටන්වලදීත් වෙනත් ක්‍රියාකාරකම්වලදීත් ඒවාට ගැළපෙන සේ පසුබිම් නාද සකසා තිබෙනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

අඩුවට Games ගන්න Steam Winter Sale ආරම්භ උනා

PC ක්‍රීඩකයන් බොහෝ දෙනා බලා සිටින Steam Winter Sale වට්ටම් කාලය Valve...

ලබන අවුරුද්දෙ එන අලුත්ම Control Game එක

Control Resonant යනු 2019 දී පළමු Control ක්‍රීඩාව නිර්මාණය කළ Remedy Entertainment...

Red Dead Redemption 1 මොබයිල් සදහා නිකුත් වෙයි.

Rockstar Games හි ජනප්‍රිය Red Dead Redemption ක්‍රීඩාව 2025 දෙසැම්බර් 2 වන...

නොමිලේ Play කරන්න පුලුවන් අලුත්ම Game එක

Where Winds Meet යනු පැරණි චීනය කෙන්ද්‍ර කරගෙන නිර්මාණය කර ඇති නව...