Press ESC to close

MSI දිනපු COMPUTEX 2024 Best Choice Golden Awards

ආසියාවේ ලොකුම Tech ප්‍රදර්ශනය වෙන COMPUTEX 2024 Exhibition එක ජූනි 4 සිට 7 වෙනකන් කාලය තුල Taiwan වලදි පැවැත්වෙනවා.

මෙම Computex Exhibition එක සදහා ඉදිරිපත් කරන නිෂ්පාදන වලට විවිධ ඉසව් ඔස්සේ සම්මාන පිරිනැමීම සිදු කිරීම හරහා අගය කිරීමක්ද සිදුකරනව. මේ විදිහට 2024 Best Choice Award හි ජයග්‍රහකයො එලි දක්වා තිබෙනව.

Get Your Site Up with A2 Hosting

මෙහිදී MSI සමාගම තව තරග කරුවො 500 යකටත් වඩා ප්‍රමණයක් අභිබවමින් කීර්තිමත් සම්මාන 5ක්ම දිනාගෙන තිබෙනව. මේ උලෙළේදි MSI Prestige 16 AI Evo Slim AI laptop එකටත් Golden Award එක දිනා ගන්න පුලුවන් වුනා. ඒ වගේම

  • MSI Claw Gaming Handheld
  • MSI GeForce RTX 4090 24G SUPRIM FUZION Graphic Card

එක වගේම MSI Modern AM273Q Serious එක All-in-One PC “Category Award” එක දිනා ගත්තා. තවද MSI Cubi NUC Series Mini PC එක අලුතින්ම පිහිටවපු “Sustainable Tech Special Award” එක දිනා ගත්තා වගේම MSI AI PC නිර්මාණය content creators ලගෙ වගේම gamers ලගෙ ප්‍රමුකයා කියල අයෙමත් ඔප්පු වුනා.

මේ ගැන MSI අලෙවිකරණ උප සභාපති Sam Chern කියන විදියට COMPUTEX ජූරි සභාවෙන් ලැබුණ පිලිගැනීම ගැන ස්තූතිවන්ත වෙනව කියල කියනවා. ඒ වගේම MSI ලගෙ partnersල වගේම Usersලටත් එයාලගෙ අඛණ්ඩ විශ්වාසය ගැනත් ස්තූතිවන්ත වන බවත් MSI වල අලුත්ම නිශ්පාදම වලට මේ AI Technology එක වගේම අලුත්ම Concept එකතු කරමින් මේ ජයග්‍රහණ දිරි ගැන්වීමක් කරගෙන තව ඉදිරියටත් AI Technology එක පාවිච්චි කරල අලුත් නිශ්පාදන නිකුත් කරන්න බලාපොරොත්තු වෙන බවත් ප්‍රකාශ කලා.

Golden Award එක දිනපු MSI Presting 16 AI Evo Slim AI laptop එක.

මේ MSI Presting 16 කියන්නෙ industry එකේ දැනට තියෙන අගල් 16ක් වෙන එකම laptop එකයි. 1.5 kg වෙන මේ laptop එක අනෙක් laptop එක්ක ගත්තොත් 30% කටත් වඩා සැහැල්ලු වෙනව වගේම අතේ අරගෙන යන්නත් පහසු වෙනවා. මේකෙ Battery Life එක ගත්තොත් හෙම 99.9Wh Battery එකක් තියෙනව වගේම පැය 19ක් වගේ ලොකු කාලයක් මේ Battery එක පාවිච්චි කරන්නත් පුලුවන් වෙනවා.professionalsල වගේම business කරම Usersල Target කරගෙන මේ Prestige 16 laptop එක හදල තියෙනවා. මේකෙ physical TPM Chip එකක් තියෙනව වගේම Hardware මට්ටමේ ආරක්ෂාවකුත් ලබල දෙනවා. මේ laptop එකේ Tobii Aware anti protection service එක වගේම facial recognition සහ Fingerprint Scanning තියෙන නිසා මෙක ආරක්ෂාව අතින් ගත්තත් ගොඩක්ම ඉහලින් තියෙනවා.

MSI Claw Gaming Handheld එකට Category Award එකෙන් සම්මානයක්.

MSI Claw කියන්නෙ අපිට අතේ අරගෙන යන්න පුලුවන් විදියෙ Gaming device එකක්. Intel Core Ultra Processor වලින් මේක සමන්විත වෙනව වගේම Intel Xess technology එකත් එක්ක smooth experience එකක් ගන්නත් පුලුවන් වෙලා තියෙනවා. මේකෙ powefuල්ම HyperFlow cooling system එකත් එක්ක 53Wh බැටරියක් එක්ක Thunderbolt 4 සම්බන්ධ‍යත් එක්ක Gamers ලට විශේෂ වුන MSI Claw අතේ අරගෙන යන්න පුලුවන් gaming device එකක් වෙනවා. මේකට MSI App player support වෙනව වගේම window, android කියන platform දෙකේම games play කරන්නත් හැකියාව තියෙනවා. මේකෙ තියෙන Ergonomically design එක නිසා ඔනිම ප්‍රමාණයක අතකට මේක ගැලපෙනවා. අගල් 7ක full HD screen එකක් වගේම 120Hz refresh rate එකකින් සමන්විත වෙනවා. ඇත්තටම කිව්වොත් මේ MSIලගෙ Claw කියන්නෙ Gaming World එකට ආපු හිතා ගන්නවත් බැරි මට්ටමෙ අසමසම Device එකක් වෙනවා.

Category Award එක දිනපු MSI Geforce RTX 4090 24G SUPRIM FUZION Graphics Card එක

MSI SUPRIM FUZION කියන්නෙ air cooling වේගය දෙගුණයක් කරමින් liquid-cooled graphics cards එකක්.

මේ graphic card එක High Demand වගේම High Performance Graphic Card එකක් වෙනවා. ඒ වගේම මේකෙදි AI applications install කරන්න යද්දිත් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ.ඒ වගේම මේ graphic card එක NVIDIA GeForce RTX 4090න් සමන්විත වෙනව වගේම MSI වල patented liquid-cooled design එකකුත් වෙනවා. මේක ගොඩක්ම දිගින් අඩු pipe waterways පාවිච්චි කරල නිර්මාණය කරල තියෙනවා. SUPRIM FUZION Rediators වලට 18%කටත් වැඩි cooling capacity එකක් මේකෙන් ලබල දෙනවා. මේකෙ තවත් විශේෂම දෙයක් වෙන්නෙ Cooling Fans වැඩ කරන වෙලාවට ගොඩක්ම අඩු Noise එකක් වගෙම අඩුම Vibration එකක් තමයි මේකෙන් ඇති වෙන්නෙ. මේ අලුත්ම Technology එක නිසා SUPRIM FUZION වලට Gaming experience එක AI එක්ක අපි කරන වැඩත් ගොඩක්ම ඉහල නංවන්න පුලුවන් වෙලා තියෙනවා. මේකට ප්‍රදානතම හේතුව මේ Graphic Card එකේ තියෙන Next Level cooling system එකයි.

Category Award එක දිනපු MSI සමාගමේ Modern AM273Q AI Series එකේ All-in-One PC එක

27″ IPS WQHD Panel එකක් සහ Intel AI Boost NPU එකක් එක්ක ආපු MSIලගෙ Modern AM273Q AI Series All-in-One PC එකට COMPUTEX 2024 Best Choice Award එක දිනා ගන්න පුලුවන් වුනා. මේ PC එක නිර්මාණය කරල තියෙන්නෙත් several innovative feathure එකයි eco-friendy Design එකයි පදනම් කරගෙන. ඒ වගේම අලුත්ම AM273Q AI Series එකේ PCR එක හදල තියෙන්නෙ ප්ලාස්ටික් දේවලුයි පරිසර හිතකාමී ඇසුරුමුයි පාවිච්චි කරලා. තවද මේකෙ තියෙන EyesErgo Technology එකෙන් Usersලගෙ ඇස් protect කරන්න වගේම හතර ගුණයක් enhanced කරන්නත්, Card Reader productivity එක වැඩි පුලුවන් වෙලා තියෙනවා. මේ අලුත්ම AM273Q AI Series එක පරිසර හිතකාමී usersලට සම්පුර්ණයෙන්ම ගැලපෙනව කියලා කියන්න පුලුවන්.

Sustainable Tech Special Award එක දිනපු MSIලගෙ Cubi NUC Series එකේ Mini PC එක

MSI Cub NUC 1MG සහ MSI Cubi NUC 13MQG series එකේ Mini PC COMPUTEX 2024දී Sustainable Tech Award එක වගේම 2024 Red Dot Award එකේදී being compact, energy-efficient වගේම FSC sustainable packing design එකටත් සම්මාන දිනා ගත්තා. මේක ප්ලාස්ටික් දේවල් වලින් හදල ප්‍රතිචක්‍රිකරණය කරන්න පුලුවන් moled pulp tray packing design එකකින් හදලා තියෙනවා. මේක නිසා පරිසරය එන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම වෙනවා. ඒ වගේම මේකෙ තියෙන one-click power saving button, carbon emissions සහ energy cost calculation නිසා මේ Cubi Series එකේ ඵලදායිතාව ගොඩක්ම වැඩි වෙලා තියෙනවා.මේ Mini PC එකේ Thunderbolt 4 නිසා හතර ගුණයක් මේ Monitor එකේ Display එකට උදවු වෙනවා. මේක MSI වල තෝරාගත් Monitors වල Power Button එකට Cubi NUC ක්‍රියාත්මක කරන්න පුලුවන් වෙනවා.තවද මේ Cubi NUC Series එකේ Dual 2.5G LAN හා DDR5 memory එක ඇතුලත් වෙන නිසා Cubi NUC 13MQG vPro Technology එකත් එක්ක ආරක්ෂිත වගේම smooth user experience එකකුත් අපිට ලබල දීල තියෙනවා. මේ Cubi NUC Series එක පරිසර හිතකාමී වගේම technology innovation වලට ගැලපෙන විදියටම නිර්මාණය වෙලා තියෙනවා.

MSI @ COMPUTEX TAIPEI 2024
Date – 2024 ජූනි 4 අගහරුවාදා – ජූනි 7 සිකුරාදා
Time – 9:30 – 17:30
Booth – M0806
Venue – Taipei Nangang Exhibition Center එකේ 4 වෙනි මහලෙ 1 වෙනි Hall එකේදී.

MSI: https://www.msi.com

MSI YouTube: https://www.youtube.com/user/MSIGamingGlobal

MSI Facebook: https://www.facebook.com/MSIGaming

MSI Instagram: https://www.instagram.com/MSIGaming

MSI Twitter: https://twitter.com/MSITweets

MSI වල අලුත්ම තොරතුරු දැන ගන්න https://www.msi.com/rss එක්ක එකතු වෙන්න.

MSI ගැන
MSI මේ වෙනකොට AI PC එක්ක අලුත් අලුත් නිර්මාණ කරන සමාගමක් වගේම AIoT solution එකේ ප්‍රමුඛයාත් වෙනවා. R&D capabilities එක්ක MSI රටවල් 120කට වැඩි ප්‍රමාණයක විහිදිලා තියෙනවා. මේ MSI වල laptop, graphic cards, monitors, motherboards, desktops,  peripherals, servers, IPCs, autonomous, mobile robots, vehicle infotainment සහ telematics systems වගේම EV charges මේ වෙනකොට ලොකෙම පිලිගැනීමට ලක් වෙලා තියෙනවා. MSI කියන්නෙ මේ වෙනකොට අපිට අලුත් අත්දැකීම එක්ක අලුත් නිශ්පාදන දෙන ලෝකයේ ජනප්‍රියතම සමාගමක් වෙලා ඉවරයි.
වැඩිදුර තොරතුරු – https://www.msi.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *