Home Tech News DNA අණු වල දත්ත රැදවිය හැකි ක්‍රමයක්
Tech News

DNA අණු වල දත්ත රැදවිය හැකි ක්‍රමයක්

Share
blank
Share

ජීවීන්ගේ පරම්පරා ගතිලක්ෂණ උරුම කොට දෙන ජාන තැනී තිබෙන්නේ ඩීඑන්ඒ (DNA) අණුවලින්. ඩීඑන්ඒ අණු හෙවත් න්‍යෂ්ටික අම්ල අණුවල ජීවීන්ගේ ගති ලක්ෂණ රදවා තබා ගන්නේ, එහි ඇති භෂ්ම කාණ්ඩයේ රසායන අණු වර්ග හතරක් විවිධ තාලයට සංකලනය වී පිහිටීම මඟින්.

සොබාදහමේ මෙම නීතිය අනුගමනය කරමින්, ඩිජිටල් තොරතුරු ගබඩා කළ හැකි අලුත් ක්‍රමයක් මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රධාන පර්යේෂිකා මහාචාර්ය කැරින් ස්ට්‍රෝස් සමඟ වොෂිංටන් විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා මහාචාර්ය ලුවිස් සිසී විසින් සොයා ගනු ලැබ තිබෙනවා. හාඩ් ඩිස්ක් එකක හෝ ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක තොරතුරු රදවන්නාක් සේ ඩීඑන්ඒ අණුවක් යොදාගෙන තොරතුරු රැදවීමේ මෙම ක්‍රමය සාර්ථක වී ඇතැයි මයික්‍රොසොෆ්ට් සමාගම නිවේදනය කර තිබෙනවා. ඩීඑන්ඒ තුළ රඳවා තිබෙන තොරතුරු නැවත ලබා ගැනීමේ උපක්‍රමත් මේ පර්යේෂකයින් විසින් සකසා තිබෙනවා.

ඒ අනුව රඳවන තොරතුරු 100% නිරවද්‍යතාවක් ඇතිව නැවත කියවා ගන්නට පුළුවන්. තම ක්‍රමවේදය භාවිතා කරමින් මෙම පර්යේෂකයෝ ගිගාබයිට් එකක පමණ විවිධ තොරතුරු ගබඩා කොට නැවත ලබා ගත්තා. ඔවුනගේ ගණන් බැලීමේ හැටියට, මෙම ක්‍රමය යොදාගතහොත් ග්‍රෑම් එකක් තරම් බර ඩීඑන්ඒ කැටිත්තක, ගිගාබයිට් කෝටි විසි එකකට වඩා වැඩි දත්ත ප්‍රමාණයක් රඳවා තැබිය හැක. නියම ඉලක්කම ගිගාබයිට් මිලියන 215 ක්. ගිගාබයිට් මිලියනයක් යනු පීටා බයිට් එකක් නිසා, මෙම දත්ත ප්‍රමාණය පීටා බයිට් 215කි.

ඩීඑන්ඒ අණු තුළ සාමාන්‍ය දත්ත රැඳවිය හැකි තාක්ෂණයක් මුලින්ම ලොවට ඉදිරිපත් කළේ, කේම්බ්‍රිජ් නුවර පිහිටි ඊබී අයි ආයතනයේ ආචාර්ය නික් ගෝල්ඩ්මන්ය. එම තාක්ෂණයට පේටන්ට් බලපත්‍රය ලබා ගත් ඔහු අදටත් එම පර්යේෂණ වල යෙදෙමින් සිටින ලොව පුරෝගාමියෙක්.

මෙසේ ඩීඑන්ඒ තුළ රදවන තොරතුරු චිරාත් කාලයක් නොනැසී පවතී. සීත, උණුසුම්, තෙත්, වියලි යනාදී ඕනෑම කටුක පරිසරයකදී වුවත් ඩීඑන්ඒ අණු කැඩී විනාශයට පත් වෙන්නේ බොහෝ අඩුවෙනි. අනෙක් අතට හාඩ් ඩිස්ක් වැනි තොරතුරු රදවන මාධ්‍යය මෙන් ඩීඑන්ඒ මාධ්‍ය නිරන්තරයෙන් නඩත්තු කළ යුතු නොවේ. එසේම ඩීඑන්ඒ තුළ තොරතුරු රදවන්නට විදුලි බලය අවශ්‍ය නැහැ. මේ සියල්ල එන්සයිම මඟින් මෙහෙයවන රසායනික ප්‍රතික්‍රියා වෙන බැවිනි.

මෙසේ තොරතුරු රදවන්නට සකසන ඩීඑන්ඒ අණුක පද්ධතියක ස්වභාවය ජීව ක්‍රියාවලට සම්බන්ධ ඩීඑන්ඒ අණුක පද්ධතියක ස්වභාවයට වඩා හාත්පසින්ම වෙනස්. මේවා කෘත්‍රිමව තනා ඇති ඒවාය. එනිසා තොරතුරු රදවන ඩීඑන්ඒ අණු කොටසක් කිසිසේත්ම ජීව පද්ධතියක් සමග මුසු කරන්නට බැහැ. එනිසා මේ කෘත්‍රිම ඩීඑන්ඒ අණු ජීවීන්ට තර්ජනයක් නොවේ. මේ විස්තර කළ පිළිවෙළට ඩීඑන්ඒ තුළ තොරතුරු රැදවීම, අති විශාල මුදල් සම්භාරයක් වැය වෙන වැඩක්. ඒ මේවා දැනට පර්යේෂණ මට්ටමේ තිබෙන ඒවා බැවිනි. එහෙත් මේ ක්‍රමය සාර්ථක ලෙස ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන විට ඒ වැඩ සඳහා යන වියදම අඩු වෙයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...