Press ESC to close

Asus H110M-C DDR 4 Motherboard Unboxing

අද අපි unbox කරන්න යන්නෙ Asus H series එකේ H110M-C DDR 4 Micro-ATX motherboard එක. Budget Board එකක් උනත් විශේෂතා කීපයක්ම එක්ක එන මේ motherboard එකේ unboxing එක සහ fetures ගැන බලමු.

Unboxing Package එක

Get Your Site Up with A2 Hosting
  • Asus H110M-C Motherboard එක
  • User Manual එක
  • Software installation DVD එක
  • SATA cable 2ක්
  • Back IO panel එක

Features

6th Generation intel processor වලට support කරන මේ board එක BIOS update එකක් එක්ක 7th Gen intel processor වලටත් පාවිච්චි කරන්න පුලුවන්. intel H110 chipset එක තියෙන මේ board එකේ 2133MHz DDR4 RAM 32GB දක්වා DIMM slot 2ක් හරහා හයි කරගන්න පුලුවන්.

16X PCI Express Slot එක Graphics card වලටත් PCI 1 slot 2ක අලුත් sound, network වගේ expansion වලටත් පාවිච්චි කරන්න පුලුවන්. හැබැයි Graphics card එකක් හයි කරාට පස්සෙ මේ PCI 1 slot 2න් එකක් වැහෙන එකනම් අනිවාර්යයි. මොකද single slot graphics card එකක උනත් heat sink එක slot එකට ලගින්ම තියෙන නිසා.Asus H110M-C motherboard එකේ PCI slot 1ක් තියෙනව. ගොඩක් budget micro ATX board වල මේ පහසුකම දකින්න නැහැ. මේ නිසා sound card/ TV card එකක් වගේ හයි කරගන්නත් පුලුවන්.

ඒ වගේම 2017 දි release වෙන motherboard එකක් විදිහට මේකෙ තියෙන විශේෂ දෙයක් තමයි LPT print port එක. අවශ්‍ය නම් විතරක් add කරගන්න පුලුවන් extension unit එකක් විදිහට එන මේ cable එක fix කරන header එක motherboard එකේ තියෙනව. ඒ නිසා මේක අනවශය කෙනෙකුට මේක අමතක කරන්න පුලුවන්, මේක ඇත්තටම Point of Sales වගේ systems පාවිච්චි කරන අයට ගොඩක් වැදගත්. මේ feature එකට නම් Asus ලට විශේෂ ස්තුතියක් පිරිනමන්න වෙනව.

Back I/O Panel එකේ අඩංගු දේවල්

  • PS2 mouse & keyboard port 2ක්
  • COM port එකක්
  • D-Sub (VGA) port එකක්
  • DVI-D port එකක්
  • USB 3.0 port 2ක් (නිල් පාට)
  • USB 2.0 port 4ක් (කලු පාට)
  • LAN (RJ45) port එක
  • Audio Jacks

මිල

රු 11000 කට අවුරුදු 3ක warranty එකක් එක්ක ගන්න පුලුවන් මේ Motherboard එක, මේකෙ තියෙන options එක්ක ගත්තම gaming, Home theater system, Office, Lab, point of sales වගේ සෑහෙන දේවල් වලට පාවිච්චි කරන්න පුලුවන්.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *