Home Tech News CPU AMD Graphics සමගින් එන Samsung Exynos 2100
CPUPhonesTech News

AMD Graphics සමගින් එන Samsung Exynos 2100

Share
blank
Share

Galaxy S21 flagship smartphone එළිදක්වන්න දින කීපයක් ඉතිරිව තිබියදී Samsung සමාගම Exynos 2100 chip එක පිළිබඳ කරුණු ඉදිරිපත් කලා. ඔවුන් එය දකුණු කොරියානු දැවැන්තයාගේ නැවත පැමිණීම ලෙස සනිටුහන් කරමින් “Exynos is back” ලෙස නම් කර තිබුනා.

Samsung සමාගම මෙලෙස සනිටුහන් කලේ තම Exynos Chips තුල AMD Graphics ස්ථාපනය කිරීමයි. AMD සමාගමේ video accelerators පිළිබඳ samsung සමාගම කල අත්හදාබැලීම් ගැන පසුගිය කාලයේ කතාබහක් ඇතිවුවද , පසුගියදා සමාගමේ වයාපාර කළමනාකරු AMD Graphics පදනම් කරගත් flagship එකක් නිපදවීම ගැන නිවේදනයක් නිකුත් කරන තෙක් ඒ ගැන නිල වාර්තාවක් පළවූයේ නැහැ.

Samsung Exynos 2100 SOC එක එළිදක්වන දිනයක් තවමත් සදහන් නොවූවද Galaxy Z fold 3 සමගින් එය නිකුත් වනු ඇති බවට මේ වනවිට මත පලවී තිබෙනවා.මේ සමගම Samsung ආයතනකේ පලමු 5G integrated mobile chipset එක Exynos 2100 වනු ඇති. මෙම 5nm chip එක දැනට ඇති 7nm ඒවාට වඩා 20% අඩු බලයක් (power consumption) ලබාගන්නා අතර එහි performance 10% කින් වැඩිවී තිබෙනවා.

දැනට Galaxy S21 series එක පළමුවෙන් මෙම Exynos 2100 chipset (Mali G78 GPU සමග) නිකුත් වෙන අතර ඉදිරියේදී AMD Graphics සමග නිකුත් වෙනු ඇති.

Share

Leave a comment

Leave a Reply

Related Articles

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...

ලොව පළමු Robot Smartphone එක Honor වෙතින්

ජංගම දුරකථන ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක් එක් කරමින් Honor සමාගම නවතම සංකල්පයක්...