Press ESC to close

මුලුමනින්ම Digital වූ CES 2021

කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ මෙවර CES ප්‍රදර්ශනය සම්පූර්ණයෙන්ම Digital event එකක් ලෙස පැවැත්වුවද මෙවරද තාක්ෂණික උපාංග සහ සංකල්ප දුසිම් ගණනක් CES ප්‍රදර්ශනයේ දී එළි දැක්විය.ඒ අතරින් මෙවර ද විශේෂ අවධානය යොමු වූ උපාංග කිහිපයක්ම විය.

Ryzen 5000 series mobile processors

Get Your Site Up with A2 Hosting

AMD සමාගමේ Ryzen 5000 series laptop ප්‍රොරෝසෙසර් නිකුත් කිරීම CES 2021 හි විශේෂ අවස්ථාවක් විය.7nm තාක්ෂණය යොදාගත් “Zen 3” architecture යටතේ නිපදවන ලද මෙම ප්‍රොරෝසෙසර් gaming සහ content creation සඳහා H-Series ලෙසද වැඩි බැටරි කාලයක් සඳහා බලය අඩුවෙන් භාවිතා කරන U-Series ලෙස කාණ්ඩ දෙකක් යටතේ එළි දැක්විය.(U-Series ප්‍රොරෝසෙසර් 3ක් පැරණි “Zen 2” architecture යටතේම නිපදවා ඇත).කෙසේවුවද intel “tiger lake” chip වලට වඩා Ryzen 5000 හි 7% – 44% අතර performance වැඩි වීමක් දැකගත හැකි බව AMD සමාගම පවසයි.

LG Rollable phone

CES 2021 හි වඩාත් කතාබහට ලක්වූ device එකක් ලෙස LG rollable phone හැඳින්විය හැක.foldable phone වල යාන්ත්‍රණයට වඩා වෙනස් යාන්ත්‍රණයක් යොදාගෙන ඇතුලට රෝල් වන OLED තිරයකින් මෙය සමන්විත බව අනාවරණය කෙරිණි.LG සමාගම Explorer project යටතේ නිකුත් වූ පළමු දුරකථනය ලෙස LG Wing නිකුත් වූ අතර LG rollable phone ද මෙම වසරේ නිකුත් කිරීමට හැකියාවක් පවතින බව බොහෝ දෙනෙකුගේ මතයයි.

Razer’s project Hazel

Razer සමාගම වඩා ප්‍රචලිත gaming උපාංග නිපදවීමට වුවත් මෙවර CES ප්‍රදර්ශනයේදී විශේෂ සංකල්පයක් Razer සමාගම විසින් ඉදිරිපත් කෙරුණි.covid-19 වෙරසයත් සමඟ mask පැළදීම බොහෝ රටවල අනිවාර්ය වුවත් එමඟින් ඇතිවන අපහසුතා මඟහරවා ගැනීමට තවමත් නිශ්චිත පිළියමක් නොමැත.නමුත් project Hazel මඟින් මෙම සියලු ගැටළු වලට විසඳුම් ලැබේ යැයි අපේක්ෂා කල හැක.N 95 mask එකක ආකෘතියට සාදා ඇති මෙය විනිවිද පෙනෙන අතර mask පැළදීමේදී කතා කිරීමේ ඇතිවන බධා අවම කිරීමට මයික්‍රපෝන් සහ ඇම්ප්ලිෆයර් මෙහි අඩංගුය.එමෙන්ම මෙහි විෂබීජ විනාශ කිරීමට built-in UV lights ද අඩංගු වේ.එමෙන්ම gaming උපාංග සඳහා එන RGB lights ඇතුලත් කිරීමටත් Razer සමාගම අමතක කර නැහැ.

Kensington Studio Dock

i pad එක i mac එකක්?Kensington studio dock හි ඇති Bluetooth keyboard එක සහ mouse එක මඟින් ඔබේ ipad pro හෝ air එක ipados mac එකක් බවට පත් කල හැකියි.Wirelless chargers දෙකක්ද මෙම dock එකට අන්තර්ගත වන අතර USB A Port 3ක්,USB C Port,HDMI 2.0,3.5 Headphone jack,SD Card reader සහ Gigabit Ethernet port එකක්ද අඩංගුවේ.මෙය වෙළඳපොලට නිකුත්කරන දිනයක් හෝ මිලක් තවමත් Kensington සමාගම විසින් ප්‍රකාශකර නොමැත.

Sony Bravia core video streaming service

Sony විසින් තමන්ගේම movie streaming සේවාවක් දියත් කිරීමට යන බව මෙවර CES හීදි අනාවරණය කෙරිණි.කෙසේවුවද මෙය Netflix සඳහා ආදේශකයක් නොවනු ඇති මුත් ඉහළ විභේදනයකින් යුතුව චිත්‍රපට නැරඹීමට හැකි බව සඳහන් වෙයි.Netflix 4K HDR streams හා සැසඳීමේදී Sony Bravia හි streaming හි ගුණාත්මක භාවය එමෙන් 4 ගුණයක් පමණ වනු ඇති බව පැවසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *