Home Tech News Trust Café අලුත්ම සෝෂල් නෙට්වර්කිං සේවය
Tech News

Trust Café අලුත්ම සෝෂල් නෙට්වර්කිං සේවය

Share
blank
Share

විකිපීඩියා ඔන්ලයින් විශ්වකෝෂය ගැන අද කවුරුත් දන්නවා. එය, 2024 පෙබරවාරි මාසය වෙන විට ලොව පස් වැනියට ජනප්‍රියම වෙබ් අඩවිය විදියට නම් කෙරුනා. විකිපීඩියා වෙබ් සේවය පවත්වාගෙන යන විකිමීඩියා කෝපරේශන් සමාගම, අමුතු සෝෂල් නෙට්වර්කිං සේවයක්ද පවත්වා ගෙන යනවා. මුලින්ම 2019 ඔක්තෝබරයේ විකි ට්‍රිබියුන් සෝෂල් හෙවත් ඩබ්ලිව් ටී සෝෂල් ලෙස ආරම්භ කළ මෙම සේවය නවීකරණය කර දැන් ට්‍රස්ට් කැෆේ (trustcafe.io) ලෙස දියත් කොට තිබෙනවා.

මෙම සේවය අරඹනු ලැබුවේද, විකිපීඩියා වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයා මෙන්ම දැන් එහි ප්‍රධානියාද වෙන ජිමී වේල්ස් විසින්. අද ලොව ජනප්‍රිය ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, වස්ඇප්, එක්ස් යනාදී වශයෙන් ඇති සෝෂල් නෙට්වර්කිං සේවා සමඟ තරග කිරීමට වඩා ඒවාට විකල්පයක් වශයෙන් ට්‍රස්ට් කැෆේ හඳුන්වා දෙනවා.

මෙම සේවය විශේෂ එකක්. මෙහි වෙළෙඳ දැන්වීම් නැහැ. සම්පූර්ණ සේවයම පවත්වා ගෙන යන්නේ එය භාවිතා කරන්නන්ගෙන් ලැබෙන ආධාර මුදල්වලින්. එසේ වුවත් ට්‍රස්ට් කැෆේ සේවය ජනප්‍රිය වෙමින් තිබෙනවා. මේ වෙන විට එම සෙනඟ පන් ලක්ෂයක් දක්වා වැඩිවී ගොසින්.

මුලින්ම වෙබ් සේවයට පිවිසෙන්නන් සක්‍රිය ඊමේල් ලිපිනයක් සපයා, ලොගිං එකක් සකසා ගත යුතුයි. ඉන්පසුව ආධාර ලබාදී හෝ නොමිලේ හෝ පිවිස පෝස්ට් හෙවත් ලියවිලි ඇතුළු කරන්න පුලුවන්. මෙසේ පෝස්ට් ඉදිරිපත් කල යුතු බොක්ස් එක වෙනත් සමාජ මාධ්‍ය සේවාවල ඉදිරිපත් කරන ඒවාට වඩා හැඩයෙන් කිට්ටු ඊමේල් බොක්ස් එකකටයි.

ට්‍රස්ට් කැෆේ සේවය හුදෙක් එහි සාමාජිකයින්ගේ වතගොත ප්‍රසිද්ධ කර ගනු ලබන ස්ථානයක් පමණක් නොව, පුවත් ප්‍රචාරණය පිණිස සැකසූ සේවයක්ද වෙනවා. මෙහි බලාපොරොත්තුව වැරදි ප්‍රවෘත්ති පැතිර යාම වැළැක්වීමයි. එනම්, විකිපීඩියා විශ්වකෝෂයේදී, එයට සම්බන්ධවූවන් විසින් තොරතුරු නිවැරදි කරන්නාක් සේ ට්‍රස්ට් කැෆේ සේවයට එක් කෙරෙන පුවතක් හෝ පුද්ගල තොරතුරක් හෝ වුව ලෝකයේ ඕනෑම කෙනෙකුට සංස්කරණය කරන්නට (open editing) පුළුවන්. ඒ කලින් තොරතුරෙහි ඇති වැරදි නිවැරදි කිරීමටයි. නැතහොත් අඩුපාඩු ලියන්නටයි. ඕනෑනම් ඕනෑ කෙනෙකුට ලියවිල්ලේ කොටස් ඉවත් කරන්නටත් පුළුවන්.

මේ ලියන ක්‍රමය ප්‍රසිද්ධ නිසා කාටවත් බොරු ලියන්නට ඉඩ නැහැ. මන්ද, බොරුවක් ලීවොත්, ඇත්ත දන්නා කෙනෙක් එය දුටු සැණින් ඉවත් කරන බැවිනි. මෙසේ අතින් අත ගොස්, සුද්ධ පවිත්‍රවී අවසානයේ ඉතිරි වෙන්නේ නිවැරදි තොරතුරු ඇති ලියවිල්ලක්.

මෙසේ ලියවිලි සංස්කරණය කිරීමේ ක්‍රමය, ‘විකි (wiki)’ ක්‍රමය ලෙස හඳුන්වනවා. සම්පූර්ණ විකිපීඩියා විශ්වකෝෂයම සකසා ඇත්තේ මෙසේ විකි සංස්කරණ ක්‍රමයට අනුව යමින්. ජිමී වේල්ස් විසින් මෙම ක්‍රමය විකිපීඩියා විශ්වකෝෂයට හඳුන්වා දෙනු ලබන විට බොහෝ දෙනා කීවේ, මෙය න්‍යායක් විදියට ඉතා අසාර්ථක බවයි. ජිමී වේල්ස් කීවේ, නරක මිනිස්සුන්ට වඩා හොඳ මිනිස්සු ලෝකයේ ඉන්නා බව තමා විශ්වාස කරන නිසා, මෙය සාර්ථක වෙනු ඇති බවයි. විකිපීඩියාව අද සැලකෙන්නේ ඉතා නිවැරදි තොරතුරු තිබෙන මිනිස් ඉතිහාසයේ දැවැන්තම දැනුම් සම්භාරය ලෙසයි. මේ අයුරින්ම ට්‍රස්ට් කැෆේ සේවයත් එදිනෙදා නිවැරදිම පුවත් සමුදායක් බවට පත් කිරීම ජිමී වේල්ස්හි අභිලාෂයයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...