Home Tech News Video Streaming නිසා අභාවයට යන Blu-Ray
Tech News

Video Streaming නිසා අභාවයට යන Blu-Ray

Share
blank
Share

4K BluRay disc Player සදහා ලෝක ප්‍රකට SAMSUNG සමාගම මින් පසු Blu-Ray Players නිෂ්පාදනය නොකරන බවට ඉගියක් පසුගියදා ලබාදුන්නා. ඒ ඇමරිකානු වෙළදපොලේ තමන් මින් ඉදිරියට Blu-Ray disc Players විකිණීම නවතා දමන බව දැනුම් දීමත් සමගයි.

2019 පළමු කාර්තුවේ මේ නිවේදනයත් සමගම දැනටත් ජනප්‍රිය Blu-Ray disc player මාදිලි කිහිපයක්ම නිෂ්පාදනය කරන SAMSUNG සමාගම 4K සහ 1080p Disc players නිෂ්පාදනයෙන් ඉවත් වෙනවා.2017 වසරේ පළමු වරට 4K disc players හදුන්වා දුන් SAMSUNG සමාගම 2018දී කිසිදු අලුත් 4K disc Player එකක් හදුන්වා දුන්නේ නැහැ.

මෙම තීරණයට ප්‍රධානතම හේතුව වන්නේ ඉතාමත් වේගයෙන් ජනප්‍රිය වන Video Streaming සේවාවන් බවට සංඛ්‍යා ලේකන වලින් පෙනී යන බවයි මේ පිළිබද අධ්‍යනය කරන සමාගම් පෙන්වාදෙන්නේ. මීට කලකට ඉහතදී Floppy Disc වලට සිදු වූ දෙයම මේ වන විට Disc Players වලටත් සිදුවෙමින් පවතින බවට මෙය හොද උදාහරණයක්.

ඉහත රූපයෙන් පෙන්වන දත්ත අනුව වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයන් යොදාගෙන ඇමරිකාවේදී සිදුකරන ලද ගවේෂණයක් අනුව ලා කොළ පැහැයෙන් දැක්වෙන Disc Players භාවිතා කිරීම ඉතා  අඩු බවත් Live TV සහ Smart Phone/Streaming App භාවිතය වැඩි වෙමින් පවතින බවත් පැහැදිලි වෙනවා. මේ අනුව Blu Ray Players යනු තවත් ටික කාලයකින් භාවිතයෙන් සම්පූර්ණයෙන් ඉවත් විය හැකි මෙවලමක් බවට පත්විය හැකියි.

 

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...