Press ESC to close

Saints Row the Third Remastered Review

Overview

Saints Row the Third යනු Saints Row series එකේ තෙවැන්නයි.2011 වසරේ නිකුත්වූ Saints Row the Third ක්‍රීඩාවේ වැඩිදියුණු කරනලද Remastered edition එක වන මෙය 2020 වසරේදී නිකුත්විය. සාරාංශයක් ගත්කළ මෙහිදී 3rd Street Saints කණ්ඩායම කුඩා කල්ලියක සිට Brand name එකක් දක්වා වර්ධනය වී ඇත. Syndicate නම් සතුරු සංගමයේ බාධා හමුවේ Steelport නගරයේ බලය තහවුරු කරගැනීම 3rd street saints කණ්ඩායමේ අරමුණයි.

Get Your Site Up with A2 Hosting

Plot

Saints Row 2 ක්‍රීඩාවේ සිදුවීම්වලින් වසර 5කට පසුව Saints Row the Third හි සිදුවීම් සිදුවේ. මේ වනවිට 3rd street saints කණ්ඩායම Brand name එකක් බවට පත්ව ඇත. 3rd street saints brand name එක සහිත ඇඳුම් පැළඳුම්, energy drinks හා ඔවුන්ගේ විවිධ action figures මිනිසුන් අතර මේ වනවිට ජනප්‍රිය වී ඇත. ක්‍රීඩාවේ අපගේ චරිතය වන්නෙ Boss ය(නිශ්චිත නමක් නොමැත).

කථාව දෙසට හැරෙමු…..

ක්‍රීඩාව ආරම්භයේදී 3rd street saints කණ්ඩායම Stilwater නගරයේ බැංකු මංකොල්ලයක් සිදුකරන අයුරු දක්නට ලැබේ.මෙහිදී මංකොල්ලය සිදුවන අතරතුරදී කණ්ඩායමේ සාමාජිකයෙකු අතින් වැරදීමකින් security alarm එකක් trigger වේ.එයින් පසු පලායාමට දැඩි උත්සාහයක් ගත්තද Boss ඇතුළු Saints කණ්ඩායම සිරභාරයට පත්වේ.නමුත් Phillipe Loren ගේ උපදෙස් අනුව ඔවුන්ව ඇප මත නිදහස් කෙරේ( Phillipe Loren යනු සතුරු Syndicate කණ්ඩායමේ නායකයාය).

ඉන්පසු අපගේ චරිතය වන Boss ,Johnny Gat සහ Shaundi ව Loren ඔහුගේ පෞද්ගලික ගුවන්යානයට නංවාගෙන Steelport නගරය බලා ගමන් අරඹයි.මේ අතරතුර Loren පවසන්නේ Saints කණ්ඩායම මංකොල්ල කෑ බැංකුව ඔහුට අයිති බවත් Saints ලාව නිදහස් කරගැනීම වෙනුවෙන් ඔහුට Saints සතු වත්කමෙන් 60% පවරාදෙන ලෙසටත්ය. Johnny Gat සහ Boss මෙම කොන්දේසියට බලවත් ලෙස විරෝධය පෑ අතර ඉන්පසු ගුවන්යානය තුළදීම firefight එකක් දෙපිරිස අතර ආරම්භ වේ. මෙම firefight එකේදී Johnny Gat මරණයට පත්වන අතර අපගේ චරිතය වන Boss ට හා Shaundi ට පැරෂූට් භාවිතයෙන් ගුවන්යානයෙන් පැනගැනීමට හැකිවේ. Mid-air firefight එකකින්ද පසුව ඔවුන් දෙදෙනාට නිරුපද්‍රිතව Steelport නගරයට ගොඩබැසීමට හැකිවේ. ඉන්පසු Saints කණ්ඩායමේ Pierce විසින් backup saints ලා සමග පැමිණ Steelport හි Saints සඳහා hideout එකක් අත්පත් කරගනී.ඉන්පසු ඔවුන්ගේ ඉදිරි මෙහෙයුම් කටයුතු මෙම hideout එකේ සිට සිදුකිරීමට ඔවුන් තීරණය කරයි.

Steelport නගරය යනු Syndicate සංගමයේ කේන්ද්‍රස්ථානයයි. එම නිසා Steelport හි Saints බලය ස්ථාපිත කරගැනීම Saints කණ්ඩායමේ ප්‍රධාන අරමුණයි. Boss ගේ හා Shaundi ගේ පලායාමත් සමග Loren විසින් Syndicate සංගමයට අයත් අනු කණ්ඩායම් වන Morningstar, Deckers සහ Luchadores කණ්ඩායම් Saints කණ්ඩායමට තිත තැබීමට යොදවයි.

ඉතින් එතනින් පසු කුමක් සිදුවේවිද? Steelport හි Saints බලය ස්ථාපිත කිරීමට හැකිවේවිද? Syndicate කණ්ඩායම විනාශකිරීමට Saints ලාට හැකිවේවිද? මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයාගැනීම ක්‍රීඩකයා වන ඔබට භාරයි.

Gameplay

Action-adventure third-person open world ගණයට අයත්වන මෙම ක්‍රීඩාව Grand theft auto (GTA) series එකට බොහෝ සමානකම් දක්වයි.2011 වසරේ නිකුත්වූ original Saints Row the Third ක්‍රීඩාවට වඩා මෙම remastered edition එකේ අපට හොඳ improvements දැකගත හැකිය. Vehicle modeling, character modeling සහ lighting වැනි areas 2020 වර්ෂයේ ක්‍රීඩාවකට ගැලපෙන අයුරින් improve කර ඇත.

ක්‍රීඩාවේ main story එකට අදාළ missions ගණනාවක්ද ඊට අමතරව Gang operations,mayhem,insurance fraud වැනි side activities ද අපට ක්‍රීඩාකළ හැක.මෙම missions complete කිරීම මගින් ක්‍රීඩාවේ ඉදිරියට වැදගත්වන respect සහ මුදල් සොයාගත හැකිය.මෙම respect හා මුදල් මගින් අපට Boss ව මෙන්ම ඔහුගේ weapons ද upgrade කිරීම කළහැක.එසේම විවිධ missions complete කිරීම මගින් විවිධ gang members අපගේ කණ්ඩායමට join කරගත හැකිය( Humans, zombies මෙන්ම aliens ලාද මෙසේ join කරගත හැකිය).අපගේ චරිතය වන Boss වද අපට game progression එක අතරතුර customize කළ හැකිය.මෙහිදී අපට missions complete කිරීම මගින් අලුත් outfits, weapons මෙන්ම vehicles ද unlock කරගත හැකිය. Main missions අපේ මිතුරන් වන Pierce, Shaundi, Zimos, Kinzie වැනි අයගේ මාර්ගයෙන් ආරම්භ කළහැක.

ක්‍රීඩාවේ ප්‍රධාන සතුරන් වර්ග 4කි.ඉන් 3ක් Syndicate සංගමයට අයත් sub gangs වන අතර අනිත් කණ්ඩායම රජය විසින් පවත්වාගෙන යන S.T.A.G නම් antigang සංවිධානයකි( S.T.A.G යනු Saints හා Syndicate කණ්ඩායම් දෙකටම විරෝධී කණ්ඩායමකි). S.T.A.G හැරුණුවිට Syndicate සංවිධානයට අයත් Morningstar gang එක Phillipe Loren විසින්ද hacker gang එකක් වූ Deckers gang එක Matt Miller විසින්ද Mexican wrestler theme එකක් සහිත Luchadores gang එක Eddie Pryor හෙවත් “KILLBANE” විසින්ද පාලනය කෙරේ.

Special Facts about Saints Row the Third

Saints Row series එකේ මෙතෙක් නිකුත් වූ සාර්ථකම ක්‍රීඩාව මෙය ලෙස කිවහොත් නිවැරදිය. වෙනත් කිසිදු open world ක්‍රීඩාවක නැති ආකාරයේ Special gadgets(weapons, vehicles etc.…) තිබීම මෙහි විශේෂත්වයයි.නවීන තාක්ෂණය යොදාගෙන නිපදවූ ආයුධ මෙන්ම විද්‍යා ප්‍රබන්ධවල අඩංගු ආයුධ හා වාහනද මෙහිදී අපට භාවිතකළ හැක.සතුරන්ද ප්‍රධාන සතුරන් 4 හැරුණුකොට mutants, zombies හා aliens ලාද සිටිති.

Special ආයුධ අතර apocafists, sonic boom, cyber blaster වැනි ආයුධ දැකිය හැකි අතර mind controlling හැකියාව සහිත rocket launcher එකක්ද මෙම special weapons වලට අයත්ය. එසේම special vehicles අතර saints crusader නම් යුධ ටැංකිය, angry tiger නම් flamethrower එකක් සහිත bike එක, sad panda නම් monster truck එක, alien spacecrafts මෙන්ම Harry Potter series එකේ දක්නට ලැබෙන Nimbus 2000 වැනි මායා කොස්සක්ද ඇත.

Saints Row the Third Remastered සඳහා අවශ්‍ය minimum හා recommended requirements පහතින් සඳහන් කරන්නම්…

SystemMinimumRecommended
CPUAMD FX 6200 / Intel Core i5-3570KAMD FX 8320/ Intel Core i5 4430
GPUAMD Radeon 500(4GB)/ NVIDIA GeForce GTX 660(4GB)AMD Radeon RX 5700(6GB)/ NVIDIA GeForce GTX 1060(6GB) 
VRAM4GB6GB
RAM8GB16GB
Storage46GB46GB
OSWindows 10(64 bit)Windows 10(64 bit)

Eshan Amarasinghe

Eshan Loves Gaming and also writes about them, This will help you understand the game better and have an overall good experience.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *