Home Games CD Projekt Red ඔවුන්ගෙ මීළග ක්‍රීඩාව ගැන නිවේදනය කරයි
Games

CD Projekt Red ඔවුන්ගෙ මීළග ක්‍රීඩාව ගැන නිවේදනය කරයි

Share
blank
Share

ඔබත් ෆැන්ටසි ගණයේ කතාංග වලට කැමැත්තක් දක්වන අයෙක් නම් Witcher franchise එක ගැන අසා ඇති. මුලින්ම පොතක් ලෙස එළි දැක්වුනු මෙය පසුව පරිගණක ක්‍රීඩාවක් ලෙසද ඉන්පසුව රූපවාහිනී කතාමාලාවක් ලෙසද නිර්මානය කෙරුනා. මේ අතරින් Witcher පරිගණක ක්‍රීඩාව ඉතාමත් ජනප්‍රිය උනා.

Witcher පරිගණක ක්‍රීඩාවේ මේ වෙනවිට ක්‍රීඩා 3ක් පැමින තිබෙනවා. Witcher පලමුවැන්න 2007දීත්, Witcher 2 ක්‍රීඩාව 2011දීත් සහ එහි සුවිශේෂීම ක්‍රීඩාව වන Witcher 3: Wild Hunt ක්‍රීඩාව 2015දීත් නිකුත් උනා. මේ ක්‍රීඩා තුනම සංවර්ධනය කරේ ප්‍රසිද්ධ සමාගමක් වන CD Projekt Red සමාගම මගිනුයි. මීට අවුරුදු කිහිපයකට කලිනු නිකුත් උනු CyberPunk 2077 ක්‍රීඩාවත් සංවර්ධනය කලේ මේ සමාගමයි.

ඉහත සදහන් කල පරිදි Witcher 3 කියන්නෙ සුවිශේෂී ක්‍රීඩාවක්. විශිෂ්ඨ ගණයේ තේමා කතාවක්, එයට සරිලන gameplay අත්දැකීමක් සහ විශිෂ්ට background music සහිතව Witcher 3 ක්‍රීඩාව අදටත් පරිගණක ක්‍රීඩකයන් අතර ජනප්‍රියයි. මෙහි Next Gen Update එකක් 2022 වසරෙදි නිකුත් කරන්න CD Projekt Red සමාගම කටයුතු කලා.

ඉතින් Witcher 3 නිකුත් වී අවුරුදු 10කට ආසන්න කාලයක් ගත උනාට පස්සෙ CD Projekt Red සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙන්නෙ Witcher 4 ක්‍රීඩාවේ සංවර්ධන කටයුතු ඔවුන් ආරම්භ කරන්න සූදානම් බවයි. මෙය ඔවුන් Polaris project යන කේත නාමය යටතේ සංවර්ධන කටයුතු සිදුකරමින් සිටිනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

අඩුවට Games ගන්න Steam Winter Sale ආරම්භ උනා

PC ක්‍රීඩකයන් බොහෝ දෙනා බලා සිටින Steam Winter Sale වට්ටම් කාලය Valve...

ලබන අවුරුද්දෙ එන අලුත්ම Control Game එක

Control Resonant යනු 2019 දී පළමු Control ක්‍රීඩාව නිර්මාණය කළ Remedy Entertainment...

Red Dead Redemption 1 මොබයිල් සදහා නිකුත් වෙයි.

Rockstar Games හි ජනප්‍රිය Red Dead Redemption ක්‍රීඩාව 2025 දෙසැම්බර් 2 වන...

නොමිලේ Play කරන්න පුලුවන් අලුත්ම Game එක

Where Winds Meet යනු පැරණි චීනය කෙන්ද්‍ර කරගෙන නිර්මාණය කර ඇති නව...