Home Games Remaster vs Remake vs Reboot
GamesTech News

Remaster vs Remake vs Reboot

Share
blank
Share

PC games විවිධ ආකාරයෙන් Re-release වීම පසුගිය වසර කිහිපය පුරා PC gamers ලා අත්දුටු දෙයකි. නවීන පරිගණකවලට හා consoles සඳහා සුදුසුවන ආකාරයෙන් කෙරෙන මෙම Re-release කිරීම සාර්ථක ක්‍රියාවලියකි.මෙම Re-release කිරීම Remaster, Remake හෝ Reboot ලෙස නිකුත්කෙරෙන අතර එම game edition ත්‍රිත්වයේ ඇති වෙනස්කම් මෙසේය…..

Remaster

Remaster කිරීම යනු යම් පරිගණක ක්‍රීඩාවක Original graphics quality එක වැඩිකර නැවත release කිරීමයි.මෙහිදී එම ක්‍රීඩාව High resolutions සඳහාද support කරන ලෙස සහ වැඩි Framerate එකක් ලබාදෙන ආකාරයට මෙන්ම නව පරිගණක හා consoles වලට සුදුසු ලෙස නැවත නිමවේ.එසේම original ක්‍රීඩාවේ නොතිබුණු නව features, නව lighting effects, water textures, නව vehicle modeling හා නව sounds ද Remastered edition එකක් තුළින් අපට දැකගත හැකිය.නමුත් Remastered edition එක තුළදී original ක්‍රීඩාවේ storyline එක හා gameplay style එකෙහි වෙනසක් සිදුනොවේ.

  • Call of duty Modern warfare Remastered(2016), Saints Row the Third Remastered(2020),
  • Crysis Remastered (2020), Horizon Zero Dawn (2020 PC), Alan Wake Remastered (2021)

Remake

Remake යනු පරිගණක ක්‍රීඩාවක් නැවත create කිරීමේ ක්‍රියාවලියයි. Remake edition එකකදී original පරිගණක ක්‍රීඩාවේ graphic quality එක මෙන්ම gameplay style එකද නැවත වෙනස්කර වැඩිදියුණුකර නිමවේ. මෙය සිදුකෙරෙනුයේ නවීන Game Engine එකක් භාවිතයෙන්ය. Remake edition එකකදී Original ක්‍රීඩාවේ නොතිබූ Items, original ක්‍රීඩාවේ නොසිටි ආකාරයේ සතුරන් මෙන්ම නව combat systems වැනි දේද දැකගත හැකිය. නමුත් original ක්‍රීඩාවේ Storyline එකට අදාළ stories සහ චරිත ආදිය වෙනස් කිරීමක් මෙහිදීද සිදුනොවේ. Remake edition එකකදීද සිදුවන්නේ පැරණි පරිගණක ක්‍රීඩා නව පරිගණක හා consoles වලට ගැලපෙන පරිදි නැවත නිමවීමකි.

උදා:- Resident Evil 2 Remake(2019), Final Fantasy VII Remake(2020), Crash Bandicoot N.sane Trilogy

Reboot

Reboot එකකදී සිදුවෙන්නේ වෙනස්ම දෙයකි. මෙහිදී original පරිගණක් ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම නැවත නිමවේ.නව storyline එකක්,වැඩිදියුණු කරනලද graphics, ක්‍රීඩාවට නව ප්‍රධාන චරිත හා නව gameplay style එකක් ඇතුළුව සියලුම aspects නැවත නිමවේ. Reboot කරනලද edition එක original පරිගණක ක්‍රීඩාවේ Main story එකට සම්බන්ධ Sequel එකක් හෝ Prequel එකක් නොවේ. කෙටියෙන්ම කිවහොත් නව story එකක් සමග Game Franchise එකක් නැවත මුල සිට ආරම්භ කිරීම Reboot එකක් ලෙස හැඳින්වේ.මෙහිදී Game concept එක පමණක් වෙනස් නොවේ.

 උදා:- Tomb Raider(2013), Doom(2016), Saints Row(2022)

මෙම Game editions තුනම විශේෂ වන අතර සාපේක්ෂව ගත්කළ Remakes හා Reboots, Remastered edition එකට වඩා gaming community එක තුළ ජනප්‍රියත්වයක් උසුලයි.

Share
Written by
Eshan Amarasinghe

Eshan Loves Gaming and also writes about them, This will help you understand the game better and have an overall good experience.

Leave a comment

Leave a Reply

Related Articles

Google Gboard නවීන AI විශේෂාංග

Google සමාගම Gboard keyboard එක සඳහා AI පදනම්වූ ලිවීමේ features කිහිපයක් නිල...

Samsung දුරකථනයෙන් ඇල්සයිමර් හඳුනාගැනීමට උපකාරයක්

Samsung සමාගම මෑතකදී නිවේදනය කළේ, ඉදිරියේදී එන Samsung දුරකථන සහ Galaxy Watch...

ඔක්තෝබර් 21ක එන Vampire: The Masquerade – Bloodlines 2

Vampire: The Masquerade – Bloodlines 2 යනු ක්‍රීඩකයින් අඳුරු සහ අද්භූත වැම්පයර්...

PC Manager එක්ක Storage Manage කරන්න දැන් ලේසි

ඔයාගේ PC එකේ storage එක Manage කරන්න දැන් ලේසිම ක්‍රමයක් තමයි PC...