Home Tech News social media මොකක්ද මේ Reddit Search Engine කියන්නෙ?
social mediaTech News

මොකක්ද මේ Reddit Search Engine කියන්නෙ?

Share
blank
Share

Reddit වෙතින් ඔන්න දැන් ඔවුන්ගේම Search Engine එකක් හදුන්වා දෙන්නයි සූදානම් වෙන්නෙ. Reddit CEO Steve Huffman පසුගියදා තිබුනු මාධ්‍ය සාකච්ඡාවකදි කියල තියනවා, ඔවුන් දැන් කාළයක ඉදන්ම Reddit එක Google වගේ ‘go-to’ search engine එකක් ලෙස නිර්මානය කරමින් සිටින බව. ඒ කිව්වෙ, Google හරහා Reddit content search කරන එකට විකල්පයක් විදියට Reddit එක ඇතුළෙම AI help එකත් එක්ක පිලිතුරු හොයාගන්න හැකියාව ඉදිරියෙදි ලැබෙන බවයි.

ඇත්තටම, Reddit එක දැනටමත් search engine එකක් වගේම වැඩ කරනවා. ඔවුන්ගේ internal data වලට අනුව, සතියකට මිලියන 70ක වගේ පරිශීලක පිරිසක් Reddit එකේ search bar එක භාවිත කරනවා. ඒ අතරින් මිලියන 6ක වගේ පරිශීකයන් පිරිසක් “Reddit Answers” කියන AI-powered Q&A විශේෂාංගය භාවිත කරනවා. ඒ සදහා මීට මාස කිහිපයකට පෙර මිලියනයක වගේ පමණ පිරිසක් විතරයි හිටියෙ.

දැන් ඔවුන් කරන වැඩේ තමයි ඒ search features හැම එකක්ම එක UI එකක් යටතට එකතු කර නිර්මානය කිරීම. Reddit Answers, traditional search, සහ trending content එකතුවක් විදිහට එකම search experience එකක් ලෙස redesign කරන්න ඔවුන් අදහස් කරලා තියෙනවා.

මේක තමයි Reddit යන ගමනේ මීලග පියවර වෙන්නෙ. “Real human conversations” සහ “authentic answers” වලට මුල්‍තැන දීලා user experience එක වැඩි කිරීම තමයි ඔවුන්ගේ බලාපොරොත්තුව. Reddit Answers කියන්නේ ChatGPT වගේ summary එකක් නෙවෙයි, ඒක community insights, upvoted responses, සහ සැබෑ පරිශීලකයන් දාපු නිවැරදි පිලිතුරු වලට AI touch එකක් දෙන විශ්වාසනීය මූලාශ්‍රයක්.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...

Windows 10 ඇත්තටම ඉවරද, ඊලගට මොකද කරන්නෙ…?

ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම්...

ලොව පළමු Robot Smartphone එක Honor වෙතින්

ජංගම දුරකථන ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක් එක් කරමින් Honor සමාගම නවතම සංකල්පයක්...

අලුතෙන් Redesign උනු YouTube

Google විසින් YouTube video player එකට අලුත්ම redesign එකක් නිකුත් කරලා තියෙනවා....