Home Tech News social media මොකක්ද මේ Reddit Search Engine කියන්නෙ?
social mediaTech News

මොකක්ද මේ Reddit Search Engine කියන්නෙ?

Share
blank
Share

Reddit වෙතින් ඔන්න දැන් ඔවුන්ගේම Search Engine එකක් හදුන්වා දෙන්නයි සූදානම් වෙන්නෙ. Reddit CEO Steve Huffman පසුගියදා තිබුනු මාධ්‍ය සාකච්ඡාවකදි කියල තියනවා, ඔවුන් දැන් කාළයක ඉදන්ම Reddit එක Google වගේ ‘go-to’ search engine එකක් ලෙස නිර්මානය කරමින් සිටින බව. ඒ කිව්වෙ, Google හරහා Reddit content search කරන එකට විකල්පයක් විදියට Reddit එක ඇතුළෙම AI help එකත් එක්ක පිලිතුරු හොයාගන්න හැකියාව ඉදිරියෙදි ලැබෙන බවයි.

ඇත්තටම, Reddit එක දැනටමත් search engine එකක් වගේම වැඩ කරනවා. ඔවුන්ගේ internal data වලට අනුව, සතියකට මිලියන 70ක වගේ පරිශීලක පිරිසක් Reddit එකේ search bar එක භාවිත කරනවා. ඒ අතරින් මිලියන 6ක වගේ පරිශීකයන් පිරිසක් “Reddit Answers” කියන AI-powered Q&A විශේෂාංගය භාවිත කරනවා. ඒ සදහා මීට මාස කිහිපයකට පෙර මිලියනයක වගේ පමණ පිරිසක් විතරයි හිටියෙ.

දැන් ඔවුන් කරන වැඩේ තමයි ඒ search features හැම එකක්ම එක UI එකක් යටතට එකතු කර නිර්මානය කිරීම. Reddit Answers, traditional search, සහ trending content එකතුවක් විදිහට එකම search experience එකක් ලෙස redesign කරන්න ඔවුන් අදහස් කරලා තියෙනවා.

මේක තමයි Reddit යන ගමනේ මීලග පියවර වෙන්නෙ. “Real human conversations” සහ “authentic answers” වලට මුල්‍තැන දීලා user experience එක වැඩි කිරීම තමයි ඔවුන්ගේ බලාපොරොත්තුව. Reddit Answers කියන්නේ ChatGPT වගේ summary එකක් නෙවෙයි, ඒක community insights, upvoted responses, සහ සැබෑ පරිශීලකයන් දාපු නිවැරදි පිලිතුරු වලට AI touch එකක් දෙන විශ්වාසනීය මූලාශ්‍රයක්.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...