Home Tech News Hello Wonder සමාගම ළමුන් සදහා බ්‍රවුසරයක් හදුන්වාදෙයි
Tech News

Hello Wonder සමාගම ළමුන් සදහා බ්‍රවුසරයක් හදුන්වාදෙයි

Share
blank
Share

ලොවපුරා සිටින නියාමකයින්(Regulators) අන්තර්ජාල භාවිතය හා සම්බන්ධව වර්ධනය වන අවදානම් හදුනාගනිමින් එවැනි අනතුරු වලින් ළමුන් ආරක්ෂා කිරීමට ඔවුන්ගේ උත්සහයන් තීව්‍ර කර තිබේ.එනම් නව මෘදුකාංග, උපාංග නිපදවීමට ඔවුන් කටයුතු කරමින් සිටී.මෙම උත්සහයන් බොහොමයක් සිදුකරන්නෙ කුඩා දරුවන්ගේ ආරක්ෂාව ඉල්ක්ක කරගෙනය.

මෙලෙස Google සහ Amazon වැනි සමාගම්වල සේවය කර ඇති පුද්ගලයින් තිදෙනෙකු විසින් Hello Wonder නම් Ai තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන වයස අවු.5-10 අතර දරුවන්ට ඉගෙනීමට සහ ගවේෂණයට ආරක්ෂිත පරිසරයක් සහිත බ්‍රවුසරයක් නිපදවීමට කටයුතු කර තිබේ.

Hello Wonder පිහිටුවන ලද්දේ Google හි Ai මූලාකෘති කණ්ඩායමට නායකත්වය දුන් සෙත් රෆායෙල් විසිනි. තවද Amazon, Disney, Dreamworks සහ NBCUniversal හි පරිගණක ක්‍රීඩා නිෂ්පාදකයෙකු ලෙස සේවය කල බ්‍රයන් බැකස් සහ Google හි නිශ්පාදන නිර්මාණකරුවෙකු ලෙස කටයුතු කල ඩැනියෙල් ෂිප්ලැකොෆ් ද Hello Wonder සමාගමෙහි අනෙක් ප්‍රධානීන් දෙදෙනා වේ.

Introducing Hello Wonder

සමාගම දැනට Ipad සදහා පමණක් Browser එක නිර්මාණය කරඇති අතර එහි පූර්ණ පාලනය දෙමාපියන් සතුවේ.මෙම බ්‍රවුසරයේ ඇති Ai Chatbot මගින් දරුවන්ට ඇති ප්‍රශ්න යොමුකර ආරක්ෂිත පිලිතුරු, වීඩියො සහ අන්තර්ක්‍රියාකාරී අත්දැකීම් ලබාගැනීමට ඉඩ සලසයි.Youtube Kids වැනි යෙදුම්වල ඇති ගැටළු නිරාකරණය කරමින් මෙම Hello Wonder Browser එක සංවර්ධනය කර ඇති බව එහි නිර්මාණකරුවන් පවසයි.

එසේම Hello Wonder සමාගමට මෙම Browser එක නිපදවීම සදහා Designer fund, a16Z Scout Fund, Ground Up Ventures සහ Chasing Rainbows වැනි ආයෝජකයින්ගෙන් ඩොලර් මිලියන 2.1 ලැබී ඇත. Hello Wonder යෙදුම සදහා සමාගම දැනට ගාස්තුවක් අය නොකරන නමුත් ඉදිරියේදී කිසියම් ගාස්තුවක් අයකිරීමට ඔවුන්ගේ සැළැස්මක් ඇතැයි වාර්තා වේ.මෙම යෙදුම Android Tablet සහ Chromebook වෙතද හදුන්වාදීම ඔවුන්ගේ මීලග අරමුණයි.

SourceTech Crunch / Hello Wonder / Perplexity Ai

Share
Written by
Minidu Shashimal Aluthge

Tech Enthusiast Author

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...