Home Tech News බිලියන දෙකක පරිශීලක පිරිසක් ඉන්න Google Overview
Tech News

බිලියන දෙකක පරිශීලක පිරිසක් ඉන්න Google Overview

Share
blank
Share

ඔයාට දැන් Google එකෙන් search එකක් කරනකොට, මුලින්ම ලැබෙන්නෙ summary එකක්. දැන් Google සමාගම කියන විදිහට, මේ AI Overviews feature එක හරහා මසකට බිලියන 2කට වඩා search requests සිදුවෙනවා.

මේ AI Overviews කියන්නේ, ඔයා Google එකේ ප්‍රශ්නයක් type කළාම, ඒකට නිවැරදි summary එකක් ලියලා දෙන system එකක්. පරණ search result list එකට පෙර මේ summary එක ලැබෙන නිසා, කියවන්න විතරක් නෙවෙයි, කෙටි වෙලාවකින්ම concept එක කැමති විදියට අරගෙන යන්න පුළුවන්. දැන් මෙය රටවල් 200කට වැඩි ප්‍රමානයකට rollout වෙලා තියෙනවා.

Google සමාගම මේ AI experience එක තවත් upgrade කරලා, දැන් ඒකට “AI Mode” කියන නව version එකත් හඳුන්වා දීලා තියෙනවා. තවමත් මේ feature එක US සහ India වලට සීමා වෙලා තියෙනවා. නමුත් මිලියන 100කට වඩා පරිශීලකයන් මේක අත්හදා බලලා තියෙනවා කියලා Google සමාගම කියනවා.

දැන් ගොඩක් අය අසන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි AI Overviews වලින් Google Search වල traditional links වල click count එක අඩුවෙයිද?” කියලා. Google කියනවා, ඔවුන් තාමත් original web links වලට traffic drive කරනවා කියලා. ඒ කියන්නේ, AI එකෙන් නිවැරදි පිලිතුරක් ලැබුණත්, පරිශීලකයන්ට වැඩිදුර දැනගන්න උවමනා නම් අදාල site එක මත click කරන නිසා click count එක අඩුවෙන්නෙ නැහැ කියලා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...