Home Games Valorant ගහන්න අකමැති අයට Rainbow six siege
GamesTech News

Valorant ගහන්න අකමැති අයට Rainbow six siege

Share
blank
Share

Rainbow six යනු 1996 වසරේ ඇමරිකානු ජාතික නවකතා කරුවෙකු වන Tom Clancy විසින් රචිත ග්‍රන්ථයක් පාදක කර ගනිමින් නිපදවූ Game franchise එකකි.පළමු Rainbow six game එක 1998 දී නිකුත් වූ අතර එය develop කිරීම Red storm entertainment නමැති Tom Clancy ගේම studio එකක් මඟින් සිදුකර ඇති අතර පසුව එය Ubisoft යටතට පත්විය.මේ වන විට Rainbow six franchise එකෙහි games 13ක් නිකුත් වී ඇති අතර එයින් 2015 වසරේ නිකුත් වු Ubisoft Montreal මඟින් developed කළ Rainbow six siege ක්‍රිඩකයන් අතර විශාල ජනප්‍රියත්වයක් ලැබීය.

            ලොවපුරා සිදුවන ත්‍රස්ත ක්‍රියාකාරකම් පදනම් කර ගනිමින් නිර්මාණය කර ඇති මෙයට environmental destruction වැනි අංග එක් කිරීමෙන් වැඩි තාත්වික බවක් game එකට ලබාදී ඇත. 5v5 multiplayer game mode එකක් සහිත මෙහි Bomb ,Hostage සහ Secure Area ලෙස sub- game mode 3කින් සමන්විතයි.Multiplayer game mode එක තුලදී Attackers සහ Defenders ලෙස teams දෙකක් ඇති අතර Attack team  එකට drone කැමරා යැවීම මඟින් අනෙක් කණ්ඩායමේ තොරතුරු ලබාගත හැකි අතර Defense team එකට Wall Reinforced කිරීම සහ Barricade කිරීම මඟින් වැඩි ආරක්ෂාවක් ලබා ගත හැකියි.එමෙන්ම මෙහිදීද තම කණ්ඩායම සමඟ හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගැනීම ඉතා වැදගත් වේ.

         Rainbow six siege හි වසරකට seasons 4ක් බැඟින් මාස 3කට වරක් අලුත් season එකක් ආරම්භ වන අතර එමඟින් අලුත් Operators ලා සහ Maps game එකට එකතු වෙනවා.එමෙන්ම මේ වන විට මෙහි Attackers ලා 30ක් සහ 2021 ජුනි මාසයේ පැමිණි North star season එකත් සමඟ එකතු වු Operator සමඟ Defenders ලා 30ක් සිටින අතර Maps 22 කින් සමන්විත වේ.

Rainbow six siege  2020 දෙසැම්බර් වන විට මිලියන 70කට අධික registered accounts සංඛ්‍යාව පසු කළේය.Rainbow six siege free to play game එකක් නොවන අතර නමුත් game store මඟින් පවත්වන sales වලදී ඉතා අඩු මුදලකට මෙය ලබාගත හැකි වෙනවා.එමෙන්ම 2021 E3 event එකෙහිදී නවතම Rainbow six game එක reveal කර අතර එය Rainbow six Extraction ලෙස මෙම වසරේ සැප්තැම්බර් 18 නිකුත් කිරීමට නියමිතයි.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...