Press ESC to close

Far Cry 6 ගැන අලුත් විස්තර

Ubisoft කාලයක ඉඳන් tease කරපු Far Cry franchise එකේ අලුත්ම එකතුව Far Cry 6 ගැන අලුත් තොරතුරු මේ වෙද්දි release වෙලා තියනවා. ඒ අනුව ඔක්තෝබර් 7 මේ ගේම් එක PC, Xbox, Playstation වගේම Google Stadia කියන platforms වලට නිකුත් වෙන්න නියමිතයි. Far Cry 6 එලිදක්වන්න නියමිතව තිබුනෙ පසුගිය පෙබරවාරි මාසයේ උනත් වසංගත තත්වයත් එක්ක ඒ සැලසුම් කල් ගියා. කලින් release වෙච්ච තොරතුරු ගැන මීට කලින් ලිපියකින් අපි කතා කරා.

Far Cry 6 පාදක වෙලා තියෙන්නෙ Yara කියන මනක්කල්පිත රට ඇතුලෙ. මේ Yara දේශයට ආභාශය ඇරන් තියෙන්නෙ කියුබාව සහ අනිකුත් කැරිබියානු රටවල් වලින් කියලයි ගේම් එකේ Lead Gameplay Designer වෙන David Grivel නම් සඳහන් කරන්නේ. ක්‍රීඩකයා play කරන්නේ Dani Rojas කියන තරුණ නැගී එන කැරළි සමාජිකයෙක් විදිහටයි. Dani ගැහැණු චරිතයක්ද පිරිමි චරිතයක්ද කියල තෝරගන්න ගේම් එක play කරන ක්‍රීඩකයට අවස්ථාව දීල තියනවා. Far Cry 6 ක්‍රීඩාවේ main villain වෙන්නෙ Anton Castillo. මේ චරිතයට පණ පොවන්නෙ අපි කවුරුත් දන්න Breaking Bad වගේ series වලින් ජනප්‍රිය උන Giancarlo Esposito. ඉතින් Anton සූදානම් වෙන්නෙ තමන්ගෙ අවුරුදු 13ක් වුන පුතා Diego ට පාලන බලය ලබා දෙන්නයි.

Get Your Site Up with A2 Hosting

අලුත් Far Cry 6 ගේම් එකේ ඉතා විශාල පරාසයක customization බලාගන්න හැකියාව ලැබෙනවා. මේ විදිහට customize කරන්න පුලුවන් දේවල් විදිහට ආයුධ, වාහන සහ costumes වගේ දේවල් බලාගන්න පුලුවන්. මේ අතර DIY ආකාරයට සකසන ලද විකාර රූපී ටින් වලින් පහර දෙන තුවක්කු සහ CD වලින් පහර දෙන ආයුධත් මේ ගේම් එකේ අපිට දකින්න ලැබෙනව කියල අලුත්ම trailer එකෙන් reveal කරනව. ඒ වගේම jetpack එකක් සහ missile launcher එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් backpack එකකුත් දකින්න ලැබෙනවා. මේ ක්‍රීඩාවේදි කිඹුලෙකුටත් අපිට සුරතල් සතෙක් විදිහට අණ දෙන්න පුලුවන්.

කලින් Far Cry 4 සහ 5 වලට වඩා හොඳ ප්‍රතිචාරයක් දැනටමත් මේ අලුත් Far Cry ගේම් එකට ලැබෙනවා. මේ ගේම් එක නිකන්ම survival game එකක් විතරක්ම නෙවේ. දේශපාලනික කරුණුත් මේකට සම්බන්ධ නිසා හුඟ දෙනෙක් මේක එනකන් බලාගෙනයි ඉන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *