Browser එකේ Play කරන්න PS1 WipeOut Game එක
Wipeout කියන්නෙ Sony සමාගම ඔවුන්ගෙ Playstation 1 Game එක Launch කරද්දි ඒ වෙනුවෙන්ම නිපදවපු Exclusive title එකක්. 1995 දි Playstation 1 එකේ hardware capabilities පෙන්වන්න වගේම අදටත් වෙනස්ම අත්දැකීමක් මේ Game එකෙන් ලැබෙනව.
Dominic Szablewski කියන programmer විසින් මේ Game එකේ Source code එක ලබාගෙන එය Web browser එකක් හරහා Play කරන්න පුළුවන් විදිහට වැඩිදියුණු කරල තියෙනව. ඉතින් දැන් තියෙන ඕනම PC එකකින් මේ Game එක play කරන්න ඔයාලටත් පුළුවන්.