Home Tech News Explained NASA+ නවතම streaming platform එක
ExplainedTech NewsUpdates

NASA+ නවතම streaming platform එක

Share
blank
Share

NASA ආයතනය විසින් ඔවුන්ගේම streaming platform එකක් නිකුත් කරන්න සූදානම් වෙනව. එය NASA+ ලෙස නම් කර තිබෙනව. මෙය මේ මාස කීපය ඇතුලත නිකුත් කරන බව NASA ආයතනය ප්‍රකාශ කර තිබෙනව. ඔවුන්ගෙ වෙබ් අඩවියෙන් දැනටමත් livestreams සිදුකරන අතර මෙම NASA+ මගින් livestream පමනක් නොව ඔවුන්ගේම වීඩියො සීරිස් නිකුත් කරන්නත් සූදානම් වෙනව.

මෙම streaming platform සම්පූර්නයෙන්ම නොමිලෙ නිකුත් කරන අතර මෙහි ඇඩ් වලින් බාධාවක් සිදුවන්නෙත් නැහැ. ජංගම දුරකතන සදහා ඔබට මෙය NASA ආයතනයෙ ඇප් එක හරහා බාවිතා කරන්න පුලුවන්. එය iOS සහ Android සදහා සහය දක්වනව. ඒවගේම පරිගණක වලින් බාවිතා කිරීමට browser පාවිච්චි කර පුලුවන්. ඒවගෙම NASA+ Roku, Apple TV සහ Fire TV වැනි on demand සේවාවන් ඔස්සේත් මෙය නරබන්න පුලුවන්.

මීට අමතරව NASA ආයතනය ඔවුන්ගේ දැනට පවතින වෙබ් අඩවිය දියුනු කරගෙන යනව. එමගින් දැන් ලබාදෙනවාට වඩා තොරතුරු ලබාදෙන බව එම ආයතනය පවසා තිබෙනව. එහි ඔවුන්ගේ missions, research projects සහ Artemis program ආදිය ගැන තොරතුරු තිබෙනව.

මෙම නව වෙබ් අඩවියෙන් වෙනත් divisions සදහා තිබෙන NASA ආයතනයෙ වෙබ් අඩවි වල තොරතුරු සදහා වුනත් පිවිසෙන්න පුලුවන්. එම නව වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න පුලුවන්. එය තවමත් beta සංස්කරනයක් ලෙසයි පවතින්නෙ.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...