Home Tech News ASUS වෙතින් Intel Z390 කාණ්ඩයේ Motherboard පෙළක්
Tech News

ASUS වෙතින් Intel Z390 කාණ්ඩයේ Motherboard පෙළක්

Share
blank
Share

අලුතෙන්ම නිකුත් වෙච්ච intel 9th gen CPU සදහාම නිකුත් කරපු Z390 Chipset එක සහිත Motherboard මාදිලි පෙළක්ම Asus සමාගමෙන් නිකුත් කරල තියෙනව. අලුත්ම Build එකක් කරන්න යනවනම් intel 9th gen CPU වලින් උපරිම පහසුකම් ගන්න මේ Motherboard වලින් පුලුවන්.

අවශ්‍යතාවය අනුව තෝරගන්න Gaming, Performance enhancements, Connectivity options වගේම Intelligent cooling සහ Over clocking වලට සහය දක්වන Asus ROG, ROG STRIX, Prime, WS සහ TUF යන Series වලින් Motherboards නිකුත් කරල තියෙනව.

මේ යටතේ එන ASUS AI Overclocking යටතේ Windows තුලින් එහෙමත් නැත්නම් UEFI BIOS හරහා ලේසියෙන්ම Automatic Tuning හරහා System එකේ CPU Cooling එකට ගැලපෙන විදිහට CPU එක Overclock කරන්න පුලුවන්  උපරිම ප්‍රමාණය නිර්ණය කිරීම සිද්ධ වෙනව. මේක PRIME Z390A / WS Z390-PRO සහ ROG Motherboard කාණ්ඩ වල අඩංගු වෙනව. (Strix Z390-H Gaming Motherboard එකේ මෙම අංගය නැත)

මේ යටතේ

Z390 Asus ROG – Republic Of Gamers කාණ්ඩයෙන්

  • Maximus XI Extreme
  • Maximus XI Formula
  • Maximus XI Code
  • Maximus XI Hero (WiFi/COD4)
  • Maximus XI Gene නිකුත් වෙලා තියෙනව.

Z390 – ROG Strix Gaming කාණ්ඩයෙන්‍ේ‍

  • Strix Z390-I
  • Strix Z390-E
  • Z390-F
  • Z390-H නිකුත් වෙලා තියෙනව

මීට අමතරව

  • WS Z390 PRO
  • Prime Z390-A
  • Prime Z390-P
  • Z390M-PLUS වගේම

TUF Gaming Z390 කාණ්ඩය යටතේ

  • TUF Z390-PRO Gaming
  • TUF Z390-PLUS Gaming
  • TUF Z390M-PRO Gaming plus WiFi කියන Motherboards නිකුත් වෙලා තියෙනව.
Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...