Home Tech News Online ආපු හොරු
Tech Newswebsites

Online ආපු හොරු

Share
blank
Share

මේ ලිපිය ලියන 2018 වසර වෙනකොට ලංකාවෙ අපිට online shopping කියන දෙය නුහුරු දෙයක් නෙමෙයි. ඉස්සර කඩවල් ගානෙ ඇවිදල වෙලාව වැය කරගෙන කරපු Shopping දැන් Smart phone එකෙන් laptop එකෙන් ගෙදර ඉදන්ම කරන්න පුලුවන් වෙලා තියෙනව. හැබැයි මේත් එක්කම ඉස්සර පාරෙ හිටපු හොරුත් modify වෙලා online ඇවිත්.

සෙරෙප්පුවෙ ඉදන් ශීතරකණ දක්වා ගන්න පුලුවන් ප්‍රධාන වෙබ් අඩවි වගේම පුංචි පුංචි වෙබ් අඩවි ගොඩක් දැන් ලංකාවෙ තියෙනව. මීට අවුරුදු 10කට වගෙ කලින් කාලයත් එක්ක සැසදුවම මේ online ගණුදෙනු සහ online දැන්වීම් පළකිරීම් වලට වැඩි දෙනෙක් යොමු වෙලා තියෙනව. මේක වෙළෙන්දට වගේම පාරිභෝගිකයටත් සෑහෙන වාසිදායකයි.

Poll not found

මේ එක්කම ගොඩ දෙනෙක් මේ online පහසුකම හරහා හොරකම් කිරීමත් ආරම්භ කරල තියෙනව. මේක විවිධ ක්‍රම හරහා සිද්දවෙනව කියල අපිට හොයාගන්න පුලුවන් උනා. මේ ගැන නොදැනුවත් බොහෝ දෙනෙක් මේ මුදල් මංකොල්ලකෑම් වලට ලක්වෙනව. ඉතින් මෙහෙම දෙයක් උනාම ඒ ගැන ගන්න පුලුවන් නීතිමය ක්‍රියාමාර්ග වගේම ඒ සදහා වැයවෙන කාලය බැලුවම ගොඩක් දෙනා කරන්නෙ පාඩුව විද දරාගෙන ඉන්න එකයි. අපිට දැනගන්න ලැබුන ක්‍රම අතර

  • online භාණ්ඩ/සේවා දෙන වෙබ් අඩවිවලින් ගෙවීම් කරාට පස්සෙ ඒ දේවල් ලබා නොදීම
  • පිටරටින් අපට අවශ්‍ය දේවල් ගෙන්නල දෙනව කියල Advance එකක් අරන් මගහරින අය
  • විශාල වටිනාකමක් තියෙන දේවල් අඩු මුදලකට විකුණන්න දැන්වීම් පළකරල ඒක වෙන්කරවා ගන්න advance එකක් දාන්න කියල රැවටීම
  • දුරකථන සමාගම් වල තරග වලින් දිනල ඒ මුදල ගන්න අවශ්‍ය ගාස්තු ගෙවන්න කියල මුදල් ලබාගන්න අය ඉන්නව.

 

මේ ගැන නීතිමය ක්‍රියාමාර්ග ගන්න ගියාම සමහරවිට ඒ ආයතන වලිනුත් වෙන්නෙ සෑහෙන කාලයක් මේ සදහා ගන්න එකයි. ඒ වගේම දුරකථන හරහා ගෙවීම් ක්‍රම හදුන්වල දුන්නට අපි කරන ගෙවීමක් නැවත කැදවන්න (Cancel ) බැහැ. මේ වගේ නීතියෙ සහ ගෙවීම් ක්‍රමවල අඩුපාඩු හරහා මේ වගේ Scam ජාවාරම් කෙරීගෙන යනව.

Poll not found

අන්තරජාතිකව සිද්දවෙනEbay Newegg Amazon වගේ online වෙළදපොළවල්වලදි buyer protection එකක් තියෙනව. අපට අවශය දේ වෙළෙන්දා ලබාදුන්නෙ නැත්නම් අපට මුදල ආපසු ලබාගන්න මේ හරහා පුලුවන් වෙනව. මෙහෙම දෙයක් ලංකාවෙදි තාමත් නැහැ. මේ ගැන අදාල සමාගම් වල Facebook පිටු හරහා Reviews දැම්මත් ඒ ගැන වැඩි අවධානයක් යොමුවෙන්නෙ නැහැ. ඒ වගේම බොහොම ලේසියෙන් මේ Facebook පිටු වහල දාල අලුත් ඒව පටන්ගන්න පුලුවන්කමත් තියෙනව.

මේ නිසා ලංකාවෙ ඕනම සේවාවක් හෝ භාන්ඩයක් ගැන හොද වගේම නරක කියන්න සහ ඒ සමාගම් / වෙළෙන්දන් ගැන Rating එකක් දෙන්න Online site එකක් තියෙනව කියන එකත් දැනගන්න. www.reviewsrilanka.com කියන වෙබ් අඩවියට ගියාම ඔයාගෙ අත්දැකීම අදාල සමාගම යටතේ කියන්න වගේම Rate කරන්නත් පුලුවන්. ඒ වගේම ඔයා කියන දේ තවත් කෙනෙකුට බලන්නත් ඔයා දෙන Rating අනුව අදාල කෙනාගෙ මුලු Rating එකම තීරණය වෙන නිසාත් තවත් කෙනෙකුට මේ වෙබ් අඩවිය හරහා ඒ ගැන පැහැදිලි අදහසක් ගන්නත් පුලුවන්.

Poll not found

මේ වෙබ් අඩවිය හැමදෙනා අතරටම අරන් යන්න උදව් කරන්න. මේ හරහා එක එක්කෙනාට සිද්ධවෙන දේවල් ගැන එකමුතු වෙලා හැමෝටම දැනගන්න ඒ ගැන කියන්න පුලුවන් වෙනව වගේම, ඒ හරහා කරදරවලට පත්වීමෙන් වැලකෙන්න අපටම පුලුවන්.

Share
Written by
Priydarshana

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...