Contact Information

WhatsApp Us

දැනගත යුතු PGA LGA සහ BGA

 - 
English
 - 
en
Sinhala
 - 
si
Tamil
 - 
ta

අළුත්ම intel, AMD CPU ගැන කතා කරද්දි ඇහෙන වචනයක් තමයි LGA – PGA කියන්නෙ. මේව අහගෙන හිටියට මේ දේවල් වලින් කියන්නෙ මොකක්ද කියන එක දැනගන්න එක ගොඩක් හොදයි. ඉතින් මේ ලිපියෙන් විස්තර කරන්නෙ CPU Packaging Techniques ගැන.

පළවෙනුවෙන්ම CPU Packaging Method එකක් කියන්නෙ මොකක්ද කියන එක ගැන දැනගෙන ඉමු. සාමානයෙන් අපි CPU එකක් – එහෙමත් නැත්නම් IC Chip එකක් කියල අල්ල ගන්න කොටස PCB (Printed Circuit Board) එකක් IHS – (Integrated Heat Spreader) එකක් වගේම මොළය වගේ වැඩ කරන Chip එකත් (මෙය CPU Die / Silicon Die ලෙසත් හැදින්වෙනව) ඇතුලත් වෙනව. සාමානයෙන් මේ Chip එක ගොඩක් පොඩියි. මේ නිසා ඒක එනෙක් පරිපථය එක්ක සම්බන්ධ කරන්න ලොකු PCB එකක් මතට සම්බන්ධ කරල Pins ටික විශාල ප්‍රෙද්ශයක විසුරුවල තමයි නිර්මාණය කරන්නෙ. මේ විදිහට තියෙන Pins පිටතට යොමු කරද්දි එයට යොදාගන්න ක්‍රමය තමයි අපි පහතින් LGA – PGA – BGA විදිහට විස්තර කරන්නෙ.

අපේ Site එක හොදට වැඩකරන රහස A2 Hosting
මේ තියෙන්නෙ මැද තියෙන CPU Die එකෙන් PCB එකට කුඩා Wires මගින් සමිබන්ධ කරල තියෙන හැටි. මෙහි ප්‍රමාණය ගැන Idea එකක් ගන්න මැද තියෙන්නෙ ඉදිකටුවක්.

පහතින් පේන්නෙ CPU එක ඇතුලෙ ඇත්තම Die එක කොළ පාට PCB එක වගේම අර පුංචි Chip එකේ රත්වීම පතුරුවල යවන Integrated Heat Spreader එක. මේ IHS එක සහ CPU Die එක අතර වෙනම Thermal Paste තට්ටුවක් දාල තියෙනව. මේක අපිට මාරු කරන්න බැහැ. මොකද ඒකට CPU එකේ කොටස් ගලවන්න වෙන නිසා.

PGA – PIN GRID ARRAY

PGA කියන්නෙ CPU එකක් හෝ Electronic Chip (IC – Integrated Circuit) එකක් නිෂ්පාදනයෙදි ඈත අතීතයේ ඉදලම භාවිතා කරපු Packaging method එකක්. මේකෙදි Square එහෙමත් නැත්නම් Rectangular හැඩයකට නිෂ්පාදනය කරන Chip එක සහිත PCB එක පහතින් Pins Array එකක් විදිහට තමයි සම්බන්ධක තියෙන්නෙ. මේක සම්පූර්ණ Chip එකේ යට කොටසෙම හෝ කුඩා කොටසක තිබිය හැකියි.

මේක Mount වෙන්නෙ Holes – සිදුරු තියෙන Socket එකකට. මේ හරහා නිවැරදිව ඇතුලත් වෙලා අනෙක් Circuit එකත් එක්ක ගැටීම හා එය ගැලවී යාම වැලැක්වීමට Locking mechanism එකක් භාවිතා වෙනව.

වාසි අවාසි

මෙම ක්‍රමය හරහා Pins නිවැරදි ලෙස Socket එකට install කිරීමට ඒ ගැන දැනුමක් අවශ්‍ය වෙනව. මේ වනවිට වැරදි විදිහට CPU Install කරන්න බැරි වෙන්න CPU PCB එකේ කුඩා නෙරුම් පවා හදල තියෙනව. පරිස්සමෙන් පරිහරණය කලොත් ගැටළුවක් නැතිව පාවිච්චි කරන්න පුළුවන්. නමුත් බොහෝ විට Chip එක මත Pins තිබීම නිසා අත්වැරදීමකින් මේවා කැඩී යාම – නැවීම ආදිය වෙන්න පුළුවන්. ඒ වගේම යොදා ගන්න Locking Mechanism එක අනුව Cooler එක ගැලවීමේදී CPU එක පිටතට ඇදී ඒමේ විශාල සම්භාවිතාවක් තියෙනව. කෙසේ වෙතත් Pins වල පුංචි ඇදවීමක් පහසුවෙන්ම හදාගන්න පුළුවන් වීම මෙහි හොද ගුණාංගයක් ලෙස හදුන්වන්න පුළුවන්.

LGA – LAND GRID ARRAY

LGA වලදි වෙන්නෙ Square හෝ Rectangular Chip / IC එකේ එහෙමත් නැත්නම් CPU එකේ Pins වෙනුවට CPU Socket එකේ Pins අඩංගු කිරීමයි. මෙහිදීත් හැම කොටසකම Contact points තිබීම හෝ කුඩා කොටසක පමණක් තිබීම දැකිය හැකියි. CPU එකේ Contact Points පමණක් තිබෙන අතර Socket එකේ විවිධ Methods යටතේ Pins සහ Locking mechanism අඩංගු කර තිබෙනව.

මෙම LGA packaging method එකේදි Pins සහිත ීදජනැඑ එකකට හෝ ඊයම් භාවිතා කර කෙලින්ම PCB එකට පෑස්සිමත් කරන්න පුළුවන්. 1996 දි වගේ මේ තාක්ෂණය භාවිතා උනත් intel සමාගම මෙය 2004 දි තමන්ගෙ Socket LGA 775 එකට හදුන්වා දීමත් සමග තමයි ජනප්‍රිය වෙන්නෙ.

වාසි අවාසි

මෙම ක්‍රමයේදී CPU එක install කිරීමේදී හානි වීමේ වැඩි සම්භාවිතාවක් ඇත්තේ Pins සහිත Socket එක ඇති Motherboard එකටයි. සාමානයෙන් Motherboard එකක මිළ CPU එකකට වඩා අඩු නිසා මේ හරහා යම් ආරක්ෂාවක් ඇති වේ යැයි හැගුනත් සමහර Motherboards CPU තරමටම මිළ නිසා මෙය හැමවිටම නිවැරදි තර්කයක් වෙන්නෙ නැහැ. කෙසේ නමුත් Notches සහ Markings එක්ක CPU Mount කරන ආකාරය වඩා පහසු කර ඇති නිසා මෙය සාර්ථක බව පිළිගන්නා කරුණක්. ඒ වගේම Locking Mechanism එක CPU එක Socket එක හා Lock කරන නිසා CPU එක ගැලවී යාමට ඇති ඉඩ අඩුයි.

BGA -BALL GRID ARRAY

BGA එකේදි සිද්ද වෙන්නෙ LGA වගේම නිෂ්පාදනය වෙන IC / Chip එකේ Contact pads වලට ඊයම් බෝල සම්බන්ධ කර ඒ හරහා PCB එකට Mount කිරීමයි. මෙය අපි එදිනෙදා පරිගණක භාවිතයෙදි නොදුටුවත් -RAM -NVMe – IC වල කළු පාට Chip එක PCB එකට සම්බන්ධ වෙන්නෙ මේ ක්‍රමයෙන්. ඒ වගේම Graphic Card එකේ Graphics Chip එක PCB එකට සම්බන්ධ වෙන්නෙත් මෙහෙමයි. Laptop වල CPU වගේම GPU එක PCB එකට සම්බන්ධ වෙන්නෙත් මෙහෙමයි. මෙය නිවැරදිව යන්ත්‍ර හෝ උපකරණ භාවිතයෙන් සුදුසුකම් ලත් කාර්මිකයෙක් කල යුතුයි.

වාසි අවාසි

BGA packaging එක හරහා එන CHIPS සාමාන්‍ය කෙනෙක් විසින් ගලවා සවිකරන්න බැහැ. මේ නිසා තමයි Laptop වල CPU – GPU බොහෝවිට මාරු කරන්න බැරි වෙන්නෙ. නමුත් සමහර විට Graphic Card එකක් වැඩ කරන්නෙ නැති උනාම එහි පිටුපසින් Chip එක සහ Memory Module තිබෙන කොටසට Heat gun එකක් ඇල්ලීමෙන් එය නැවත ක්‍රියාත්මක වන තත්වයට පත් කර ගත හැකි වෙන්නෙත් මේ නිසාම තමයි. BGA ගැන දැනුවත් නැති උනත් එය බොහෝ තැන්වලදී යොදා ගැනෙනව.

Share:

7 Comments

  • Chandima, February 2, 2022 @ 12:37 pm Reply

    Important Article.Thank you..

  • Kaveesha madura, February 2, 2022 @ 1:12 pm Reply

    මේ වගේ ලිපි නියමයි. CPU එකෙත් අපි නොදන්න පුංචි පුංචි දේවල් ගොඩක් තියෙනවනෙ.

  • Ashan, February 2, 2022 @ 4:34 pm Reply

    Lga socket is good more pga socket

  • Nethum, February 3, 2022 @ 4:11 pm Reply

    Good

    • Sachith, February 3, 2022 @ 7:18 pm Reply

      👌 superb article 😊 thanks.

  • Sadun Tharuka, February 4, 2022 @ 7:21 am Reply

    සුපිරි

  • Yasith bimansa, February 8, 2022 @ 10:56 am Reply

    සුපිරි aiye meva thama one

Leave a Reply

Your email address will not be published. Required fields are marked *