Press ESC to close

MSI GE63 Raider 8RF Review

MSI GE63 RAIDER 8RF කියන්නෙ Gaming වලටම හදපු Notebook එකක්. Gaming Notebook වල Budget එකත් එක්ක performance compare කරොත් MSI කියන්නෙ ඒ Ranking වල ඉදිරියෙන්ම ඉන්න brand එකක් කියන්න පුලුවන්.

මේ Notebook එකේ අලුත්ම මිළ ගණන් වගේම ගන්න අවශ්‍ය තොරතුරු ඔයාලට Winsoft.lk එකෙන් බලන්න පුලුවන්.

Get Your Site Up with A2 Hosting

අලුත්ම 8th gen H series CPU එකක් සහ GTX 1070 8GB Graphic එක්ක එන GE63 RAIDER 8RF Gaming Notebook එකේ සම්පූර්ණ Spec එක වෙන්නෙ

  • Coffeelake i7-8750H+HM370
  • 16GB DDR4 RAM
  • 256GB NVMe SSD +1TB (SATA) 7200rpm
  • GTX 1070 , 8GB GDDR5
  • 15.6″ FHD ,120Hz 94%NTSC 3ms
  • Windows 10 operating system (ඔව් මේ Gaming Notebook එකත් එක්ක Genuine Windows 10 OS එකත් ඔයාට ලැබෙනව)

Pack එකේ එන දේවල් වෙන්නෙ

  • MSI GE63 RAIDER 8RF Gaming Notebook එක
  • Gaming backpack එක
  • Power Brick එක
  • Driver Software DVD එක
  • Manual එක

MSI GE63 RAIDER 8RF Notebook එකේ Gamers ලටම වැදගත් වෙන විශේෂ අංග වගේම මේ අංග වලට අමතරව Gaming Experience එක තවත් ඉහලට අරන් යන්න එකතු කරල තියෙන පුංචි පුංචි දේවල් නිසා Pro Gamer කෙනෙකුට මේක සෑහෙන ප්‍රයෝජනවත් වෙනව විශේෂයෙන්ම Gaming වලදි.

Mistic Lighting – Steel Series Keyboard with Per key Programmable RGB Lighting

Steel Series එකේ Keyboard එකක් සහ වෙන වෙනම අවශය විදිහට හදාගන්න පුලුවන් RGB lighting තියෙන මේ keyboard එක Gamersලට නම් සෑහෙන උදව්වක් වෙනව. තමන් play කරන Game එක අනුව Ammo / Health වගේම තවත් දේවල් keyboard එකෙන් indicate කරන විදිහට හදාගන්න පුලුවන්. ඒ වගේම Laptop Display එක පිටිපස්සෙ තියෙන RGB light strip වලිනුත් මේ දේවල් indicate කරන්න පුලුවන්.

Steel series software suite එකේ තියෙන තවත් features හරහා Music වලට වැඩකරන Lighting, GIF File එකක් පාවිච්චි කරල ඒක Keyboard lighting වලින් පෙන්නන්න වගේ ගොඩක් වැඩ මේකෙන් කරන්න පුලුවන්. ඉතින් මේ හැමදේම Notebook එකේ තියෙන Fetures වලට අමතර ඒව.

Dyna Audio / Nahimic 3

Dyna Audio වල Speakers සහ Woofer මේ MSI GE63 RAIDER 8RF Gaming Notebook එකේ තියෙනව. ඒ නිසා වෙනම Headset Sound setup නැතුව හොද Gaming Audio Experience එකක් මේ Notebook එකෙන් ගන්න පුලුවන්. (මෙතනදි Gaming කරද්දි Cooling Fan වලින් එන Noise එක නිසා Audio එක ටිකක් විතර වැඩි කරන්න වෙන අවස්ථා තියෙනව)

120Hz sRGB Calibrated Full HD Screen

MSI Laptop වල තියෙන sRGB Calibration එක නිසා මේ laptop එක Video / Photo Editing වලට උනත් පාවිච්චි කරන්න පුලුවන්. ඒ වගේම බොහොම පහසුවෙන් මාරුවෙන්න පුලුවන් onscreen interface එක හරහා තමන් කරන වැඩ අනුව Screen එකේ තියෙන modes තමන්ට කැමති mode එක තෝරගන්න පුලුවන්.

8th Gen CPU

intel 8th gen 8750 H කියන්නෙ මීට කලින් Generation වල ආපු HQ series එකේ Performance තියෙන 8th Gen series එක. මෙතනදි 2.20 Ghz base clock එකක් සහ 4.10Ghz Boost Clock එකක් තියෙන 6 core / 12 thread CPU එකක් කියන්නෙ Gaming / Video processing වගේ multi threaded workl loads හොදට කරන්න පුලුවන් powerful CPU එකක්.

 

GTX 1070 8GB Graphics

Desktop class GTX 1070 Card එකක් සහ 8GB VRAM එක්ක දැන් තියෙන Games Full HD වගේම triple Monitor Setup එකක ගහන්න පුලුවන් වගේම තවත් ඉස්සරහට එන Games කිසිම ගැටලුවක් නැතුව play කරන්න පුලුවන්කම ලැබෙනව.

16GB RAM

Notebook එකේ තියෙන CPU එක සහ GPU එක bottleneck නොවී වැඩ කරන්න වගේම Notebook එක පාවිච්චි කරද්දි Full Experience එකක් ගන්න තවත් upgrades වලට යන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. 16GB DDR 4 RAM කියන්නෙ දැනට තියෙන demanding games වගේම workloads වලටත් ගැලපෙන RAM capacity එකක්.

Gaming Performance

Benchmarks

User Benchmark results

3D MARK Benchmark Suite

  • Fire Strike Ultra – 4212
  • Fire Strike Extreme – 7922
  • Sky Diver – 35913
  • Cloud Gate – 35714

Unigine Heaven 4.0 – 2916

Unigine valley 1.0 – 3648

Build Quality 

Brushed Aluminum වලින් නිමකරල තියෙන Notebook එක ශක්තිමත් නිමාවක් තියෙනව වගේම Gaming වලදි වැඩි Air Flow එකක් ගන්න Vents එක්ක Design කරල තියෙනව. සාමාන්‍ය Notebook එකකට වඩා බරින් වැඩි නිසා මේ ශක්තිමත් නිමාව අනිවාර්යෙන් තිබිය යුතු දෙයක්.

ඔයා පාවිච්චි කරල තියෙන Laptop / Notebook වලින් හොදම Brand එක මොකක්ද?

Cooling

Cooler Boost 5 technology එක යටතේ Heat pipes 7ක් සහ විශාල vents තියෙන Notebook එක Gaming session වලදි ටිකක් විතර වැඩි ශබ්දයක් ඇති කරනව. මේකට Cooling pad එකක් හරහා පහල vents වලින් Air intake එක පහසු කරන්න පුලුවන්නම් Notebook එක Cool එකේ තියාගන්න ඒක උදව්වක් වේවි.

Software Experience

මේ MSI GE63 RAIDER 8RF එකත් එක්ක Genuine Windows 10 Copy එකක් ලැබෙනව. ඒ වගේම MSI Dragon Center / Steel Series App එක හරහා Notebook එකේ Hardware usage, feature control වගේම RGB Mystic Lighting Controlවගේ දේවල් කරන්න පුලුවන්.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Comments (1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *