Home Tech News හෙළකුරු නැණ !
Tech News

හෙළකුරු නැණ !

Share
blank
Share

හෙළකුරු 12.1 සමඟින් එන නව Spell Checker v2

සිංහල භාෂාවේ අක්ෂර වින්‍යාසය නිවැරදිව පවත්වාගැනීම අපගේ භාෂාවේ අනන්‍යතාවය සුරැකීමට අත්‍යවශ්‍ය කාර්යයකි. ඩිජිටල් යුගය තුළ සිංහල භාෂාව නිවැරදිව භාවිතා කිරීම සඳහා නවීන තාක්ෂණික විසඳුම් අවශ්‍ය වන අතර, හෙළකුරු 12 මගින් හඳුන්වාදුන් Spell Checker එම අවශ්‍යතාවය සපුරාලීමේ ප්‍රධාන පියවරකි.

හෙළකුරු 12 හි Spell Checker සංස්කරණය හරහා පරිශීලකයින් ලබාදුන් ප්‍රතිචාර පදනම් කරගනිමින්, එහි තිබූ අඩුපාඩු හඳුනාගැනීමට හා ඒවා නිවැරදි කිරීමට අවස්ථාව ලැබිණි. මෙම ප්‍රතිචාර මත පදනම්ව, වඩාත් ගුණාත්මක හා විශ්වසනීය සේවාවක් ලබාදීමේ අරමුණින් Spell Checker v2 හෙළකුරු සමාගම විසින් සංවර්ධනය කරන ලදී.

හෙළකුරු 12.1 සමඟ එන අලුත් විශේෂාංග

1. ස්වයංක්‍රීයව අක්ෂර වින්‍යාසය නිවැරදි කිරීම (Autocorrect)

  • පෙර සංස්කරණයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස වැඩිදියුණු කර ඇත
  • වඩාත් නිවැරදි හා විශ්වසනීය autocorrect විශේෂාංග

2. “Spelling Variations” – නව විශේෂාංගය

  • එකම ආකාරයට උච්චාරණය වන නමුත් අක්ෂර වින්‍යාසය වෙනස් වීම මත තේරුම වෙනස් වන වචන හඳුනාගැනීම
  • සන්දර්භයට ගැලපෙන පරිදි නිවැරදි වචනය තෝරාගැනීමේ හැකියාව පරිශීලකයාට ලබාදීම
  • උදාහරණ:
    • “බලලා” සහ “බළලා”
    • “වල” සහ “වළ”

ප්‍රයෝජන

  1. නිවැරදි අක්ෂර වින්‍යාසය සුරැකීම: සිංහල භාෂාවේ අක්ෂර වින්‍යාසය නිවැරදිව පවත්වාගැනීමට උපකාරී වීම
  2. පහසුව: Type කිරීමේදී සිදුවන වැරදි ස්වයංක්‍රීයව නිවැරදි කිරීමෙන් කාලය හා ශ්‍රමය ඉතිරි කිරීම
  3. නිවැරදි අර්ථ දැක්වීම: උච්චාරණයෙන් සමාන නමුත් අර්ථයෙන් වෙනස් වචන සඳහා නිවැරදි වචනය තේරීමේ හැකියාව
  4. ඩිජිටල් පරිසරයේ භාෂාව සුරැකීම: ඩිජිටල් ලොව තුළ සිංහල භාෂාවේ නිවැරදි භාවිතය ප්‍රවර්ධනය කිරීම

ඉදිරි දැක්ම

හෙළකුරු මගින් සිංහල භාෂාවේ ඩිජිටල් අනාගතය සඳහා ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක වැඩිදියුණු කිරීම් අඛණ්ඩව සිදු කිරීමට බලාපොරොත්තු වන බව හෙළකුරු සමාගම පවසන අතර පරිශීලක ප්‍රතිචාර මත පදනම්ව, මෙම මෘදුකාංගය තවදුරටත් වැඩිදියුණු කිරීමට කැපවී සිටින බව ඔවුන් ප්‍රකාශ කරයි.

Share
Written by
Minidu Shashimal Aluthge

Tech Enthusiast Author

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...