Home Tech News නව විශේෂාංග එක්වුනු Android 15
Tech News

නව විශේෂාංග එක්වුනු Android 15

Share
blank
Share

ගූගල් සමාගමෙන් අලුතෙන්ම Android 15 සදහා නව විශේෂාංග හතරක් නිකුත් කර තිබෙනවා.

එයින් පලමුවැන්න තමයි Google Messages මගින් දැන් AI බාවිතා කර spam පණිවිඩ හදුනාගැනීම සිදුකරනවා. ඔබට සැක සහිත පණිවිඩයක් ලැබුණොත්, Scam Detection ඒවා හඳුනාගෙන අනතුරු අඟවනවා. එතකොට, ඔබට එම chats අවහිර කරන්න හෝ report කරන්න පුළුවන්.

දැන් Find My Device හරහා ඔබේ මිතුරන්ට ඔබ සිටින ස්ථානය සජීවීව බෙදා ගන්න පුලුවන්. එයින්, ඔවුන් සිටින ස්ථානයත් දැක ගැනීමටත් පුළුවන්. මේ පහසුකම පෙර Google Maps හෝ Apple Find My ඇප් එකේ තිබුනත්, දැන් එය Find My Device තුළම ඇතුළත් කර තිබෙනවා.

දැන් Android Auto හරහා ඔබේ වාහනයේදීත් නවතම ගේම් ලබා ගන්න පුලුවන්. Candy Crush Soda Saga, Angry Birds 2, Beach Buggy Racing වැනි ජනප්‍රිය ගේම් ඔබේ දුරකථනයට බාගෙන, වාහනය නවතා තිබෙන විටදී ක්‍රීඩා කරන්න පුලුවන්.

මීට අමතරව දැන් Android Chrome ඇප් එක හරහා ඔබේ ආසම භාණ්ඩ වල මිල වෙනස්වීම් පිරික්සා බලන්නත්, වට්ටම් ඇති වෙලා නම් ඒ පිළිබඳව ඔබට දැනුම්දීමටත් හැකියාවක් තිබෙනවා.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...