Home Tech News අලුත් HDMI standard එකක් නිකුත් වෙයිද?
Tech News

අලුත් HDMI standard එකක් නිකුත් වෙයිද?

Share
blank
Share

මේ වෙනකොට අන්තිම HDMI cable standard එක ඇවිල්ල වසර හතක් වෙනවා. HDMI 2.1 කේබල් එක මුලින්ම හදුන්වා දුන්නෙ 2017 නොවැම්බර් 18 වෙනිද. ඒ නිකුත් වීමෙන් පස්සෙ තවමත් කිසිදු ප්‍රධාන update එකක් ආවෙ නැ.

ඔන්න දැන් දැනගන්න ලැබෙන වාර්තා වලට අනුව HDMI අලුත් standard එකක් නිකුත් වෙන්න සූදානම්. මේක බොහෝවිට HDMI 2.2 standard එක වෙන්න පුලුවන්. මේ අලුත් HDMI standard එක නිවේදනය කරන්නෙ ජනවාරි 6 වෙනිද තිබෙන event එකකින්. 

මේ අලුත් standard එක පිළිබඳව ඒ තරම් විස්තර තවමත් නිකුත් වෙලා නැහැ. ඒත් දැනගන්න ලැබෙන්නෙ high resolution වලට සහ high refresh rate වලට මෙය සහය දක්වන කේබල් standard එකක් බවයි.

පසුගිය වසරෙ නිකුත් උනු HDMI 2.1b standard එක ඒ තරම් ලොකු අප්ඩේට් එකක් තිබුණු එකක් නෙවේ. එහි අලුතෙන් එක්කර තිබුනෙ 10K resolution වලට සහය දැක්වීම සහ bandwidth එක 48Gbps සඳහා සහය දැක්වීමයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...