Home Tech News හිටපු ඉන්දීය Intel ප්‍රධානියා බයිසිකල් අනතුරකින් මියයයි.
Tech News

හිටපු ඉන්දීය Intel ප්‍රධානියා බයිසිකල් අනතුරකින් මියයයි.

Share
blank
Share

Intel ඉන්දියානු සමාගමේ හිටපු ප්‍රධානියා වෙන Avtar Singh Saini මුම්බායි වල නෙරුල් ප්‍රදේශයේ සිදු වෙච්ච බයිසිකල් අනතුරකින් මිය ගිය බව Hindustan Times පුවත්පත වාර්තා කරනවා. මේ වෙනකොට මෙයාට වයස අවුරුදු 68ක් වෙනවා. ඒ වගේම Saini අවුරුදු 22ක් පුරාවට Intel සමාගමේ සේවය කරමින් Intel Processors ගනනාවක්ම සංවර්ධනය කරන්න සම්බන්ධ වෙලා තියෙනවා.

Mint පුවත්පත නම් කියන විදියට උදේ 5.50ට විතර Saini බයිසිකල් පදිමින් ඉන්නකොට කැබ් රථයක හැප්පිලා තියෙනවා. ඒ වගේම සැකකරු අත්තඩංගුවට ගත්ත කියලත් වාර්තා වෙනවා. Times පුවත්පත නම් කියන්නෙ ඒ වෙලා පාරෙ ගිය මිනිස්සුම කැබ් රථයේ රියදුරාව අල්ල ගත්ත කියලා. හැබැයි Mint නම් කියන්නේ සැකකරුව අතඅඩංගුවට ගත්තෙ නෑ කියලා. කොහොම වුනත් මේක අනවසර රිය පැදවීම කියන චෝදනාව තමයි යොමු කරල තියෙන්නෙ.

Intel හි ඉන්දියාවේ Manager සහ දකුණු ආසියාවේ අධ්‍යක්ෂක වෙන Avtar Singh Saini මියයාම ගැන හැමෝම කනගාටු වෙනවා. Intel වල වත්මන් සභාපති හා Client computing group එකේ ප්‍රධානියා වෙන Gokul V Subramaniam, මේ ගැන මේ විදියෙ Linkedin පණිවිඩයක් පල කරල තියෙනවා.
“Avtar කියන්නෙ ඉන්දියාවේ Intel R&D මධ්‍යස්ථානයක් පිහිටුවන්න බොහොම මහන්සි වුන කෙනෙක්. ඔහු 1982 සිට 2004 වෙනකන්ම Intel වල කීර්තිමත් ජීවිතයක් ගත කලා. මේ කාලෙ Intel 386, Intel 486, Pentium වගේ Processors ගොඩක් නිපදවන්න මොහු මූලික වුනා. ඒ වගේම නව නිපැයුම්කරුවෙකු වගේම හොද නායකයෙකු විදියට Avtar සිහිපත් කරනවා.”

Saini වික්ටොරියා වල Jubilee කාර්මික ආයතනයේ විදුලි ඉන්ජිනේරුවෙක් විදියට උපාධියක් ගත්‍ත වගේම එහි කැපී පෙනෙන ආදි ශිෂ්‍යයෙකුත් වෙනවා. ඒ වගේම Sainiට Minnesota Campus එකේ විදුලි ඉන්ජිනේරු ශාස්ත්‍රපති උපාධියකුත් තියෙනවා. ඔහු 1982 Intel සමඟ එකතු වුන අතර Intel හි Santa Clara Microprocessor අංශයේ General Manager විදියට සේවය කලා. නමුත් පසුව 64-bit Processors වලට මාරු කලා.

CPU සංවර්ධනයට හා ඉන්දියාවේ R%D මධ්‍යස්ථානයක් පිහිටුවන්න තීරණාත්මක කාර්යන් ගොඩක් ඉටු කරන්න Saini සමත් වෙනවා. 1933 හදුන්වල දුන්න Intel Pentium Processors සහ 64-bit Itanium Processors වල පළමු අදියරේ සංවර්ධන වලට නායකත්වය දුන්න වගේම Microprocessor නිශ්පාදනය කරන්නත් patents බලපත්‍ර 7ක්ම ගන්නත් Saini සමත් වෙනවා. 1999 දි දකුණු ආසියාවේ අධ්‍යක්ෂක විදියට ඉන්දියාවට එන Sainiට ඉන්දියාවේ Intel හි R%D අංශය පිහිටුවන්නත් පුලුවන් වෙනවා. 2004දී සමගමෙන් ඉවත් වෙනකන්ම Intel ඉන්දියා සමාගමේ උප සභාපති විදියට Saini කටයුතු කරනවා.

1990 හා 2000 කාලෙ Dekstop. Notebook හා Data servers වල දියුණුවට Saini බොහෝ දායකත්වයක් සපයල තියෙනවා.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...