Home Tech News Explained Ray tracing වෙනුවට path-tracing සමග Cyberpunk 2077
ExplainedGamesTech News

Ray tracing වෙනුවට path-tracing සමග Cyberpunk 2077

Share
blank
Share

Nvidia සමාගම පසුගිය වසර කිහිපයේදි හදුන්වා දුන්න තවත් එක තාක්ශනයක් තමයි Ray tracing කියන්නෙ. මේ Ray tracing තාක්ශනය පරිගණක ක්‍රීඩා වලට සහ ග්‍රැෆික් නිර්මාණකරන වැඩ වලදි යොදාගැනුන. ඒත් Nvidia සමාගම බලාපොරොත්තු වුනු තරම් මේ තාක්ශනය එතරම් ජනප්‍රිය උනේ නැහැ.

කොහොමවුනත් පසුගිය වසරෙදි වැඩි කතාබහට ලක්වුනු Cyberpunk 2077 පරිගණක ක්‍රීඩාව සමග එකතුවෙල Nvidia සමාගම පරිගණක ක්‍රීඩා සදහා යොදාගන්න පුලුවන් තාක්ශනයක් හදුන්වා දෙන්න යනව. ඒ තමයි path tracing. මේකෙන් පෙරටත් වඩා පරිගණක ක්‍රීඩාවල ග්‍රැෆික් තාත්වික කර පෙන්වනව. Ray tracing මගින් virtual scene එකක් හරහා තනි ආලෝක කදම්භයක් හදුනාගෙන එය අනුගමනය කරන අතර,  path tracing මගින් සිදුකරන්නෙ අවට පරිසරයෙන් පැමිනෙන ආලෝකය අනුගමනය කිරීමයි. එමගින් ආලෝකය භෞතික ලෝකයේ ක්‍රියා කරන ආකාරය වඩාත් යථාර්ථවාදීව අනුකරණය කරනව.

මේ path tracing චිත්‍රපට කර්මාන්තයේ වසර ගණනක ඉදන් බාවිතා වෙනව. ඒත් මේ සදහා අධික වියදමක් වගේම විශාල කාලයකුත් වැයවෙන නිසා වෙනත් consumer gear වැඩ සදහා යොදාගත්තෙ නැහැ.

Cyberpunk 2077 පරිගණක ක්‍රීඩාව path tracing සමග ක්‍රීඩා කරන්න අවශ්‍ය නම් ඒ සදහා Nvidia RTX 40-series එකෙ GPU අවශ්‍ය වෙනව. Nvidia සමාගම පවසන්නෙ මේ path tracing සදහා DLSS 3 සහ Shader Execution Reordering යන තාක්ශනයන් ප්‍රධාන වශයෙන් යොදාගෙන තිබෙන බවයි.

මීටපෙරත් Cyberpunk 2077 පරිගණක ක්‍රීඩාවෙ Overdrive Mode එකක් Ray tracing සමග පැමිනියා. අප්‍රේල් 11 වෙනිද ඉදන්  RTX 40-series එකෙ GPU තිබෙන පරිශීලකයන්ට path tracing සහ DLSS 3 සමග Cyberpunk 2077 Overdrive Mode එක ක්‍රීඩා කරන්න පුලුවන්.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...