Home Tech News Whatsapp Status වලටත් ගීත එකතු කරන අප්ඩේට් එක
Tech News

Whatsapp Status වලටත් ගීත එකතු කරන අප්ඩේට් එක

Share
blank
Share

Whatsapp වලින් මෑත කාලයෙදි චැට් පහසුකමට අලුත් විශේෂාංග රැසක් එක්කලා. ඔන්න දැන් status සදහාත් මේ වගෙ අලුත් විශේෂාංග ඔවුන් එක්කර තිබෙනවා. අලුත්ම Android beta සංස්කරණය වන 2.25.2.5 වල මේ අලුත් status විශේෂාංගය දැන් තියනවා.

මේ අලුත් විශේෂාංගය තමයි status සදහා ගීතයක් එකතු කරන්න පුලුවන් වීම. Instagram වල තියනවා වගෙ අපිට status එකක් දානකොට Whatsapp music library එකෙන් අපි කැමති ගීතයක් තෝරගෙන එයට එකතු කරන්න පුලුවන්.

මේ music විශේෂාංගය භාවිතා කරන්න කලයුත්තෙ අලුතෙන් status එකක් ඇඩ් කරන්න යනකොට පෙන්වන music icon මත ක්ලික් කර අපි කැමති ගීතයක් තෝරාදෙන්න පුලුවන්. Image එකකට මේ විදියට තත්පර 15 ගීත කොටසක් එක්කරන්න පුලුවන් වගේම වීඩියෝවකට, වීඩියෝවේ අපි තෝරාගත් කොටසටම ගැලපෙන විදියට ගීතයක් යොදන්න පුලුවන්.

මේ විදියට අපි තෝරපු ගීතය status එක share කරාට පස්සෙ වෙනම Instagram වල වගෙ status එකෙ දකුණු පසින් පෙන්වනවා. එම ගීතය මත ක්ලික් කරාම ඒ ගීතය ගායනා කරන පුද්ගලයාගෙ Instagram profile එකට පිවිසෙන්න පුලුවන්.

දැනට මේ විශේෂාංගය තෝරාගත් beta පරිශීලකයන් පිරිසක් සඳහා පමණයි තියෙන්නෙ. ඉදිරියෙදි සියලුදෙනාටම මෙය අප්ඩේට් එකකින් නිකුත් වේවි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...