Press ESC to close

Far Cry 6 F Review

UBISOFT සමාගමේ Far Cry Game Series එකේ අළුත්ම එකතුව වන Far Cry 6 වල කතාව සහ නොදුටු රහස් පිළිබදව මෙම ලිපිය හරහා විස්තර වෙනව.

Overview

Get Your Site Up with A2 Hosting
  • 2021 release උන far cry 6 කියන්නෙ far cry franchise එකේ අවසානයට නිකුත්වුන game එක. Open world first person action adventure ගණයට අයත්වන මේ game එකට පාදකවෙලා තියෙන්නෙ Yara නම් මනඃකල්පිත දූපත. far cry franchise එකෙන්ම ලොකුම map එක වෙන්නෙත් මේ far cry 6 වල Yara දූපතේ map එක.
  • Far Cry 6 හිදී අපේ චරිතය වෙන්නේ Dani Rojas (අපේ කැමැත්ත අනුව male හෝ female Dani ලෙස තෝරාගත හැකිය). Dani යනු කලක් හමුදා සේවය කරපු කෙනෙක්. විප්ලවවාදියෙක් සහ දැන් ගරිල්ලා සටන්කරුවෙක්. Yara නම් tropical island එක Anton Castillo නමැති ඒකාධිපති පාලකයාගේ පාලනයෙන් මුදවාගැනීම තමා Dani ගේ අරමුණ වෙන්නෙ. Libertad නම් අපේ මිතුරු ගරිල්ලා කණ්ඩායම සමග එකතු වී තම අරමුණ ඉටුකරගැනීම තමා Dani ගේ ඉලක්කය වෙන්නෙ.

Gameplay

  • Far cry 6 වල gameplay එක ගත්තොත් අපිට අපේ අරමුණ කරා යන්න ගොඩක් options තියෙනවා. Game එකේ මුල්ම island එකේ අපිට Yara වල ජීවිතය ගෙවන ආකාරය, surviving skills, weapon crafting, workbenches ආදී මූලික කරුණු ගැන tutorials වගේ තමා missions ලැබෙන්නෙ.
  • අනෙක් island වල missions play කරන ගමන් ඔයාගෙ අරමුණට යන්න පාවිච්චි කරන්න පුලුවන් ගොඩක් options තියෙනවා. Travelling වලට අපිට වාහන, අශ්වයන් වගේම හෙලිකොප්ටර්ද use කරන්න පුලුවන්. ඒ fast travel ද මේ game එකට අඩංගු වෙනවා.
  •  Game එකේ ranking system එකක් තියෙනවා. මේ rank එක වැදගත් වෙනවා , මොකද අපේ character ගෙ rank එක map එකේ එක් එක් ප්‍රදේශවල missions complete කරන්න, explore කරන්න නිශ්චිත වුන rank එකක් තියෙන නිසා. ඉතින් අපිට අපේ character ගෙ rank එක වැඩි කරගන්න පුලුවන් සතුරු camps, checkpoints සහ FND bases liberate කිරීමෙන්.
  • මේ game එකෙත් අපිට අපේ සහයට amigos for hire විදිහට සත්තු කිහිපදෙනෙක් අපේ සහයට යොදාගන්න පුලුවන්.ඒ වගේම මේගොල්ලන්ගෙ විවිධ හැකියාවන් තියෙනව. Game එකේ අපිට use කරන්න පුලුවන් weapons වර්ගද කිහිපයක් තියෙනවා. Classic weapons, resolver weapons වගේම supremo weapons ලෙස හඳුන්වන special weapons ද මීට ඇතුලත් වෙනවා. මේ weapons වලට mods සහ perks ද විශාල ප්‍රමාණයක් game එකේ අඩංගුයි.
  • මීට අමතරව අපේ මිතුරු camp එකේ විවිධ පහසුකම් upgrade කිරීමත් කළ හැකියි.ඒ වගේම fishing and hunting,gran premio races, treasure hunts, collectible hunts, dominos වැනි side activities ද අපිට කරන්න පුලුවන්.

System Requirements

Far Cry 6 play කිරීමට අවශ්‍ය minimum සහ recommended requirements පහතින් සඳහන් කරන්නම්,

SystemMinimum PC requirements: 1080p, 30FPS (no raytracing)  Recommended PC settings: 1080p, 60FPS (no raytracing)  Recommended PC settings: 1440p, 60FPS (no raytracing)  Recommended PC settings: 1440p, 60FPS (ray tracing enabled)  Recommended PC settings: 4K, 30FPS (raytracing enabled)   
CPUAMD Ryzen 3 1200 – 3.1 GHZ or Intel i5-4460 – 3.2 GHZAMD Ryzen 5 3600X – 3.8 GHZ or Intel i7-7700 – 3.6 GHZAMD Ryzen 5 3600X – 3.8 GHZ or Intel i7-9700 – 3.6 GHZAMD Ryzen 5 5600X – 3.7 GHZ or Intel i5-10600 – 4.1 GHZ AMD Ryzen 7 5800X – 3.7 GHZ or Intel i7-10700k – 3.8 GHZ
GPUAMD RX 460 – 4 GB or NVIDIA GTX 960 – 4 GBAMD RX VEGA64 – 8 GB or NVIDIA GTX 1080 – 8 GBAMD RX 5700XT – 8 GB or NVIDIA RTX 2070 SUPER – 8 GBAMD RX 6900XT – 16 BG or NVIDIA RTX 3070 – 8 GBAMD RX 6800 – 16 GB or NVIDIA RTX 3080 – 10 GB
VRAM4GB8GB8GB8GB10GB
RAM8GB16GB16GB16GB16GB
Storage60GB60GB60GB60GB60GB
OSWindows 10(64 bit)Windows 10(64 bit)Windows 10(64 bit)Windows 10(64 bit)Windows 10(64 bit)
Far Cry 6 වල ඔබ නොදුටු රහස් නැරඹීම සඳහා මේ video එක බලන්න👆

Eshan Amarasinghe

Eshan Loves Gaming and also writes about them, This will help you understand the game better and have an overall good experience.

Comments (1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *