Home Tech News social media Facebook Account එකකින් Profiles කිහිපයක් සෑදීමේ හැකියාව පරික්ෂා කෙරේ
social mediaTech News

Facebook Account එකකින් Profiles කිහිපයක් සෑදීමේ හැකියාව පරික්ෂා කෙරේ

Share
blank
Share

Facebook ආයතනය විසින් එක Facebook account එකකින් profiles කිහිපයක් පවත්වාගෙන යා හැකි නව පහසුකමක් මේ වෙනකොට අත්හදා බලමින් තියනවා. මේ වගේ පහසුකමක් හඳුන්වාදෙන්න හේතුව වෙලා තියෙන්නෙ users ලට තමන් සම්බන්ධ වෙන්න කැමති කණ්ඩායම් සමග වෙනස් profiles යොදා ගනිමින් සම්බන්ධ වීමේ හැකියාව ලබාදෙන්නයි. උදාහරණයක් විදිහට එක Facebook account එකක් භාවිතා කරල ඔයාගෙ යාළුවන් සමග සම්බන්ධ වෙන්න එක profile එකක් සහ වෘත්තීය වැඩ කටයුතු වලට තවත් profile එකක් පවත්වාගෙන යන්න පුලුවන්.

මේ පහසුකම පරීක්ෂා කිරීමට තෝරගෙන ඉන්නෙ ඉතා සුළු පිරිසක්, එහෙම තෝරගත්ත කෙනෙක්ට තමන්ගෙ Facebook account එකෙන් profiles පහක් වෙනකන් සාදාගන්න හැකියාව තියනවා. එසේ සාදන එක් එක් profile එකට වෙනස් profile names සහ usernames යොදාගන්න පුලුවන්. කොහොම උනත් ප්‍රධාන profile එකට තමන්ගෙ ඇත්ත නම යොදාගෙන තියෙන්න ඕනා. Facebook ආයතනය ප්‍රකාශ කරන විදිහට මේ අමතර accounts වලින් අනිසි කටයුතු සිදු කරොත් ඒ accounts flag කරන්නත් කටයුතු කරනවා, මේ flag කිරීම ප්‍රධාන account එකටත් බලපානව කියලයි Facebook සමාගම ප්‍රකාශ කරන්නේ.

මේ අමතර accounts වලින් සාමන්‍යයෙන් Facebook මත සිදු කරන ඕනෑම ක්‍රියාකාරකමක් වගේ සිදු කරන්න හැකියාව තියනවා, ඒ උනත් Facebook page එකක් සාදන්න සහ manage කරන්න වගේ පහසුකම් කරන්න පුලුවන් තමන්ගෙ ප්‍රධාන account එක භාවිතා කරල විතරයි. මේ profiles කිහිපයක් සාදන්න පහසුකමක් ලබාදෙන්න තීරණය කරේ සමහරවිට Facebook තුල users ල තවදුරටත් රඳවා ගැනීමේ බලාපොරොත්තුවෙන් වෙන්න පුලුවන්, මොකද මේ වසර මුලදි Facebook සමාගමේ ඉතිහාසයේ පළමු වරට දෛනික පරිශීලකයන්ගෙ අඩුවීමක් වාර්තා කරනු ලැබුවා.

Share

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...