Home Games Prince of Persia: The Lost Crown පරිගණක ක්‍රීඩාව
Games

Prince of Persia: The Lost Crown පරිගණක ක්‍රීඩාව

Share
blank
Share

සතුරන් අතට පත්ව සිටින තම රාජධානියේ ඔටුන්න හිමි කුමරු බේරා ගැනීම පිණිස එම රාජධානියේ සිටින විශිෂ්ටතම සෙන්පතියා විසින් කරනු ලබන මෙහෙයුමක් පිළිබඳ කතාවක් පාදක කර ගෙන ප්‍රින්ස් ඔෆ් පර්සියා, ද ලොස්ට් ක්‍රවුන් පරිගණක ක්‍රීඩාව නිර්මාණ කර තිබෙනව.

පළමු සියවසේදී, දැන් ඉරානය හෙවත් එකල පර්සියාව සහ දැන් පකිස්තානයට අයත් ප්‍රදේශයේ තිබූ කුසනා රාජධානිය එකිනෙකාට සතුරුය. ඔවුන් අතර නිරතුරුවම යුධ ගැටුම් ඇවිලී තිබුන. මෙසේ දෙපාර්ශවය අතර වුණු යුද්ධයකදී කුසනා රාජධානියේ හමුදා ප්‍රධානියා මරා දැමුණා. එනිසා එම යුද්ධයේ ජය පර්සියාවට හිමි උනා.

යුධ ජයග්‍රහණයෙන් පසුව තම රාජධානියට පැමිණෙන පර්සියානු සෙබලුන්ට එරට රැජින ගෞරව සම්මාන පුදනව. කුසනා රාජ්‍යයේ හමුදා ප්‍රධානියා මරා දැමූ සාගන් නම් සෙබළාට සෙනෙවි තනතුරක් ලැබෙනව. පර්සියා රාජධානියේ ඔටුන්න හිමි කුමරා වන ඇගේ පුත්‍රයා ආරක්ෂා කිරීමට සාගන් පත් කරනව. මෙම යුද ජය සැමරුම් මැද සතුරන් රජ මාලිගාව ආක්‍රමණය කරනව. දරුණු සටන් මැද සතුරන් විසින් ඔටුන්න හිමි කුමරු පැහැරගෙන යනු ලබනව. සිය බේරා පුතු ගෙන පර්සියාවට නැවත කැඳවා එන්නැයි රැජිණ සාගන් සෙනෙවියාට නියම කරනව. අණට කීකරු වෙන සාගන් සතුරු කුසනා රාජධානිය වෙත ගමන් අරඹනව.

මෙම ගමන පහසු නැත. සාගන්ට විවිධ අභියෝග, සටන් මෙන්ම අනතුරුවලට මුහුණපෑමට සිදු වෙනව. ප්‍රින්ස් ඔෆ් පර්සියා, ද ලොස්ට් ක්‍රවුන් පරිගණක ක්‍රීඩාවේදී පරිගණක ක්‍රීඩකයා ක්‍රීඩා කළ යුත්තේ, සාගන් සෙනෙවියා වශයෙන්. සාගන් මෙහෙයවමින් රජ කුමරා බේරා ගැනීමට පරිගණක ක්‍රීඩකයා සමත්විය යුතුයි.

සාගන් සතුව තියුණු අසිපත් දෙකක් තිබෙනව. ඔහු සටන් කරන්නේ එකවර එම අසිපත් දෙකම භාවිතා කරමින්. එසේම සාගන්ට වේගයෙන් පැනීම, මද දුරක් වුවත් වේගයෙන් ගුවනේ පාවී ගමන් කළ හැකිවීම යනාදී දක්ෂතා තිබෙනව. එසේම ඔහු ඉතා වේගවත්වය. ඔහුගේ මෙම හැකියා හොඳින් අධ්‍යයනය කර, ඒවා නිසි සේ කළමනාකරණය කරමින් පරිගණක ක්‍රීඩාව කළ යුතුයි.

මෙම ප්‍රින්ස් ඔෆ් පර්සියා, ද ලොස්ට් ක්‍රවුන් පරිගණක ක්‍රීඩාවේදී ප්‍රධාන චරිතවලට කට හඬ ලබා දී තිබෙනව. එසේම කතා බහ උප සිරැසි ලෙස පෙන්වනව. දෙබස් තිරයේ පෙන්වන විට ඊට අදාළ චරිතයේ පින්තූරයක් තිරයේ පෙන්වන නිසා පැහැදිලි ලෙස දෙබස් තේරුම්ගත හැක. ද්විමාන සජීවීරූපී ග්‍රැෆික් නිර්මාණ සහිතව මෙම පරිගණක ක්‍රීඩාව නිර්මාණය කර තිබෙනව. ක්‍රීඩාවේ වේගවත්බව හොඳින් දැනෙන සේ එය නිමවා තිබීම විශේෂත්වයයි. සටන්වලදී සහ වෙනත් අවස්ථාවලදී වටපිටාවේ ශබ්දද ක්‍රීඩාවට එක් කර තිබෙන නිසා තාත්වික බවක් දැනෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

අඩුවට Games ගන්න Steam Winter Sale ආරම්භ උනා

PC ක්‍රීඩකයන් බොහෝ දෙනා බලා සිටින Steam Winter Sale වට්ටම් කාලය Valve...

ලබන අවුරුද්දෙ එන අලුත්ම Control Game එක

Control Resonant යනු 2019 දී පළමු Control ක්‍රීඩාව නිර්මාණය කළ Remedy Entertainment...

Red Dead Redemption 1 මොබයිල් සදහා නිකුත් වෙයි.

Rockstar Games හි ජනප්‍රිය Red Dead Redemption ක්‍රීඩාව 2025 දෙසැම්බර් 2 වන...

නොමිලේ Play කරන්න පුලුවන් අලුත්ම Game එක

Where Winds Meet යනු පැරණි චීනය කෙන්ද්‍ර කරගෙන නිර්මාණය කර ඇති නව...