අද අපි ආවේ ඔයාලට සුබ ආරන්චියක් අරගෙන ඒ තමයි , MSI සමාගමේ exclusive “Cool Down, Build Up” promotion එක 2025 ජූලි 1 සිට සැප්තැම්බර් 30 දක්වා තියෙනවා. මේ limited-time event එකෙ තෝරාගත් MSI products ගන්න customersලාට Steam codes දෙනවා, ඉතින් අලුතෙන් pc build එකකුත් කරලා game එකකුත් දාගන්න හොද අවස්තාවක් මේක.
MSI ලාගේ PC-building process එක ලේසි කිරීමේ අරමුනත් එක්ක, ඔවුන් EZ DIY features ඉදිරියෙන් ගෙනියනවා. මේ user-friendly innovations එයාලගෙ “One-Concept” philosophy එක reflect කරනවා, motherboards, cooling solutions, power supplies, PC cases වල complexity අඩු කරලා functionality එක ඉහළට ගන්න ඒ මගින් කටයුතු කරනවා.
New Product Launch: MPG CORELIQUID P13 360 / WHITE
Promotion එකත් එක්ක එන next-gen liquid cooling solution එක.
- EZ Cap: Toolless, minimalist design එකක් quick setup එකට.
- UNI Bracket: Intel, AMD platforms දෙකටම ලේසියෙන් install කරන්න.
- Customizable 2.1” LCD Display: System stats, images, videos, GIFs customize කරගන්න පුලුවන්.
EZ DIY: ලේසියෙන් PC Building කරමු
MSI ලගේ EZ DIY features, PC build කිරීම හා upgrade කිරීම වඩා ලේසියෙන් කරන්න support එක දෙනවා :
- One-Hand Assembly: Pre-installed I/O shield එකත් එක්ක single-handed design එකෙන් installation එක effortless ඉතින්.
- One-Finger Installation: M.2 SSDs, PCIe cards tool-free විදිහට quick, simple, secure ලෙස mount කරන්න පුලුවන්.
- One-Click Overclocking: MSI BIOS එකෙන් එක click එකකින් system performance එක boost කරන්න.
- EZ Debug LED: Clear labeling එක එක්ක diagnostic LEDs වලින් troubleshooting එක ඉක්මනින් කරගන්නත් පුලුවන්.
ඔයා first rig එක හදනවා වුණත්, current setup එක upgrade කරනවා වුණත්, MSI ලගේ EZ DIY features එකෙන් ඔයාගෙ වැඩෙ තවත් පහසු කරනවා.
Eligible Products & Steam Code Rewards
“Cool Down, Build Up” promotion කාලය ඇතුළත MSI වල තොරාගත් products ගන්නකොට USD 10 සිට USD 100 දක්වා Steam codes දෙනවා. Eligible categories එකට motherboards, liquid coolers, power supplies, PC cases ඇතුළත්.
Example Eligible Products:
- MEG Z890 GODLIKE: USD 100 Steam code
- MPG Z890 CARBON WIFI: USD 50 Steam code
- MAG Z890 TOMAHAWK WIFI: USD 30 Steam code
- MPG CORELIQUID P13 360 / WHITE: USD 30 Steam code
- MAG CORELIQUID A15 360 / 240: USD 20 Steam code
- MEG Ai1600T PCIE5: USD 30 Steam code
Eligible products සහ rewards claim කරන හැටි ගැන වැඩි විස්තර මේ ලින්ක් එකට ගිහින් බලන්න පුලුවන් – https://msi.gm/cool-down-build-up-pr
නියමයි. Upgrade එකට Free game එකක්