Home Tech News MSI වලින් COMPUTEX 2025 දී ඉදිරිපත් කරපු අලුත්ම Lineup එක
Tech News

MSI වලින් COMPUTEX 2025 දී ඉදිරිපත් කරපු අලුත්ම Lineup එක

Share
msi-lineup
Share

අපි කලින් ලිපියකින් කතා කරා COMPUTEX 2025 ප්‍රදර්ශනයේදී msi දිනපු සම්මාන ගැන, අද අපි ඒ ප්‍රදර්ශනයේදී එයාලා හදුන්වාදුන් full lineup එක බලමු. මේ අතරට AI-powered laptops, desktops, handhelds, storage solutions, සහ wireless peripherals අයත් වුනා. ඉතින් මේ AI පෙරලියක් ඇති කාලයේ msi ආයතනයත් ai සම්බන්ධ, performance ඉහළ smart devices රැසක් ඉදිරිපත් කර තිබුනා. අපි බලමු ඒ මොනවද කියලා.

ඉතින් මේ COMPUTEX 2025 ප්‍රදර්ශනයේදී msi හි අලෙවිකරණ අංශයේ උප සභාපති වන සැම් චර්න් (Sam Chern) මහතා අදහස් දැක්වූ ආකාරයට, Laptops desktops වගේම handhelds devices වලදී smarter, faster හොදම performance තියෙන msi අලුත්ම products එලිදක්වන්න හොදම වේදිකාව තමයි මේ COMPUTEX 2025 ප්‍රදර්ශනය කියන්නේ.

Product Highlights|
Prestige 13 AI+ Ukiyo-e Edition ලැප්ටොප් එක

මේ ලැප්ටොප් එකේ විශේෂත්වය වන්නේ මෙහි ඇති වටිනා ජපාන ලාක්ෂා කැටයම් අභාෂයෙන් බිහිවුණු design එකයි.එම නිසාම COMPUTEX 2025 ප්‍රදර්ශනයේදී මෙය Best Choice Award එකත් දිනාගත්තා. මේක ඇත්තටම අවුරුදු 400ක් පරණ සංස්කෘතියක් cutting-edge AI technology එකත් එක්ක එකතු කිරීමක් කියලා කියන්න පුළුවන්.
Katsushika Hokusaiගේ iconic Ukiyo-e woodblock print එක තමයි මෙහි නිරුපණය කරන්නේ,ඒක නමින් “The Great Wave off Kanagawa”කියලා කියනවා. Aesthetic taste එකක් තියෙන කට්ටියටනම් මේක කියාපු ලැප්ටොප් එකක්.

Stealth A16 AI+ Mercedes-AMG Motorsport ලැප්ටොප් එක සහ Prestige 16 AI+ Mercedes-AMG Motorsport ලැප්ටොප් එක


MSI සමාගම, Mercedes-AMG සමාගමත් එක්ක එකතු වෙලා නිර්මාණය කරපු luxury gaming products තමයි මේ ලැප්ටොප් 2ක. The Stealth A16 AI+, ලැප්ටොප් එකේ AMD processorක් සහ NVIDIA® GeForce RTX™ 50 සිරිස් එකේ GPU එකක් අඩංගු වෙනවා.ඒ වගේම upgraded premium display panel එකකුත්.The Prestige 16 AI+,එකේ තියෙන්නේ Intel CPU එකක් වගේම 4K OLED panel එකක්. මේ ලැප්ටොප් 2ක මේ සමාගම් වගේම හොදම performance ලබාදෙන්න තමයි හදලා තියෙන්නේ.

ඒ වගේම, මේ ලැප්ටොප් 2කේම unique design ක් වගේම exclusive co-branded logo සහ AMG patterns අඩංගු වෙලා තියෙනවා, luxurious gaming experience එකක් ගන්නනම්,මේක හොදම තේරීමක් වේවි. මේක ගත්තොත් ඔයාලට,premium quality එකේ laptop sleeve, mouse, සහ mousepad එකකුත් හම්බවෙනවා.

Titan 18 HX Nordic Mythology Dragon Edition ලැප්ටොප් එක

කලින් ලිපියකින් කතා කළා වගේම මේකට තමයි computex 2025 දී Golden Award එක හම්බුනේ Gaming and Entertainment category එකෙන්. මේකේ design එක inspire වෙලා තියෙන්නේ Norse mythology වලින්. මේකේ තියෙන 3D මෝස්තරය handcrafted වීමත් මේකේ වටිනාකම තව වැඩි කරනවා.design එක විතරක් නෙමෙයි මේක performance අතින් ගත්තොත් GeForce RTX™ 5090 Laptop GPU එකක් අඩංගු වෙන නිසා gaming වගේම ai වැඩ වලදී හොදම performance ගන්න පුළුවන්.මේක ගත්තොත් ඔයාලට මේ සමග 3D Dragon Keychain, mouse, mouse pad, සහ color box එකකුත් හම්බවෙනවා.

Claw 8 AI+ Polar Tempest Edition handheld gaming device එක

මේ MSI’s Claw 8 AI+ handheld gaming device එක ඉස්සෙල්ලම market එන්නේ 2024 අගබාගයේදී, ඉතින් මේ වසරේ COMPUTEX වලදී Best Choice Award එකත් මේක දිනාගත්තා.
මේකේ අලුතෙන්ම release කරපු version එක තමයි Claw 8 AI+ Polar Tempest Edition මේක කලින් එකටත් වඩා enhance කරපු version එකක්, Lunar Lake processor එකක් සහ upgraded 2TB NVMe SSD එකක් මේකේ තියෙනවා.

MMEG VISION X AI Gaming Desktop එක

මේ flagship desktop එකේ විශේෂත්වය වුනේ මේකේ අඟල් 13” AI HMI touchscreen එකක් තියෙනවා. එකෙන් අපිට MSI-exclusive apps පාවිච්චි කරන්න වගේම controls වෙනස් කරගන්න පුළුවන්. මේක තියෙන මේ අලුත්ම feature එක වගේම NVIDIA® GeForce RTX™ 5090 GPU එකක් , Intel® Core™ Ultra 9 processorඑකක් , DDR5 memory, සහ Gen 5 SSDs තියෙන නිසා උපරිම gaming වලට පහසුවෙන් යන්නත් පුළුවන්. මේ හේතු නිසාම තමයි මේකටත් Best Choice Award එකත් හම්බවුනේ.


Cubi NUC AI Series mini pc series එක

Cubi NUC AI 1UMG (0.51L) සහ Cubi NUC AI+ 2MG (0.826L) නමින් ඉදිරිපත් කරපු මේ mini pc 2ක හදලා තියෙන්න PCR recycled materials වීම විශේෂත්වයක්, ඒ වගේම Intel® Core™ Ultra processorඑකක් සහ Intel AI Boost NPU සමග Copilot+ support එකත් මේවගේ තියෙනවා
මේකේ තියෙන අනෙක් වටිනාම features ටික තමයි මේකේ fingerprint recognition, speakers, microphone, Thunderbolt™ 4, සහ MSI Power Link එක. මේ mini pc power consumption එක අඩුයි වගේම හොදට performance වලට එන්නත් හැකියාව තියෙනවා

PRO DP80 Business Desktop එක

office වගේම ගෙදර එදිනෙදා වැඩකටයුතු smooth එකේ කරගන්න 14th Gen Intel® Core™ Ultra processor, optional NVIDIA® graphics, dual LAN ports, සහ dTPM security එකත් එක්ක එන මේ pc එක හොද තේරීමක්, card readers සහ optional optical drives support කරනවා වගේම මේකේ anti-theft protection සහ intrusion detection security අතින් ඉහලයි


Powered By MSI AI PC එක

Gaming සහ AI වලින් උපරිමයට යන්න කියාපු pc එක තමයි මේක, මේකේ MEG X870E GODLIKE motherboard එකක්,Ryzen 9 9950X3D processor එකක්,GeForce RTX™ 5090 series graphics card එකක් , MEG Ai1600T PCIE5 power supply වගේම,256GB of high-capacity memory එකක් තියෙනවා. මේක strongest consumer-grade AI PC එකක් කියන්න පුළුවන්.


MPG Series ITX motherboards පෙළ

AMD වෙනුවෙන්ම හදපු MPG X870I EDGE TI WIFI සහ MPG B850I EDGE TI WIFI motherboards silver-white design එකක් වගේම premium thermal solution, latest PCIe Gen 5 slot support එක , EZ DIY functions එකත් ඇතුලත් වෙනවා. මේවගේ Wi-Fi 7 (320MHz) සහ 5G LAN connectivity එකත් තියෙනවා. ඒ වගේම MPG X870I EDGE TI WIFI එකේ M .2 slots 3ක් තියෙන නිසා storage ගැන බයවෙන්න දෙයක් නෑ. MPG B860I EDGE TI WIFI එකේ M .2 slots 2ක් තියෙනවා.white-themed mini build එකක් හදන ඔයාලට මේක හොදම තේරීමක්.

MPG 271QR QD-OLED X50 gaming monitor

world’s first 27-inch 2K QD-OLED gaming monitor එක වුනු මේකේ real-time human detection එකත් අඩංගු වෙනවා.Samsungලගේ latest 3rd-gen QD-OLED panel එකත් ,500Hz refresh rate එකත් නිසා සුපිරිම gaming experience එකක් ultra pro level එකෙන් ගන්න පුළුවන්. මේකේ MSI ලගේ AI Care Sensor වගේම NPU-based IC සහ  always-on CMOS sensor එකකුත් තියෙනවා .මේකේ real-time human detection නිසා automatically power-down කරගන්නත් OLED Care activate කරගන්නත් මේකට හැකියාව තියෙනවා.ඒ වගේම VESA ClearMR 21000 සහ  DisplayHDR True Black 500 certifications,මේකට තියෙනවා.

VORTIQ Enterprise SSD Series

AI සහ data center workloads වලටම හදපු මේ SSD lineup එකට, U.2, E3.S, E1.S, සහ SATA 2.5” models ඇතුලත් වෙනවා. 61TB capacity එකක් වගේම speeds ranging එක 14,000 to 14,800 MB/s දක්වා විහිදෙනවා.

SPATIUM M571 PCIe 5.0 SSD

PHISON E28 මත TSMC’s 6nm node එකෙන් හදපු. මේ Gen5 M.2 SSD එකෙන් power  consumption 20% එක අඩු කරනවා. ඒක නිසාම demanding gaming සහ workstation use වලට හොදම තේරීමක්.

DATAMAG 40Gbps/20Gbps magnetic portable SSD

මේකෙන් ඔයාලට large files සහ  documents පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්. අලුත්ම DATAMAG software apple store එකේ launch කරන එකත් computex 2025 සිදු වුනා.

Roamii BE Pro Wi-Fi 7 Mesh System

Lightning-fast WiFi speeds එකක් 11Gbps වලින් ගෙදර පුරාම තියාගන්න මේක උදව් වේවි.මේ device එකේ latestම MLO technology එකත්, 320 MHz channels, සහ 4K-QAM modulation එකත් තියෙන නිසා online gaming, 4K streaming උනත් බය නැතුව කරගන්න පුළුවන්. මේකේ තියෙන MSI Router 2.0 app එකෙන් ගෙදර ඇතුලේ පහසුවෙන් setup කරගන්නත් පුළුවන්.

Dual 8K Polling Rate Mouse Lineup සහ Flagship PRO Series Wireless Gaming Gear

අතිසාර්ථක වෙච්ච VERSA 300 ELITE වලින් පසුව ඉලිදක්වන අලුත්ම gaming mouse එක වන මෙය lightweight designs එකකින් වගේම premium specifications වලින් සමන්විත වෙනවා,8000 Hz polling rate එකක් වගේම magnetic scroll wheel මගින් professional gaming experience එක උපරිමයට ගෙනියනවා. VERSA 500 WIRELESS 8K වන මේක wireless mouse අතරින් උපරිම තැන ඉන්නවා.
VERSA PRO WIRELESS mouse එක ගැන කතා කරනකොට තවත් විශේෂ දෙයක් තමයි මේකේ තියෙන programmable buttons. STRIKE PRO WIRELESS keyboard එකේ advanced silent structure එකත් media keys, scroll wheel සහ customizable M keys next level gaming experience එකක් ගන්න වැදගත් වෙනවා. ඒ වගේම wide range එකක keycap styles තියෙන නිසා ඔයාලට කැමති විදියට තෝරාගන්න පුළුවන්.

වැඩිදුර විස්තර පහත ලින්ක් ඔස්සෙ ලබාගන්න,

MSI: https://www.msi.com

MSI YouTube:   https://www.youtube.com/user/MSIGamingGlobal

MSI Facebook: https://www.facebook.com/MSIGaming

MSI Instagram: https://www.instagram.com/MSIGaming

MSI Twitter:      https://twitter.com/MSITweets

Share

Leave a comment

Leave a Reply

Related Articles

මිනිසෙකු හා සමානව සංවාදයේ යෙදෙන ChatGPT 5.1

OpenAI විසින් නිකුත් කළ ChatGPT 5.1 මේ දිනවල ගොඩක් කතාබහට ලක්වෙන AI...

Chat Backup වලට අමතර ආරක්ශාවක් WhatsApp වෙතින්

WhatsApp වෙතින්, දැන් ඔයාලගේ chats ආරක්ශා කරගන්න තවත් විශේෂාංගයක් ලබාදීලා තියෙනවා. දැන්...

අලුතෙන් ආපු ChatGPT Atlas AI Browser එක

OpenAI සමාගම විසින් පසුගියදා ChatGPT Atlas නමින් AI-powered web browser එකක් නිකුත්...

නවතම Galaxy XR Headset එක ගැන දැනගමු

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Galaxy XR headset එක එලි දැක්වුවා. දැනටමත්...