Home Tech News AI තාක්ෂණයෙන් බලගැන්වෙන Weather app එක
Tech News

AI තාක්ෂණයෙන් බලගැන්වෙන Weather app එක

Share
blank
Share

පසුගිය දවසක Google සමාගම ඔවුන්ගේ Made by Google 2024 event එක පැවැත්තුවා. එහිදී ඔවුන් ඉදිරියෙදි නිකුත් කරන්න සූදානම් අලුත් Pixel දුරකතන වැනි උපාංග පිලිබදවත් අලුත් AI විශේෂාංග ගැනත් අලුත් OS ගැනත් විස්තර කලා.

ඉතින් මේ අතරට හදුන්වා දුන් දෙයක් තමයි Pixel දුරකතන වලට එන අලුත්ම AI තාක්ශනයෙන් බලගැන්වෙන Weather app එක. මෙම ඇප් එකෙ custom weather report AI මගින් නිර්මානය කර දෙනවා. ඒ සදහා යොදාගැනෙන්නෙ Gemini Nano AI model එකයි. Gemini Nano කියන්නෙ දුරකතන වල ධාවනය කරන්න Google සමාගම නිර්මානය කල AI model එකයි.

මේ අලුත් ඇප් එකෙන් අපට දවසෙ කාලගුණය ගැන දැනගන්න විවිධ දත්ත ප්‍රමානයක් ඔස්සෙ scroll කරන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. මෙහි අපට දැනගන්න අවශ්‍ය කාලගුණික තොරතුරු පමනක් customize කර පෙන්වන ආකාරයට සකස් කරගන්න පුලුවන්.

මීට අමතරව වෙනත් සාමාන්‍ය තොරතුරු වන daily forecasts ආදියත් මෙහි තිබෙනවා. මෙහි එහා මෙහා කලහැකි titles තිබෙනවා. ඒ humidity, wind speed සහ air pressure ආදිය දැක්වීමටයි.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...