Home Tech News MSI H310M PRO VDH Motherboard Unboxing
Tech News

MSI H310M PRO VDH Motherboard Unboxing

Share
Share

8th gen Chipsets වලින් features අවම සහ pentium එහෙමත් නැත්නම් Office PC වගේ වැඩිපුර expansion සහ upgrading අවශ්‍ය නැති build වලට පාවිච්චි කරන්න පුලුවන් chipset එකක් තමයි H310 කියන්නෙ. මේ MSI brand එකේ H310 version එක.

Unboxing package එක.

MSI H310M PRO VDH motherboard package එකේ එන දේවල් වෙන්නෙ

  • MSI H310M PRO VDH motherboard
  • SATA Cable 2ක්
  • Driver/ Utilities DVD එක
  • Stainless Steel I/O Plate එක
  • Quick installation guide එක

Video එක බලන්න

MSI H310M PRO VDH motherboard එක Basic board එකක් උනත් මේකෙ MSI සමාගමෙන් එකතු කරල තියෙන Features සහ expansion වලින් ගත්තම basic budget build එකකට වගේම 8th gen Gaming build එකකට උනත් පාවිච්චි කරන්න පුලුවන්. intel 8th gen chipsets ගැන කියවන්න.

 

මේ Motherboard එකේ මිළ ගණන් දැනගන්න www.nanotek.lk එකට යන්න

Features

EZ Debug LED

හැම MSI motherboard එකකම එන වැදගත් අංගයක් තමයි EZ Debug LED කියන්නෙ. මේකෙන් PC එක BOOT වෙන්නෙ නැත්නම් එතනදි ලේසියෙන්ම ඒකට හේතුව හොයාගන්න පුලුවන්. අනෙක් brands වල high end board වල විතරක් එන මේ හා සමාන features එකක් බැලුවම MSi brand එකේ හැම board එකකම තියෙන මේ feature එක ගොඩක් උදව් වෙනව troubleshooting වලදි.

Form Factor එක

මේ board එක m-ATX විදිහට තමයි MSi site එකේ සදහන් කරල තියෙන්නෙ. හැබැයි මේක FlexATX කියන form factor එකේ තියෙන  specifications වලට තමයි වඩාත් ගැලපෙන්නෙ. FlexATX ගැන කියවන්න.

අනෙක් පහසුකම්

  • 6th 7th generation intel CPU support – LGA 1151
  • intel H310 Chipset
  • DDR 4 2666MHz RAM support – upto 32GB
  • 1 x PCIe 3.0 x16
  • 2 x PCI
  • 4 x SATA 6Gb/s port(s)
  • intel gigbit LAN
  • Realtek® ALC887 Chip – 8 channel Audio
Poll not found

Back IO ports

  • 1 x PS/2 keyboard / mouse (Hybrid)
  • 1 x DVI-D
  • 1 x D-Sub
  • 1 x HDMI
  • 1 x LAN (RJ45) port(s)
  • 2 x USB 3.1 Gen 1 (blue)
  • 4 x USB 2.0
  • 3 x Audio jack(s)

මේ board එක තියෙන features, Display options සහ Design form factor එක අතින් ගත්තම Office PC builds වලට ගැලපෙනව. ඒ වගේම  basic Gaming build එකකට පාවිච්චි කරන්නත් පුලුවන් ගොඩක් powerful graphic card එකක් පාවිච්චි කරන්නෙ නැත්නම්. එ් වගේම optane memeory support එක නැතිවීම සහ M2 expansion වලට ඉදිරියෙදි ඉඩක් නැති නිසා professional build වලට සහ High end build වලට නම් සුදුසු වෙන්නෙ නැහැ.

Poll not found
Share

5 Comments

Leave a Reply to PcguideCancel reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...