Press ESC to close

MSI H310M PRO VDH Motherboard Unboxing

8th gen Chipsets වලින් features අවම සහ pentium එහෙමත් නැත්නම් Office PC වගේ වැඩිපුර expansion සහ upgrading අවශ්‍ය නැති build වලට පාවිච්චි කරන්න පුලුවන් chipset එකක් තමයි H310 කියන්නෙ. මේ MSI brand එකේ H310 version එක.

Unboxing package එක.

Get Your Site Up with A2 Hosting

MSI H310M PRO VDH motherboard package එකේ එන දේවල් වෙන්නෙ

  • MSI H310M PRO VDH motherboard
  • SATA Cable 2ක්
  • Driver/ Utilities DVD එක
  • Stainless Steel I/O Plate එක
  • Quick installation guide එක

Video එක බලන්න

MSI H310M PRO VDH motherboard එක Basic board එකක් උනත් මේකෙ MSI සමාගමෙන් එකතු කරල තියෙන Features සහ expansion වලින් ගත්තම basic budget build එකකට වගේම 8th gen Gaming build එකකට උනත් පාවිච්චි කරන්න පුලුවන්. intel 8th gen chipsets ගැන කියවන්න.

 

මේ Motherboard එකේ මිළ ගණන් දැනගන්න www.nanotek.lk එකට යන්න

Features

EZ Debug LED

හැම MSI motherboard එකකම එන වැදගත් අංගයක් තමයි EZ Debug LED කියන්නෙ. මේකෙන් PC එක BOOT වෙන්නෙ නැත්නම් එතනදි ලේසියෙන්ම ඒකට හේතුව හොයාගන්න පුලුවන්. අනෙක් brands වල high end board වල විතරක් එන මේ හා සමාන features එකක් බැලුවම MSi brand එකේ හැම board එකකම තියෙන මේ feature එක ගොඩක් උදව් වෙනව troubleshooting වලදි.

Form Factor එක

මේ board එක m-ATX විදිහට තමයි MSi site එකේ සදහන් කරල තියෙන්නෙ. හැබැයි මේක FlexATX කියන form factor එකේ තියෙන  specifications වලට තමයි වඩාත් ගැලපෙන්නෙ. FlexATX ගැන කියවන්න.

අනෙක් පහසුකම්

  • 6th 7th generation intel CPU support – LGA 1151
  • intel H310 Chipset
  • DDR 4 2666MHz RAM support – upto 32GB
  • 1 x PCIe 3.0 x16
  • 2 x PCI
  • 4 x SATA 6Gb/s port(s)
  • intel gigbit LAN
  • Realtek® ALC887 Chip – 8 channel Audio
Motherboard එකක් නම් තෝරගන්න brand එක මොකක්ද?

Back IO ports

  • 1 x PS/2 keyboard / mouse (Hybrid)
  • 1 x DVI-D
  • 1 x D-Sub
  • 1 x HDMI
  • 1 x LAN (RJ45) port(s)
  • 2 x USB 3.1 Gen 1 (blue)
  • 4 x USB 2.0
  • 3 x Audio jack(s)

මේ board එක තියෙන features, Display options සහ Design form factor එක අතින් ගත්තම Office PC builds වලට ගැලපෙනව. ඒ වගේම  basic Gaming build එකකට පාවිච්චි කරන්නත් පුලුවන් ගොඩක් powerful graphic card එකක් පාවිච්චි කරන්නෙ නැත්නම්. එ් වගේම optane memeory support එක නැතිවීම සහ M2 expansion වලට ඉදිරියෙදි ඉඩක් නැති නිසා professional build වලට සහ High end build වලට නම් සුදුසු වෙන්නෙ නැහැ.

Video එකක් එක්ක ඒ ගැන ලිපියක් තියෙද්දි ඒක පහසුවක්ද?

Comments (5)

Leave a Reply to Pcguide Cancel reply

Your email address will not be published. Required fields are marked *