Home Tech News gadgets Leak වුන Google Pixel Watch
gadgetsTech News

Leak වුන Google Pixel Watch

Share
blank
Share

ලෝකයේ අවධානයට ලක් වෙච්ච තාක්ෂණික උපාංග නිල වශයෙන් නිකුත් වෙන්න කලින් එක එක ආකාරයට leak වෙනවා. මේ ආකාරයට කවුරුත් බලන් ඉන්න Google Pixel Watch එකෙත් ඡායාරූප කිහිපයක් මේ වෙනකොට අන්තර්ජාලයට නිකුත් වෙලා තියනවා. මේ ඡායාරූප මුලින්ම නිකුත් කරල තියෙන්නෙ Android Central වෙබ් අඩවියෙන්. ඡායාරූප ඇරගෙන තියෙන්නෙ ඇමරිකාවෙ කොතැනක හෝ අවන්හලකදී. මේ leak එක මීට වසර දහයකට විතර කලින් සිදුවුන iPhone 4 prototype එකේ leak එකට සමානයි.

මේ අලුතින් නිකුත් වුන ඡායාරූප මීට කලින් නිකුත් වෙලා තිබුන renders වලට බොහෝ සෙයින් සමානයි. මේ leak කිරීම සිදු කරපු නිර්නාමික මූලාශ්‍රයට අනුව මේ watch එකේ packaging එකේ “internal testing and development only” ලෙස සටහන් කරල තිබිල තියනවා, ඒ වගේම “markings and packaging are not final” කියලත් සඳහන් වෙලා තියනවා. ඒ කියන්නෙ අවසානයේ නිකුත් වෙන watch එක මේ prototype එකට වඩා සුළු වශයෙන් වෙනස් වෙන්න ඉඩ තිබෙනවා.

මේ කළු පැහැති watch එකේ crown එක අසල අවම වශයෙන් එක buttons එකක් හරි දකින්න පුලුවන්. watch එකේ පිටුපස ලෝහමය පෙනුමක් තිබුනත්, ඒක වීදුරු වලින් ආලේප කරල තියන හැඟීමක් තමයි ස්පර්ශ කරාම දැනෙන්නේ. මේ prototype එකේ ඔරලෝසු පටියත් දකින්න ලැබිල තියනවා.

මේත් සමග charger එකක් තිබුනෙ නැතත් Pixel Watch එකේ පිටුපස බොහෝවිට wireless charging plate එකක් දකින්න පුලුවන් වේවී.

මීට සති කිහිපයකට Google විසින් “Pixel Watch” නමින් trademark එකක් සඳහා ඉල්ලුම් කරල තිබුනා. ඉහත සඳහන් කරපු leak එක සිදු වෙන්න කලින් මෙලෙස watch එකක් නිකුත් වෙන්න නියමිතයි කියල තිබුන හොඳම සාක්ෂිය තමයි ඒක. තවත් සමහර අය පළ කරන මතයක් තමයි මේ watch එක බලගැන්වෙන්නෙ Samsung Exynos chip එකකින් බව. සමහර විට Pixel Watch එක මැයි 11 ආරම්භ වෙන Google I/O 2022 සමුළුවේදී නිකුත් කරන්නත් ඉඩ තියනවා.

Share
Written by
Pasindu Ruwandeniya

An internet kid who loves open-source software and new technologies.

1 Comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...