Home Tech News Explained Flagship විශේෂාංග සහිත Motorola සමාගමේ Edge 40 Pro
ExplainedgadgetsHardwarePhonesTech News

Flagship විශේෂාංග සහිත Motorola සමාගමේ Edge 40 Pro

Share
blank
Share

Lenovo සමාගම ඔවුන්ගේ Legion gaming smartphonesනිශ්පාදනය නැවැත්වීමත් සමග ඔවුන් වැඩි අවධානයක් Motorola දුරකතන වෙත යොමු කර තිබෙනව. Motorola දැන් Lenovo සමාගම යටතේ පවතින අනුබද්ධිත ආයතනයක්.

පසුගිය දිනෙක Motorola සමාගමෙන් ඔවුන්ගේ නවතම flagship දුරකතනය එළිදැක්වූවා. මෙහි Legion දුරකතන වල තිබුනු සමහර විශේෂාංග එක්කර තිබෙනව. මෙම දුරකතනය Motorola Edge 40 Proලෙස නම් කර තිබෙනව. මෙහි වේගවත් 165Hz screen එක, Snapdragon 8 Gen 2 chipset එක සහ ඉතාම වේගවත් චාර්ජින් පහසුකම කැපී පෙනෙන විශේෂාංග වෙනව.

Edge 40 Pro හි දුරකතනයේ දෙපසම Corning’s Gorilla Glass Victus වලින් ආරක්ශා කර තිබෙනව. මෙහි දෙපස curve කර තිබුනද එය අතින් ලිස්සා නොයන ලෙසත් හදිසි ස්පර්ශ වීම් නැවැත්වීමට anti-fingerprint coating එකක්ද අඩංගු කර තිබෙනව. මෙහි අගල් 6.67 FHD+ pOLED display එකක් පවතින අතර එහි 165Hz refresh rate එකක්ද තිබෙනව. ඒවගේම මෙය Dolby Vision HDR සමග පැමිනෙන Motorola සමාගමේ ප්‍රථම දුරකතනයද වෙනව. ඒවගේම මෙහි Dolby Atmos sound පහසුකමත් අඩංගු වෙනව. සමාගම පවසන ආකාරයට මෙමගින් surround sound අත්දැකීමක් ලබාගන්න පුලුවන්.

නවතම Qualcomm සමාගමේ Snapdragon 8 Gen 2 chipset එක මෙන්ම LPDDR5X RAM සහ UFS 4.0 මෙහි අඩංගු වෙනව. මෙහි බැටරිය 4,600 mAh වන අතර 125W චාජරයක් අඩංගු වෙනව. එමගින් මිනිත්තු 23 තුල ෆුල් චාර්ජ් කරගැනීමේ හැකියාව තිබෙනව.

මෙහි triple high-res camera system එකක් තිබෙනව. ඒවා නම් 50-megapixel wide camera එකක්, 50-megapixel ultrawide camera එකක් සහ 12MP 2x telephoto ලෙන්ස් එකක් ලෙසයි තිබෙන්නෙ. ඉදිරිපස 60MP selfie camera එකක් තිබෙනව. වීඩියෝ 8K30p සහ 4K 60fps වලින් රෙකෝඩ් කරන්න පුලුවන්. මෙය දැනට යුරෝපයේ €900කට අලෙවි වෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...