Press ESC to close

තව තවත් දැන්වීම් එකතු කරන්න සැරසෙන Instagram සේවය

Instagram සේවය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියෙ පරිශීලකයන්ට Explore tab එක තුල හා profiles තුලද මින් ඉදිරියට දැන්වීම් දැකගත හැකිවන බවයි. මීටපෙර දැන්වීම් දැකගන්න ලැබුනෙ Instagram feeds තුල පමනයි. Explore homepage තුල මෙසේ දැන්වීම් සදහා විශාල ඉඩක් වෙන්කර ඇතිබව දැක්වෙන ඡායාරූපයක් Instagram වෙතින් ඉදිරිපත් කර තිබුන. පහල දක්වා ඇත්තේ එයයි.

මෙම දැන්වීම් සමග “sponsored” ලේබලය සහ “learn more” යන button දෙක ඇතිනිසා පරිශීලකයන්ට මෙය දැන්වීමක් බව පැහැදිලිව දැකගන්න පුලුවන්. Instagram සේවය පවසන්නෙ “non-teen, public profiles” වල පමනක් මෙම දැන්වීම් ප්‍රදර්ශනය කරන බවත් එක්සත් ජනපදයේ තෝරාගත් නිර්මාණකරුවන්ට මෙම දැන්වීම්වලින් මුදල් ඉපැයීමට ඉඩ දීමේ වැඩසටහනක් දියත් කරන බවත්ය.

Get Your Site Up with A2 Hosting

මීට අමතරව Meta සමාගම Facebook මත පලකරන Reels සදහා මුදල් ගෙවීමට අදහස් කරන බව වාර්තා වෙනව. Meta පවසන්නේ පරිශීලකයින්ට දැන්වීම මඟ හැරිය හැකි බවත්, ඔවුන් එසේ කළ පසු (හෝ දැන්වීම අවසන් වූ විට) Reel නැවත පෙන්වන්නට පටන් ගන්නා බවත්ය.

පසුගිය කාර්තුවේදි පලමු වරට Meta සමාගමේ අදායම පහත බැස තිබුන අතර එම සමාගම මුදල් ඉපයීමට තවත් මාර්ග සොයමින් සිටින බවට සැකයක් නැත. Meta සමාගම  Facebook, Instagram, සහ WhatsApp සදහා premium features සහිත ගෙවීමක් කර ලබාගත හැකි ගුණාංග සහිත සංස්කරණයක් හදුන්වා දීමට සූදානම් වන බවත් වාර්තා වෙනව.

Comments (1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *