Press ESC to close

X වෙතින් දැන් ඕඩියෝ වීඩියෝ ලබාගැනීමේ පහසුකම ලබාදේ

X එනම් පෙර සදහන් කල පරිදි Twitter සමාගම ඕඩියෝ වීඩියෝ කෝල් ගැනීමේ පහසුකම iOS දුරකතන සදහා පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ලබාදුන්න. දැන් එම පහසුකම Android දුරකතන සදහාත් නිකුත් කර තිබෙනව. X සමාගමේ ඉංජිනේරුවරයෙකු විසින් මේ පිලිබදව නිවේදනයක් නිකුත් කර තිබෙනව.

Elon Musk හට නිර්මානය කිරීමට අවශ්‍ය වි තිබෙන සියලුම විශේෂාංග සහිත X ඇප් එක සදහා යොදන පලමු පියවර ලෙස වීඩියෝ චැට් පහසුකම හදුන්වන්න පුලුවන්. පසුගිය අගෝස්තු මාසයේදී X සමාගමේ CEO වන Linda Yaccarino විසින් මුලින්ම මේ පිලිබදව නිවේදනය කරා.

Get Your Site Up with A2 Hosting

මෙම වීඩියෝ සහ ඕඩියෝ කෝල් පහසුකම බාවිතා කල හැක්කෙ මිලදී ගැනීමේ සංස්කරණය බාවිතා කරන පරිශීලකයන් සදහා පමනයි. කෙසේනමුත් නොමිලේ X බාවිතා කරන සැමට තමන්ට පැමිනෙන කෝල්ස් වලට ආන්සර් කිරීමේ හැකියාව ලැබෙනව. මෙහි මිලදී ගැනීමේ සංස්කරණය ලබාගැනීමට මසකට $8 වැයවන අතර එය වසරක් සදහා ලබාගැනීමට $84 වැයවෙනව.

ඔබට WhatsApp, Zoom, Teams ඇතුලු ඇප්ස් පමනක් බාවිතා කිරීම ප්‍රමානවත් නම් X තුල කෝල් පහසුකම අක්‍රීය කිරීමේ හැකියාව තිබෙනව. එය කිරීමට කලයුත්තෙ සෙටින්ග්ස් වල privacy and safety ඔප්ශන් එක තෝරාගෙන එහි direct messages තේරිය යුතුය. ඉන්පසු එහි audio and video calling පහසුකම අක්‍රීය හෝ සක්‍රීය කිරීමේ බට්න් එක ක්ලික් කිරීමයි.

මෙම කෝල්ස් පාලනය කිරීමේ හැකියාවත් පරිශීලකයන්ට ලැබෙනව. මෙය ඔබ ෆලෝ කරන පරිශීලකයන්ට හෝ verified ගිණුම් තිබෙන පරිශීලකයන්ට පමනක් ඔබට කෝල් ගැනීමට හැකි අයුරින් සැකසුම් සකස් කරන්න පුලුවන්. මෙමගින් ඔබට unwanted calls පැමිනීමේ අවධානම නැතිව යනව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *