Home Tech News Explained X වෙතින් දැන් ඕඩියෝ වීඩියෝ ලබාගැනීමේ පහසුකම ලබාදේ
Explainedsocial mediaTech News

X වෙතින් දැන් ඕඩියෝ වීඩියෝ ලබාගැනීමේ පහසුකම ලබාදේ

Share
blank
Share

X එනම් පෙර සදහන් කල පරිදි Twitter සමාගම ඕඩියෝ වීඩියෝ කෝල් ගැනීමේ පහසුකම iOS දුරකතන සදහා පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ලබාදුන්න. දැන් එම පහසුකම Android දුරකතන සදහාත් නිකුත් කර තිබෙනව. X සමාගමේ ඉංජිනේරුවරයෙකු විසින් මේ පිලිබදව නිවේදනයක් නිකුත් කර තිබෙනව.

Elon Musk හට නිර්මානය කිරීමට අවශ්‍ය වි තිබෙන සියලුම විශේෂාංග සහිත X ඇප් එක සදහා යොදන පලමු පියවර ලෙස වීඩියෝ චැට් පහසුකම හදුන්වන්න පුලුවන්. පසුගිය අගෝස්තු මාසයේදී X සමාගමේ CEO වන Linda Yaccarino විසින් මුලින්ම මේ පිලිබදව නිවේදනය කරා.

මෙම වීඩියෝ සහ ඕඩියෝ කෝල් පහසුකම බාවිතා කල හැක්කෙ මිලදී ගැනීමේ සංස්කරණය බාවිතා කරන පරිශීලකයන් සදහා පමනයි. කෙසේනමුත් නොමිලේ X බාවිතා කරන සැමට තමන්ට පැමිනෙන කෝල්ස් වලට ආන්සර් කිරීමේ හැකියාව ලැබෙනව. මෙහි මිලදී ගැනීමේ සංස්කරණය ලබාගැනීමට මසකට $8 වැයවන අතර එය වසරක් සදහා ලබාගැනීමට $84 වැයවෙනව.

ඔබට WhatsApp, Zoom, Teams ඇතුලු ඇප්ස් පමනක් බාවිතා කිරීම ප්‍රමානවත් නම් X තුල කෝල් පහසුකම අක්‍රීය කිරීමේ හැකියාව තිබෙනව. එය කිරීමට කලයුත්තෙ සෙටින්ග්ස් වල privacy and safety ඔප්ශන් එක තෝරාගෙන එහි direct messages තේරිය යුතුය. ඉන්පසු එහි audio and video calling පහසුකම අක්‍රීය හෝ සක්‍රීය කිරීමේ බට්න් එක ක්ලික් කිරීමයි.

මෙම කෝල්ස් පාලනය කිරීමේ හැකියාවත් පරිශීලකයන්ට ලැබෙනව. මෙය ඔබ ෆලෝ කරන පරිශීලකයන්ට හෝ verified ගිණුම් තිබෙන පරිශීලකයන්ට පමනක් ඔබට කෝල් ගැනීමට හැකි අයුරින් සැකසුම් සකස් කරන්න පුලුවන්. මෙමගින් ඔබට unwanted calls පැමිනීමේ අවධානම නැතිව යනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a comment

Leave a Reply

Related Articles

2026ට MSI සමාගමෙන් ගේන අලුත්ම උපාංග

Gaming වලින් සහ high-performance AI computing ලෝකයේ ප්‍රධාන නාමයක් වන MSI, 2026...

MSI සමාගමෙන් එන අලුත්ම gaming monitors

MSI සමාගම ඔවුන්ගේ අලුත්ම 32-inch 4K QD-OLED gaming monitor lineup එකට අලුතෙන්...

MSI සමාගමෙන් හදුන්වාදෙන නවතම PRO Max Series එක

2026 ජනවාරි 6 වෙනිදා MSI සමාගම නව PRO MAX Series එක හඳුන්වා...

යකෙක් වගෙ වැඩ ගන්න නවතම GeForce RTX™ 5090 32G LIGHTNING Z

Gaming වල real performance එක experience කරන්න නම් හොදම GPU එකක් තියෙන...