Home Tech News social media තව තවත් දැන්වීම් එකතු කරන්න සැරසෙන Instagram සේවය
social media

තව තවත් දැන්වීම් එකතු කරන්න සැරසෙන Instagram සේවය

Share
Share

Instagram සේවය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියෙ පරිශීලකයන්ට Explore tab එක තුල හා profiles තුලද මින් ඉදිරියට දැන්වීම් දැකගත හැකිවන බවයි. මීටපෙර දැන්වීම් දැකගන්න ලැබුනෙ Instagram feeds තුල පමනයි. Explore homepage තුල මෙසේ දැන්වීම් සදහා විශාල ඉඩක් වෙන්කර ඇතිබව දැක්වෙන ඡායාරූපයක් Instagram වෙතින් ඉදිරිපත් කර තිබුන. පහල දක්වා ඇත්තේ එයයි.

මෙම දැන්වීම් සමග “sponsored” ලේබලය සහ “learn more” යන button දෙක ඇතිනිසා පරිශීලකයන්ට මෙය දැන්වීමක් බව පැහැදිලිව දැකගන්න පුලුවන්. Instagram සේවය පවසන්නෙ “non-teen, public profiles” වල පමනක් මෙම දැන්වීම් ප්‍රදර්ශනය කරන බවත් එක්සත් ජනපදයේ තෝරාගත් නිර්මාණකරුවන්ට මෙම දැන්වීම්වලින් මුදල් ඉපැයීමට ඉඩ දීමේ වැඩසටහනක් දියත් කරන බවත්ය.

මීට අමතරව Meta සමාගම Facebook මත පලකරන Reels සදහා මුදල් ගෙවීමට අදහස් කරන බව වාර්තා වෙනව. Meta පවසන්නේ පරිශීලකයින්ට දැන්වීම මඟ හැරිය හැකි බවත්, ඔවුන් එසේ කළ පසු (හෝ දැන්වීම අවසන් වූ විට) Reel නැවත පෙන්වන්නට පටන් ගන්නා බවත්ය.

පසුගිය කාර්තුවේදි පලමු වරට Meta සමාගමේ අදායම පහත බැස තිබුන අතර එම සමාගම මුදල් ඉපයීමට තවත් මාර්ග සොයමින් සිටින බවට සැකයක් නැත. Meta සමාගම  Facebook, Instagram, සහ WhatsApp සදහා premium features සහිත ගෙවීමක් කර ලබාගත හැකි ගුණාංග සහිත සංස්කරණයක් හදුන්වා දීමට සූදානම් වන බවත් වාර්තා වෙනව.

Share
Written by
Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

1 Comment

Leave a Reply

Related Articles

මොකක්ද මේ Reddit Search Engine කියන්නෙ?

Reddit වෙතින් ඔන්න දැන් ඔවුන්ගේම Search Engine එකක් හදුන්වා දෙන්නයි සූදානම් වෙන්නෙ....

Twitter වෙනුවට option එක Bluesky

ට්විටර් මයික්‍රොබ්ලොගිං සේවයේ අයිතිය මෙන්ම ප්‍රතිපත්තිද වෙනස්වී එය එක්ස් මයික්‍රොබ්ලොගිං සේවය වශයෙන්...

WhatsApp වලට අලුතින් එකතු වුනු Messages Pin කිරීමේ විශේෂාංගය

WhatsApp වෙතින් දිගින් දිගටම අලුත් විශේෂාංග හදුන්වා දෙනව. මේ ආකාරයට පසුගිය ඔක්තෝම්බර්...

X වෙතින් දැන් ඕඩියෝ වීඩියෝ ලබාගැනීමේ පහසුකම ලබාදේ

X එනම් පෙර සදහන් කල පරිදි Twitter සමාගම ඕඩියෝ වීඩියෝ කෝල් ගැනීමේ...